බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවියට සමුදෙයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 68 වැනි වියේ  පසුවූ සුනිල් පෙරේරා මහතා පසුගිය දිනවලදී කොවිඩ් වෛරස ආසාදනය වී සුවය ලබා නිවස පැමිණ සිටියදි යළි අසනීප වී රෝහල් ගත කෙරුණි.

මීර පෙර කොවිඩ්-19 රෝගය ආසාදනය වීමෙන් රෝහල්ගත ව ප්‍රතිකාර ලද සුනිල් පෙරේරා සුවය ලබා නැවත නිවෙසට ගොස් සාමාන්‍ය සුවයෙන් පසු වී සිටියදී සැප්තැම්බර් 5 වන දින රාත්‍රියේදී, දැඩි කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් නැවත කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරු ව සැප්තැම්බර් 6 වන දින අලුයම අභාවප්‍රාප්ත වූ බව සුනිල් පෙරේරාගේ පුත් සජිත් “ලංකාසර” ට කීවේ ය.

සිය සොයුරු පියල් පෙරේරා සමඟ ජිප්සීස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙසින් වර්ෂ 1972 දී ‘ළිඳ ළඟ සංගමය’ ගීතය එළි දක්වමින් අතිශ්‍ය ජනප්‍රසාදයක් ලැබී ය. සුනිල් පෙරේරා ගේ තනි ගායනයක් ලෙස පළමුව එළි දැක්වුණේ ‘අම්මා අම්මා මේ මට..’ ගීතය යි. අනෙකුත් සහෝදරයින් සංගීත කණ්ඩායම අතහැර ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වෙද්දී සුනිල් පෙරේරා සිය සොයුරු පියල් පෙරේරා සමග ජිප්සීස් සංගීත කණ්ඩායම ඉදිරියට ඔසවා තැබී ය.

1980 දී ජිප්සීස් කුරුමිට්ටෝ ගීතය සමඟ පළමු කැසට් පටය නිකුත් කළ අතර ජිප්සීස් විසින් ගායනය කරන ලද අනෙකුත් ගීත අතර නෝනේ මගේ සුදු නෝනේ, ලූණු දෙහි, ඔයේ ඕජේ, පිටි කොටපන් නෝනේ, සිග්නෝර්, කොත්තමල්ලි යනාදී ගීත අතිශයින් ජනප්‍රිය විය. දියවන්නාවේ ගීතය ගායනා කළේ ජය ශ්‍රී අමාතිතුමා චිත්‍රපටය සඳහා ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සුනිල්ගේ මෑතකාලීන නිර්මාණ හා ඉදිරිපත් කිරීම් තුළින් සමාජ දේශපාලනික ගැටලු විවේචනය කෙරුණු අතර රජය විවේචනය කිරීම හේතුවෙන් ඔහුගේ ගීත කිහිපයක්ම රජයේ මාධ්‍ය මඟින් තහනම් කර තිබිණි.
සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔහු වසර ගණනාවක් පුරා රජයට බදු ගෙවමින් සිට ඇත.

මොරටුව ශාන්ත සෙබස්තියන් කොළඹ ශාන්ත පීතර කොළඹ විද්‍යාලවල ආදි ශිෂ්‍යයකු වූ සුනිල් පෙරේරා, ගීතා කුලතුංග සමග විවාහ වීමෙන් සජිත්, ගයාන්, රෙහානා සහ මනීෂා යන දරුවන් පියාණන් විය.

තවත් බොහෝ කලක් සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණ කටයුතු කරන්නට ඉඩ තිබියදීත් අවාසනාවන්ත ලෙස අප අතරින් වියෝ වූ සුනිල් පෙරේරා නම් සහෘද කලාකරුවානන්ට “ලංකාසර” සාතිශය සංවේගය පල කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවට අවශ්‍ය සතර වරම් රැකවරණයක් ගැන රනිල් කතාකරයි

Next Post

කොවිඩ් නිසා මිය ගිය ගැබිනි මවුවරු 35ම එන්නත් අරන් නෑ…  

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.