එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 48 වැනි සැසිවාරය හෙට දිනයේ ආරම්භ වීමට නියමිත අතර ආරම්භක දිනයේම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබදව එම කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ විසින් වාචික ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. පසුගිය පෙරවාරි මාසයේ පැවති මානව හිමිකම් සැසිවාරයේදී හ්‍රි ලංකාවට එරෙහිව සම්මත වුණු මානව හිමිකම් යොජනාවලියට අනුකූලව හ්‍රි ලංකාව පසුගිය කාලය තුළ ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳව ප්‍රගතිය හෝ දුර්වලතා මෙම ප්‍රකාශයේදී ඇය විසින් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රි ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ යාවත්කාලීන බව පිළිබඳව ප්‍රකාශ කරමින් ඇය මීට පෙර පෙබරවාරි 21 දා සිය වාර්තාවෙන් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ලද නිගමන තහවුරු කිරීමට බලාලොරොත්තු වන බවයි. මාර්තු සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තත්ත්වය ලිහිල් වෙමින් පවතින බව තවදුරටත් තහවුරු ඇය තහවුරු කිරීමට බලාපොරොත්තු වනබවද රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන් එම කාලය තුළ සිදුවූ පොලිස් අත්අඩංගුවේදී වාර්තා වන මරණ සැලකිය යුතු ලෙස ඉහළ යාම ගැන ඇය දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකීම් දැරීම කිසිදු ප්‍රගතියක් ශ්‍රි ලංකාව විසින් දක්වා නැති බවටද මෙම ප්‍රකාශයේදී ඇය කණස්සල්ල පළ කිරීමට නියමිත බව වාර්තා වෙයි
2021 මාර්තු 23 දින සම්මත කරන ලද 46/1 මානව හිමිකම් යෝජනාවලිය මඟින් නියම කරන ලද ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලෙන නව විශේෂඥ කණ්ඩායමක් ආරම්භ කිරීම පිළිබඳව මහකොමසාරිස්වරිය විසින් නිවේදනය කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් බලගතු නව වගවීමේ ක්‍රියාවලියක් එකතු කර ගැනීමට හැකි වනු ඇතැයි ජිනිවා ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වුවද හ්‍රි ලංකාවද මේ වනවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සාමාජිකත්වය දරන රටවල් සෑම එකකම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හ්‍රි ලංකාවේ වකවීමේ ක්‍රියාවලිය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව පිටු 14කින් යුතු වාර්තාවක් යවා ඇති අතර එමගින් සාමාජික රටවල් දැනුවත් කිරීමට විදේශ අමාත්‍යංශය කටයුතු කර ඇත.
මෙවර සැසිවාරයද අන්තර්ජාලය ඔස්සේ පැවත්වීමට කටයුතු යොදා ඇත