අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික සම්පතක් වූ හඳපාන් විල්ලුවෙන් අක්කර 100ක් හිටපු හමුදා ප්‍රධානියෙක් ඇතුළු ප්‍රභූන් කිප දෙනෙකුට දෙන්න යනවා… ඒ අපරාධ කරන්න එපා… ජල ගැලීම් ජාතික වනෝද්‍යානය සුරැකීමේ සංවිධානය රජයෙන් ඉල්ලයි!

by editor
මාර්තු 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ආසියාවේ විශාලතම විල්ලු පද්ධතියක්  ලෙස සැලකෙන පොළොන්නරුව  හදපාන්විල විල්ලූ ආශ්‍රිතව අක්කර සීයකින් යුත් භූමි ප්‍රමාණයක්, ප්‍රභූන් සිව් දෙනකුට ලබාදීමට සැලසුම් සකස් කරමින් සිටින බව ජල ගැලීම් ජාතික වනෝද්‍යානය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

විල්ලුවේ දිය දහර

මීට පෙර අවස්ථා තුනකදී එම ප්‍රදේශයේ අක්කර සියයකින් යුතු එම භූමිය දේශපාලඥයින් කීපදෙනෙකුට සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් කීපදෙනෙකුට ලබාදීමට සැලසුම් කර තිබියදී පරිසර සංවිධාන සහ ජනතා විරෝධය හමුවේ එය නතර කළ බව  ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යයන සුරැකීමේ සංවිධානයේ සභාපති ටී. තීපන්   සඳහන් කළේය.

2019 වර්ෂයේ ද මෙම ඉඩම්  කොල්ලයට දේශපාලනඥයන් කිහිපදෙනෙකු සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් ක්‍රියාකළ අතර එවකට, හිටපු  වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම පොළොන්නරු කලාප භාර සිටි වනජීවී සහකාර අධ්‍යක්ෂ, ඩබ්ලිව්.ඩී.එම්.ජේ.වික්‍රමසිංහ  එහි ඇති වටිනාකම පෙන්වා දීමෙන් පසු භූමි ප්‍රමාණය රැකගැනීමට හැකියාව ලැබුණි.

ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ  ප්‍රේරක කලාපයටත්, ආසියාවේ විශාලත විල්ලු පද්ධතියක් ලෙස සැලකෙන අධි සංවේදී පරිසර කලාපයකින් යුක්ත මෙම භූමිය ලබාදීමට වනජීවී අඩවි සහකාරවරුන් මෙන්ම පරිසර සංවිධාන සහ ජනතාව විරෝධය දක්වන අවස්ථාවේදී, එම ඉඩම ලබා ගැනීමට සූදානමින් සිටින උසස් හමුදා නිලධාරියා සමග වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා පසුගිය පෙබරවාරි 27 වෙනිදා එම විල්ලු පද්ධතියේ නිරීක්ෂණය චාරිකාවට සම්බන්ධ වු බව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ ගැලවීම ජාතික වනෝද්‍යාන සුරැකීමේ සංවිධානයේ සභාපති ටී. දීපන්   කීවේය.

විල්ලුව ආශ්‍රිත හඳපාන්විලෙන් ජිවත්වන ප්‍රජාව..

මෙම විල්ලු පද්ධතියේ අක්කර සීයකින් යුත් භූමි ප්‍රමාණය ලබාදීමට හිටපු වනජීවී ඇමැතිවරුන් වන සරත් ෆොන්සේකා,   පාලිත තෙවරප්පෙරුම   ඇතුළු වනජීවි නිලධාරින් පිරිසක් පැමිණි අවස්ථාවේදී පරිසර සංවිධාන සහ ජනතා විරෝධය හමුවේ හදපාන්විල විල්ලුවේ ඉඩම් බෙදාදීමද නතර විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ  ප්‍රේරක කලාපය මෙන්ම ආසියාවේ විශාලම විල්ලූවක අක්කර සියයකින් යුත් භූමි ප්‍රමාණයක් ලබාදීමට ක්‍රියා කළහොත් එම ප්‍රදේශයේ සැරිසරන විල් අලියා මෙන්ම, වන අලින් වන බරපතල අර්බුදයකට පත් වන බවත් ඒ තත්ත්වය තුළ   අලි මිනිස් ගැටුම තවදුරටත් උග්‍රවනු ඇති බවත්    පරිසර සංවිධාන පෙන්වා දෙයි.

විල්ලු භූමිය ආශ්‍රිත නොකියැවූ ඉතිහාස කතාවක් ද සැඟවී තිබේ.

දැවැන්ත ජාතික අපරාධයක් කරමින්   අක්කර සීයක භූමියක් ප්‍රභූන් කීපදෙනෙකුට ලබාදීමේ කුමන්ත්‍රණය පිළිබඳ අප පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එල්.පී. එදිරිසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු මෙසේ පැවසීය.

“තාම හරියටම කියන්න දන්නෑ, ඒක වනජීවි ඉඩමක් නෙමෙයි නමුත් ඉල්ලීම් කරලා තියෙනවා.ඒක ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක්.”

අප මෙම විල්ලු පද්ධතියේ ඉඩම් ලබාදීම පිළිබඳ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු  මෙසේ කීය.

“ඒක අපිට අයිති නෑ. ඔය පැත්තේ වනජීවි එකෙන් අපිට අයිති කොටසක අලි වැටක් ගහලා තියෙනවා, පහුගිය දවසක සාකච්ඡාවක් කළාට පස්සේ වනජීවියෙන් අපි ඉල්ලීමක් කරා අපිට අයිති ඉඩම් ටික දෙන්න කියලා. ඊට පස්සේ වනජීවි එකෙන්  නිර්දේශ දුන්නා අපිට ඒ ඉඩම් දෙන්න කියලා. එහෙම නැතුව ඉඩම් බෙදා දීමක් සිදුවන්නේ නෑ.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරු එළිය අනවශ්‍ය ලෙස මගහැරීමෙන් විටමින් ඩී ඌනතාවයක් ඇතිවිය හැකියි… විශේෂඥ වෛද්‍යවරු කියති!

Next Post

හංවැල්ලේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 02ක් බරපතල තත්ත්වයෙන් රෝහලේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.