දිනසේන රතුගමගේ
වර්ෂාව අවසන් වීමෙන් පසුව කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක් පුරා ගවයින්ට මෙතෙක් හදුනාගෙන නොමැති වෛරස් රෝගයක් පැතිර යමින් පවතී.
මේ වන විට කිළිනොච්චියේ විවිධ පළාත් වලින් මේ අමුතු මාදිලියේ වෛරස් රෝගය වැළදුණු ගවයින් 45 ක් පමණ හමු වී ඇති අතර ඔවුන්ගේ ශරීරයේ ගැටිති මෙන් විසර ගෙඩි රැසක් ඇතිවීම මේ රෝගයේ මූලික ලක්ෂණය වී තිබේ.
කිළිනොච්චියේ ගොවීන් පවසන්නේ ගවයින්ට මේ රෝගය වැළදුණු පසුව ඔවුන් ආහාර නොගෙන වැතිරී සිටින බවයි.
මේ හේතුව නිසා ගවයින් ඉතා දුර්වල තත්ත්වයකට පත්වන බවද ඔවුන් කියා සිටියි.
මෙවැනි ගව රෝගයක් මීට පෙර දැක නොමැති බවත් කිළිනොච්චියේ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ ගවයින්ට ප්‍රතිකාර කරණ නමුත් රෝගය මර්දනය නොවන බවත් කිළිනොච්චියේ ගොවින් කියා සිටියි.
මේ රෝගයට සමාන වෛරස් රෝගයක් 1988 දී අප්‍රිකාවෙන් හා 2019 දී ඉන්දියාවෙන් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර එම රෝගයෙන් ගවයින් විශාල සංඛ්‍යාවක් මියයාමෙන් පසුව එම රටවල් දෙකම ගව මස් පාරිභෝජනය තහනම් කොට තිබුණි.