අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතක කතා ශ්‍රවණ පුස්තකයේ දෙවන වෙළුම එළි දැක්වේ

by Lankasara News
දෙසැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සංඝමිත්තා තෙරණිය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කිරීම අනුස්මරණය කරමින්, සිංහල ජාතක කතා ශ්‍රවණ පුස්තකයේ දෙවන වෙළුම 2022 දෙසැම්බර් 2 වන දින ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී (SVCC) එළි දක්වන ලදී. මෙම ශ්‍රවණ පුස්තකයට “යහ ඔවදන්” යන තේමාව යටතේ තෝරාගත් ජාතක කතා 50ක් ඇතුළත් වේ. මෙම ග්‍රන්ථය විශේෂයෙන්ම දෘෂ්‍යාබාධිත ප්‍රජාව ඇතුළු ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව වෙනුවෙන් සැකසුණු ග්‍රන්ථයකි. මෙහි පළමු වෙළුම 2022 ජූනි 14 වන දින ඉන්දියා – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා හි 75 වන සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර රැවන්වැලි මහා සෑ බිමේදී එළි දක්වන ලදී.

2.අති පූජ්‍ය මහා සංඝරත්නය, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ රත්මලාන අන්ධ සහ බිහිරි විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සමකාලීන ඉන්දියානු අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය (CCIS) ඇතුළු විවිධ සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජිතයන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

3.SVCC සහ කොළඹ විශ්ව විද්‍යාලයේ CCIS අතර ඒකාබද්ධ ප්‍රයත්නයක් වන ජාතක කතා ශ්‍රවණ පුස්තක ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලද්දේ අති පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් විසිනි. කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ, ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ සහ ජනප්‍රිය රූපවාහිනී සහ ‍ගුවන් විදුලි නි‍වේදිකාවක් වන වත්සලා සමරකෝන් යන මහත්ම මහත්මීහු ද මේ සඳහා දායකත්වය ලබා දුන්හ.

4.මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා බුදු දහම සහ බෞද්ධ උරුමය පිළිබඳ පැවති ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනෙන් ජයග්‍රහණය කර ඉන්දියාවේ විවිධ නගරවල ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයන්හි සංචාරයක නිරතව දිවයිනට පැමිණි ජයග්‍රාහකයන් සමඟ සුහද පිළිසඳරක නිරත විය. ජයග්‍රාහකයෝ ඔවුන්ගේ ඉන්දීය සංචාරය අතරතුර දැක්වූ ආදරය සහ කරුණාවට ඉන්දීය රජයට සහ ජනතාවට කෘතවේදිත්වය පළ කළහ. මහ කොමසාරිස් කාර්යාලය සහ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද මෙම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා පිරිවෙන් ශිෂ්‍යයන් 6000ක් පමණ සහභාගී වූහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

5.මෙම අවස්ථාවේ අදහස් දක්වමින්, මහ කොමසාරිස්තුමා ශ්‍රවණ පුස්තකය ඉන්දියාවේ ජනතාව විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දුන් ධර්ම දානයක් බව පැවසීය. ජාතක කතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් අතර වසර දෙදහසකට වඩා ඉපැරණි සමීප සබඳතා නිරූපණය කරන බව ද ඉන්දියාවෙන් බුදු දහම උරුම වූ පළමු රටවල් කිහිපය අතරින් එකක් වන ශ්‍රී ලංකාවට මේ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි වන බව ද එතුමා පෙන්වා දුන්නේය. රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ශ්‍රී ලංකාවේ පිරිවෙන් සහ ධර්ම අධ්‍යාපනය සඳහා ඉන්දියාව ලබාදෙන සහයෝගයට සිය ස්තුතිය පළ කළේය.

6.බුදු දහම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව එකට එක් කරන ප්‍රධාන කුළුණක් වේ. ඉන්දියානු රජය දෙරට අතර බොදු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ලබා දී ඇත. 2021 වප් පුන් පොහෝ දින පූජනීය කුසිනාරාවට පළමු ජාත්‍යන්තර ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටත් වීම සහ වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා ඉන්දියාවේ නගර රැසක ප්‍රදර්ශනය කිරීම යනාදිය ද මෑත කාලයේදී දෙරට අතර බොදු සබඳතා හි සුවිශේෂී සන්ධිස්ථාන ‍වේ.

Share69Tweet43
Previous Post

පුහුණුවක් අතර තුර හදිසි අනතුරකින් ආධුනික යුද හමුදා සෙබලෙක් මිය යයි!

Next Post

මහනුවර පොලිස් ලොක්කාගේ ස්පා 02 ගැන තොරතුරු එළියට… කාන්තාවන් 15ක් වැඩ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.