බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජන වරමක් නැති මේ පාර්ලිමේන්තුව තුළ හිඳිමින් ජනතා සාපයට මගේ දරුවනුත් ලක් කළ යුතු නෑ… සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙමින් කළ ප්‍රකාශය –

by editor
ජනවාරි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ ජනවරමක් නැති පාර්ලිමේන්තුවේ හිඳිමින් 225ටත් ඔවුන්ගේ දරුවන්ටත් ජනතාව එල්ල කරන සාපයට ලක්වීමට වඩා ඉල්ලා අස්වීම යහපත් බව ප්‍රකාශ කළ  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද පාර්ලිමේන්තුව තුල විශේෂ ප්‍රකාශයක් කරමින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේය.

ඔහු පැහැදිලිවම ප්‍රකාශ කළේ මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ පක්ෂය තුළ ඇතිවුන ගැටලුවක් හෝ කලකිරීමක් නිසා නොව, ජනතා සාපය තමන්ගේ දරුවනුත් ලක්විය යුතු නැති බව  තමන් කල්පනා කරන නිසා බවත්, නව ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය බලපෑම පාර්ලිමේන්තුවට  සිදුකිරීමේ අභිලාෂයෙන් බවත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු කළ ප්‍රකාශය මෙසේය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවය

මේ ප්‍රකාශය කරන්න උත්සාහ දැරුවේ අයවැය විවාදයේ අවසන් දවස. 13 වැනිදා. මම ඔබතුමා ලගට ආවා. ඇවිත් මම කාලය ඉල්ලුවා. ඒ මොහොතේ මම මේ ප්‍රකාශය කළා නම් පක්ෂ ද්‍රෝහියෙක් බවට පත් වෙනවා.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

කාලය අරන් අද දිනය මේ ප්‍රකාශ කරන්න  හැදුවෙ. 9 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරලා දැන් මම අවුරුදු 08ක කාලයක්. මම හිතනවා මගේ දේශපාලනයේ දි මට ඡන්දය ලබාදුන් ජනතාව වෙනුවෙන් උපරිමය සිද්ධ කළා කියන කාරණාව.

නමුත් ගරු කතානායක තුමනි මම අවස්ථා ගණනාවක දි මා පුද්ගලිකව මුහුණ දුන්න සමහර කාරණා ගැන ඔබතුමත් දන්නවා. ඔබතුමා දන්නවා මම 11, 12 වෙනකොට මේ සභාවේ නෑ. උදේ මම එනවා මේ සභාවට. ඇවිත් ප්‍රශ්න අහනවා. තුන්දෙනෙක්  ඉන්නවා දරුවො. දෙන්නෙක් පෙර පාසල් යනවා. ඒ පෙර පාසල් දරුවො ගේන්නත් පාසලට දාන්නත් මම ඇබ්බැහි වෙලා තියනවා.

මම දන්නේ නෑ ඒක මට යන්න වෙලා තියනවා. ඒ නිසා මේ සමාජයේ වෙන බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ජනතා නියෝජිතයෙක් හැටියට. මේ 225 පිළිබඳව ජනතාව අතර මහ විශාල විදිහේ එපා වීමක් රටේ සමාජය තුළ තිබෙනවා.

පහුගිය දිනක දියවන්නාවේ කිඹුලෙක් ගොඩගසා තිබුණා. විශාල ජන සංඛ්‍යාවක් එකතුවෙලා හිටියා. මම දන්නෙ නැතිව මමත් එතනට ගිහින් එබිකම් කළා. ජනතාව එතන හිටිය කිඹුලාට කියන්නේ 225ම කාපන් කියලා. මමත් ඒක අහගෙන හිටියා.

මම 2006 ප්‍රාදේශීය සභාවට ඇවිත් නගරසභාවට ඇවිත්, පලාත් සභාවට ඇවිත් පාර්ලිමේන්තුවට ආවෙ. මට අද වී 8 එකක් නෑ.  මම මේ ජන සමාජයෙන් අහන මේ ප්‍රශ්නයෙදි මගේ දරුවන්ටත් සාප කරනවා ගරු කතා නායක තුමනි.  225 දරුවන්ටත් සාප කරන තැනට පත් වෙලා තියනවා ගරු කතා නායක තුමනි. මේ ඔබේ අපේ වැරදි වෙන්න ඇති.

