ජර්මනියේ නිෂ්පාදිත නවීන Arminus 38 වර්ගයේ රිවෝල්වරයක් ළඟ තබාගෙන සිටි “දෙයියන්දර සුමියා” නැමැති පාතාලය සාමාජිකයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් III නිලධාරීන්ට ලද තොරතුරක් මත මාතර දෙයියන්දර ප්රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දෙයියන්දර ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු අතට මෙම අවිය පත්වූයේ කෙසේද එම අවිය කිසියම් අපරාධයක් සඳහා භාවිත කර තිබේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහුව පොලිසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.







