බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයවර්ධනපුර වකුගඩු මාෆියා දොස්තර ගැන සෞඛ්‍ය ලේකම්වරයා දැඩි තීන්දුවක… ඒත් දොස්තර තවම ගේමේ…

by editor
සැප්තැම්බර් 8, 2024
in පුවත්
කුමුදුනී....

කුමුදුනී....

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ-

  • දොස්තරගේ කුපාඩිකම ගැන විමර්ශනය කරන නිලධාරියාට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දාලා… විමර්ශන නිලධාරියාට විමර්ශන කටයුතු පැත්තක තබා පොලිසි යන්න වෙලා …

වකුගඩු බද්ධයක් සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ බී.ජී.එන් කුමුදුනීගේ වකුගඩු දෙකම ගලවා ඉවත් කර වකුගඩුවක් බද්ධ නොකිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල රෝහල් පරිපාලනය දැනුම් දුන් බව ලංකාසර කළ විමසුමකදී ලේකම්වරයා පැවසුවේය.

රෝහල මගින් සිදුකරන ප්‍රාථමික පරික්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් මගින් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට කටයුතු කර වරදකරුවන්ට සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසුවේය.

සත්‍ය වශයෙන්ම මෙවැනි සිදුවිම් කිසිදු රෝහලක් තුළ සිදු නොවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදුවිය යුතු බවත් ලේකම්වරයා සඳහන් කරයි.

කුමුදුනී….

මෙවැනි සිදුවීම් රෝහල් පරිපාලනය බැලිය යුතු බවත් එම රෝහල පාලනය කිරීම සඳහා වෙනමම අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටින බවත් පෙන්වා දෙන ලේකම්වරයා මෙවැනි වැරදි සිදු නොවිය යුතු බවත් අවධාරණය කර සිටියි.

මෙම කාන්තාවට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය වහාම විසඳුමක් ලබා දිය යුතු බවද තමා රෝහල් පරිපාලනයට අවධාරණයෙන් පවසා ඇති බවද වෛද්‍ය මහීපාල පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකාසර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාසගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාල සිදුවීම් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය සංගමයට ලිඛිත පැමිණිල්ලක් කරන්නේ නම් එදා සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ හැකි බවයි.

මෙම විශේෂඥ වෛද්‍යවරයා සංගමයේ සාමාජිකයෙකු බවත් පරික්ෂණය ආරම්භ කිරීමෙන් පසු ඔහු වරදකරුවෙක් බව හෙලි වුවහොත්  ඒ සම්බන්ධව මධ්‍යම කාරක සභාවට දන්වා සුදුසුම පියවර ගන්නා බවත්  පැවසුවේය.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදුකරන පරික්ෂණයන් වලදී වෛද්‍යවරයා වරදකරුවෙකු වී ඔහුගේ සේවය අත්හිටුවීමක් සිදුකළහොත් සංගමයේද සාමාජිකත්වය ඉබේම අහෝසි වන බවද වෛද්‍ය සුගතදාස පැවසුවේය.

අප මේ සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහලේන් විමසු කළ රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ අදාල විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වන විටත් අභ්‍යන්තර විනය පරික්ෂණයක් ආරම්බ කර ඇති බවය.

කෙසේ නමුත් විශේෂඥ වෛද්‍යවරයා රෝගී සත්කාර සේවාවන් නතර කර ඇති බැවින් මේ වන විට වකුගඩු රෝගින් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්වා ඇති බව ද හෙතෙම පැවසුවේය.

මේ වන විට එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනය සිදුකරණ නිලධාරියාට විරුද්ධව ඔහු පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති බවත් විගණන නිලධාරියාට පරික්ෂණය පවත්වනවාට වඩා පොලිසියට කටඋත්තර ලබා දීමට යාමට සිදුවඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරගේ කියපු දේ ජාතිවාදී ප්‍රකාශයක් ලෙස සලකන්න එපා… ඔහු එහෙම කෙනෙක් නෙමෙයි… සුමන්තිරන් ජනපතිගේ කතාවට උත්තර දෙයි!

Next Post

අපි දිනයි ද?

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.