ඒ නිසා මේවා ඉවසගෙන දේශපාලනය තුළ තවත් ඉදිරියට යනව ද නැද්ද කියන එක බරපතලව පෞද්ගලිකව දැනිච්ච ප්‍රශ්නය නිසා ගරු ජනාධිපති තුමනි, 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉල්ලා අස්විය යුතුයි කියන ලිපිය මම ඔබතුමාට භාර දීලා තියනවා. ලේකම් තුමියටත් භාර දීලා තියනවා.

ඒක ඉතාම ගෞරවයෙන් පිළිගන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

මොකද ගරු කථානායක තුමනි, මේ පාර්ලිමේන්තුවේ නීතිය සම්ප්‍රදාය කොතෙක් පොතේ තිබුණත් ඒ සියල්ල නීතිගරුකව සම්ප්‍රදායිකව ක්‍රියාත්මක වෙන්නේ නෑ.

මේ පාර්ලිමේන්තුවේ මම කතා කරන විදහ, මම කතා කරනකොට මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැසිරෙන විදිහ පටිගත වෙනවා ගරු කතානායක තුමනි. ඒ සියලු දේ කියන්නේ මොනවද, කතා කරන්නේ මොනවද කියලා රෙකෝඩ් වෙනවා. නමුත් ඔබතුමා නීත්‍යානුකූලව කියලා තියෙන්නේ මේ මයික් එකට කතා කළොත් විතරයි හැන්සාඩ් එකට ලියන්න කියලා.

හැබැයි ගර කතානායක තුමනි එක්තරා අවස්ථාවක ලියැවිලා තියනවා අපි නොකියූ දේවල් හැන්සාඩ්වල. හැන්සාඩ්වල  ලියැවිලා තියනවා මම මේ මයික් එකට කතා නොකළ දේවල්. එතකොට කතා නායක තුමනි ඒක බරපතල කාරණයක්. මේ හැන්සාඩ් එක නීතිය ඉදිරියට ගෙනියන්න පුලුවන්.

එවැනි අවස්ථාවලදී ඒවා සමහර තැන්වල වසන් කළ කාරණා ගණනාවක් තියනවා. මේවා හරි බරපතල කාරණා. පහුගිය සතියේ අපි මුහුණ දුන්න බරපතල ප්‍රශ්න තියනවා. ඒවත් එක්ක මම හිතුවා මගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පිළිබඳව විශේෂයෙන්ම ජනතාවගේ පැත්තෙන්… විශේෂයෙන් ජනතාව හිතනවා මමත් වැරදිකාරයෙක්. නමුත් මම හෘද සාක්ෂියට එකඟව මම දන්නවා මගේ දේශපාලන හැසිරීම මොකක්ද කියලා. හැබැයි මම කැමති නෑ මගේ දරුවන්ට ශාප කරනවට මේ රටේ ජනතාව.

මේ 225 තුළ සුළුතරයක් ඉන්නවා කිසිම වැරැද්දක් වංචාවක් දූෂණයක් නොකරපු උදවිය. එයාලත් මං වගේ ඇති. මං කරන දේ ඔවුන්ට කරන්න බැරිව ඇති. හැබැයි ගරු කතානායක තුමනි, මට හිතුනා මගේ දරුවො ගැන හිතලා මේ රටේ ජනතාව කරන මේ සාපය එක පැත්තකින් මුදවා ගන්නත්, අනිත් එක විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය බිඳිලා ගිහිල්ලා. ජන වරම නෑ. ජන වරමක් නැති මේ පාර්ලිමේන්තුව තුළ නැවත ජනවරමක් ගොඩනැගිය යුතුයි කියන බලපෑම ආණ්ඩුවට කරන්න මේ සමුගැනීම තුළින් මා බලාපොරොත්තු වෙනවා.

අලුත් මැතිවරණයක් තියන්න. පාර්ලිමේන්තුවක් හදන්න ජනතාව කැමති වෙන. රටේ පුරවැසියා කැමතිවන. ඒ දේශපාලන ජයග්‍රහණයට අවශ්‍ය වැඩපිළිවෙළ හැදිය යුතුයි කියන කාරණයත් මේ මගේ තීන්දුව තුළ තිබෙන බව ප්‍රකාශ කරනවා.

අවසාන වශයෙන් ගරු කතානායක තුමනි.  ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි. ඔබතුමා නායකයෙක් ලෙස පියෙක් ලෙස පිහිට වෙලා තියනවා. මම අද සතුටු වෙනවා නායක තුමනි. අද මේ රටේ බොහෝ දෙනා දේශපාලන වශයෙන් රඟපැම් කරනවා. මේ රටේ දරුවන්ගේ පියානන්විදිහට රඟපෑවා. වඩාගත්තා. උම්මා දුන්නා. නමුත් දරුවන්ට සැලකුවේ නෑ.

