අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජීවමානව සිටි ලෝක පාපන්දු පුරාවෘතය පේලේ දිවි සැරියෙන් සමු ගනී….

by editor
දෙසැම්බර් 30, 2022
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ජීවමාන පාපන්දු පුරාවෘතය ලෙස ලෝක බහුමානයට පත් වූ බ්‍රසිලයේ ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩක පේලේ දිවි සැරියෙන් සමුගත්තේය.

පිළිකා තත්ත්වයක් හේතුවෙන් කලෙක සිට ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු මිය යනවිට 82 හැවිරිදි වියේ පසුවූයේය.
පේලේ සිය නම ඉදිරියෙන් ලෝක වාර්තා ගණනාවක් සටහන් කරගෙන සිටි අසිරිමත් ක්‍රීඩකයෙකි.

තරඟ 92 කදී ගෝල 77 ක් ලබා බ්‍රසීලයේ සර්වකාලීන වැඩිම ගෝල ලාභියා වූයේ පේලේය. ඔහු 1958 දී 17 හැවිරිදි වියේ පසුවෙමින් සිය මුල්ම ලෝක කුසලානය බ්‍රසීලයට රැගෙන ඒමට සමත් වූ කණ්ඩායමේ ජයග්‍රාහී නියමුවා වූයේය. ලෝක කුසලාන තරගාවලියක ගෝලයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා වූයේ ඔහුය.

සත්කාරක ස්වීඩනය පරාජය කිරීමට අවසන් මහා තරගයේදී ගෝල දෙකක් වාර්තා කිරීමට පේලේ සමත් වීමත් සමග ඔහු පාපන්දු ක්‍රීඩාවේ සලකුණක් බවට පත් වූයේය.

පේලේ බ්‍රසීලයේ සාඕ පව්ලෝ හි දුප්පත් පවුලක Edson Arantes do Nascimento ලෙස උපත ලැබීය. ඔහු වර්ෂ 1958, 1962 සහ 1970 වසරවල බ්‍රසීලය සමඟ ලෝක කුසලාන දිනා ගත්තේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සමස්තයක් වශයෙන්, පේලේ ලෝක කුසලාන තරග 14 කදී ගෝල 12 ක් රැස් කරගෙන තිබිණි.
ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ තමන් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ සහ රට වෙනුවෙන් තරඟ 1363 කදී ගෝල 1,281 ක් රැස් කර තිබිණි.

ඔහු වර්ෂ 1977 දී පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය.

විශ්‍රාම ගැනීමෙන් පසු පේලේ පාපන්දු ක්‍රීඩාවේ තානාපතිවරයකු ලෙස කටයුතු කළේය. 2013 දී, ඔහුගේ වෘත්තීය සහ ජයග්‍රහණ අගයමින් ඔහුට FIFA Ballon d’Or Prix d’Honneur සම්මානය පිරිනමන ලදී.

2020 දී, ඔහු Ballon d’Or Dream Team හි   දී ඔහු ලෝක පාපන්දු ක්‍රීඩාවේ සර්වකාලීන විශිෂ්ටතම ක්‍රීඩකයෙක් ලෙස නම් කෙරිනි.

1958 බ්‍රසීල ස්වීඩ්න් ෆිෆා ලෝක කුසලාන අවසන් මහා තරගය…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අගමැති – විපක්ෂනායක කඹ ඇදිල්ලක.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත් කරගැනීම යළිත් කල් යයි!

Next Post

ෂාෆ්ටර් ඝාතනය – සිද්ධිය වූ අවස්ථාවේ වාහනය ලඟ සිට පලාගිය කෙට්ටු උස පුද්ගලයා හඳුනා ගැනීමට පරීක්ෂණ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.