අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් මහා තරගයට…

by editor
දෙසැම්බර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ක්‍රිකට් ක්‍රීඩාව පිතිකරුවන්ගේ පමණක් නොව පන්දු යවන්නන්ගේ ද ක්‍රීඩාවක් බව කදිමට ඔප්පු කර පෙන්වූ වනිඳු හසරංග ප්‍රමුඛ ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ ඊයේ රාත්‍රී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති එල්.පී.එල්. දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දඹුල්ල වයිකිං කණ්ඩායමට එරෙහිව ලකුණු 37ක ජයක් අත්කර දුන්හ. 

ජැෆ්නා කණ්ඩායම ලබා දුන් ලකුණු 166ක ඉලක්කය වෙත යමින් සිටි දසුන් ශානකගේ දඹුල්ල කණ්ඩායම ලකුණු 128කට සීමා කරමින් සිය කණ්ඩායමට අවසන් මහා තරගයේ දොරටු විවර කර දීමට වැදගත්ම සාධකය වූයේ දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවිමය. එල්.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන වනිඳු හසරංග ඊයේ සිය ඕවර 4දි ලකුණු 15ක් පමණක් ලබා දී කඩුලු 3ක් දවාගත්තේ නොඉඳුල් ඕවරයක් ද යවමිනි.

ඕවර 10ක් නිමාවනවිට දඹුල්ල කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 68ක් ලබා සිටි අතර ඒ වනවිට පිටියේ රැඳී සිටි දඹුල්ල කණ්ඩායමේ ප්‍රවීන පිතිකරු උපුල් තරංග සමග නායක දසුන් ශානක එක්වීම තර්ජනයක් වන බව කල්තියාම හඳුනාගත් ජැෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරේරා 11 වැනි ඕවරය යැවීමට පන්දුව බාර කළේ වනිඳු හසරංගටය. සිය නායකයාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කළ ඔහු එම ඕවරයේදී දසුන් ශානක ඇතුළුව කඩුලු 2ක්ම දවා ලමින් තරගයේ පාලනය සියතට ගත්තේය. 

ඔහුගේ දෙවැනි පන්දුවෙන් දසුන් ශානක දුවද්දී දැවි ගියේ උස්මාන් ශින්වාරි අතිවිශිෂ්ට ලෙස පන්දුව කෙළින්ම කඩුල්ලට දමා ගැසීමෙනි. අනතුරුව අවසන් පන්දුවේදී සමියුල්ලා ශින්වාරි කඩුල්ල මුවා කරගැනීමට හසුකරගත් වනිඳු එම ඕවරයේදී ලබා දුන්නේ ලකුණු 5ක් පමණි. 

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

අනපේක්ෂිත පසුබෑමකට ලක්වීමෙන් පසු දඹුල්ල කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ට නැවත හිස එසැවීමට ජැෆ්නා පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ. අනතුරුව 15 වැනි ඕවරය යැවූ වනිඳු එම ඕවරයේදිත් තවත් කඩුලු 2ක් බිඳ දැමුවේ දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන් අන්ත අසරණ තත්ත්වයට ඇද දමමිනි. එම ඕවරයේ3 වැනි පන්දුවට  අන්වර් අලි ද දුවද්දි දැවීයාමට හසුවූයේ නැවත වතාවක් උස්මාන් ශින්වාරි අතිවිශිෂ්ට ලෙස පන්දුව කඩුල්ලට දමා ගැසීමෙනි. අවසන් පන්දුවේදී ඔහු උපුල් තරංග  දවාලීම නිසා ඕවර 15ක් අවසානයේ දඹුල්ල කණ්ඩායම ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 96ක් පමණි. ඊයේ ඉතා මන්දගාමී පිතිහරඹයක නිරතවූ උපුල් තරංග ලකුණු 33ක් රැස් කළත් ඒ සඳහා පන්දු 39ක් වැය කළේ කිසිදු ලකුණකින් තොරව පන්දු 16ක්ම අපතේ හරිමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් වූවත් ඉන් වාසියක් නොලැබුණේ නියමිත ඉලක්කය ඉතා ඉහළ යාම නිසාය.

ඉනිමේ 17 වැනි ඕවරය ලෙස තම අවසන් ඕවරය (සිවුවැනි) යැවීමට පැමිණ  පළමු පන්දුවෙන් මලින්ද පුෂ්පකුමාර දවාගත් වනිඳු එම ඕවරයේදී කිසිදු ලකුණක් ලබා නොදුන් අතර ඕවර 4 නිමා කරද්දී දඹුල්ල කණ්ඩායමේ ඉලක්කය ඕවර 3කදි ලකුණු 58ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඉතිරිව තිබුණේ කඩුලු 2ක් පමණි.

ඊළඟ ඕවරයේදි දඹුල්ල කණ්ඩායමේ 9 වැනි කඩුල්ලත් බිඳ වැටුණු අතර අවසන් ඕවරයේදී ඉලක්කය ලකුණු 38ක් විය. චතුරංග ද සිල්වා යැවූ එම ඕවරයේ පළමු පන්දුවෙන් කසුන් රාජිතගේ කඩුල්ල බිඳ වැටුණේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අවසන් මහා තරගයේ සුදුසුකම් ලබා දෙමිනි.

කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය අවිශ්ක ප්‍රනාන්දු සහ ජොන්සන් චාල්ස් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර 9 වැනි ඕවරය වනවිට ලකුණු සංඛ්‍යාව 68 දක්වා ඉහළ දැමූහ.

පන්දු 26කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 39ක් ලබා සිටි අවිශ්කගේ ඉනිම නැවැත්වීමට අන්වර් අලී සමත්විය. ළහිරු කුමාර යැවූ ඉනිමේ පළමු ඕවරයේදී කිසිදු ලකුණක් ලැබීමට පෙර දුන් උඩපන්දුව කසුන් රාජිත අතහැරීම නිසා කඩුල්ල බේරාගත් ජොන්සන් චාල්ස් පන්දු යවන්නන් හඹා යමින් ජැෆ්නා ඉනිම ගොඩ නැගුවේ පන්දු 56කදී ලකුණු 76ක්ම රැස් කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහරක් එක්විය. සෙසු පිතිකරුවන්ගෙන් ඔහුට සහයක් ලැබුණා නම් ජැෆ්නා ඉනිම ලකුණු 200න් ඔබ්බට යෑමේ අවස්ථාවක් ද පෙනෙන්නට තිබිණි. වෙනදාට පන්දු යවන්නන් එළව එළවා පහර දෙන නායක තිසර පෙරේරා ලකුණු 7කට දැවී යාම දඹුල්ල කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් විය. ජැෆ්නා කණ්ඩායමේ අවසන් කඩුලු 4ම බිඳ වැටුණේ දුවද්දී දැවීයාමට හසුවීමෙනි. දඹුල්ල කණ්ඩායමේ පන්දු රැකීම ඉහළ තලයක පැවැතී අතර කැපී පෙනෙන පන්දු රැකීමක නිරතවූ අන්වර් අලි උඩපන්දු 3ක්ම ඩැහැ ගැනීමට සමත්විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැස්සෙන් පසු කිලිනොච්චි ගවයන් අතර අමුතු වසංගතයක්

Next Post

වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවතට

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.