නමුත් ඔබතුමා මගේ දරුවො තුන්දෙනත් එක්ක මගේ දරුවන්ටත් පියා වෙන්න පුලුවන් කියන වැඩපිළිවෙළ සමාජය තුළ පෙන්වලා තියනවා.  ඒ නිසා මට ලොකු විශ්වාසයක් තියනවා ඔබතුමා මේ රටේ දරුවො වෙනුවෙන් ආනගතය හදයි කියලා.  මම මේ තීන්දුව හුදෙක්ම ගන්නේ සමගි ජනබලවේගය තුළ තියන අඩම්තේට්ටම් නිසා නෙමෙයි. එතුමා උදේ ඉඳන් ඇවිත් මේ තීරණය ගැන කිව්වා. ඔබතුමාට, පක්ෂයට, වැඩපිළිවෙළට කිසිම කැළලක් වෙන අහිතක් වෙන වැඩපිළිවෙළක් ගන්නේ නෑ ගරු නායක තුමනි. ඔබතුමත් එක්ක මම ඉන්නවා. මගේ දේශපාලනය මම කරනවා නම් මම කරන්නේ සමගි ජන බලවේගය එක්ක. ඉන්න තැන හිටපු තැන හැමදාම හොඳට හිටියා. එතනින් මට කිසිම අසාධාරණයක් වුනේ නෑ. හෙට මම දන්නේ නෑ ජනමාධ්‍ය තුළ මොනව වෙයිද කියලා. කතානායකතුමනි ඔබතුමා දන්නාව පුවත්පත් නිවේදකයො කියන විදිහ. 225ට සාප කරන විදිහ. හෙට වෙනකොට චමින්දගේ මේ කතාව ගැන මොනවා කියයි ද දන්නේ නෑ.

නමුත් මට අවංකව සතුටක් තියනවා දරුවන්ගේ වගකීම භාරගන්න පුලුවන් නායකයෙක් ඉන්නවා. එතුමා මේ රටේ මේ දේශපාලන බලය ආරම්භ කළොත් මට හැකියාවක් තිබුනොත් මගේ දේශපාලනය ආරම්භ කරන්න මම කල්පනා කරනවා.

මම හිතනවා සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමාගේ හැමාදම වැඩපිළිවෙළ ජනතාව දැක්කේ, අර සිංදුවක් තියනවා පිට කවරෙ බලලා තීන්දු ගත්තා කියන කාරණය. එහෙම නෙමෙයි… මම කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයගේ  සම්පූර්ණ කතාව බලන්න. අපි ඒ කතාව බලලා තියනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම කරන්නේ… එතුමාට ලොකු වේදනාවක් දුකක් තියන බව මට පේනවා. ඔබතුමා කියලද කොහෙද. මම ලඟට ඇවිත් කිව්වා. මම සතුටින් තමයි මේ තීන්දුව ගන්නේ ගරු කතා නායක තුමනි.

225 යපහත් කරන්න කියලා තමයි මම ලේකම් තුමියගෙනුත් ඉල්ලුවේ. එතුමියටත් ලොකු වගකීමක් තියනවා. මේ වැඩේ හරියට කළොත් මම හිතනවා මේ රට ගොඩ නගා ගන්න පුලුවන්. ඔබේ දරුවා මගේ දරුවා මේ සේවකයින්ගේ දරුවො විශාල වශයෙන් දුක් විඳිනවා ගරු කතා නායක තුමනි.

ඒ ප්‍රශ්නය විසඳන්න පුලවන් යහපත් ගුණවත් නීතිගරුක 225ක් හදන්න පුලුවන් හයිය ඔබේ නිලධාරී තුමියටත් ඔබටත් ලැබේවා කියන බලා පොරොත්තුවෙන් මගේ ඉල්ලා  අස්වීමේ ලිපිය නීත්‍යානුකූලව පිළිඅරගෙන මගේ සමුගැනීමේ අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

බොහොම ස්තුතියි.!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෛතික පදනමකින් නඩුව පවත්වාගන්න බෑ… “විශ්ව බුද්ධ” නමින් සිටින විකෘති සිවුරු රඳවනය ඇප මත නිදහස්!

Next Post

චෙරියපානි යයි… ශිවගංගි එයි.. ඉන්දියා – ශ්‍රී ලංකා මගී නාවික සේවාව පෙබරවාරි 01 දා සිට යළි ඇරඹෙයි…  

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.