බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක්!

by editor
අප්‍රේල් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී රාජ්‍ය ආයතන තුළ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙම නව කවුන්සිලය  පිහිටුවීමේ අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ දී අද (03) පෙරවරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

මෙරට කෘෂිකර්ම අංශය  නවීකරණ කිරීම වෙනුවෙන්  සකස් කළ ප්‍රතිපත්ති රාමුව, ඒ පිළිබඳව පත් කරන ලද විශේෂඥ කමුටුවේ සභාපති  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනී සේනානායක   විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

මෙම ප්‍රතිපත්ති රාමුව ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, තිරසාර බව සහ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම,  අන්තර්ගත වර්ධනය සහ ග්‍රාමීය සංවර්ධනය පෝෂණය කිරීම, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම,  වෙළඳපොළ ප්‍රවේශය සහ වෙළඳාම වැඩි දියුණු කිරීම, ආයතනික ධාරිතාව සහ පාලනය ශක්තිමත් කිරීම, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම යන කරුණු මූලික කර ගනිමින් කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සම්පාදනය කර තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26කින්  ව්‍යාපෘති 26ක් තෝරාගෙන ඇති අතර එම නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා දැනටමත් මුදල් නිදහස් කර ඇති බව ද මෙහිදී සඳහන් කෙරිණි.

යැපුම් කෘෂිකර්මාන්තයෙන් ඉවත්ව මහා පරිමාණ සහ කුඩා පරිමාණ මෙහෙයුම් ඇතුළත් වඩා නවීන කෘෂිකර්මාන්තයක් කරා මෙරට ගොවි ජනතාව යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂි අපනයන ක්ෂේත්‍රය තවමත් ජාතික ආර්ථිකය වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව මෙන්ම මෙරට ආර්ථික පරිවර්තන ක්‍රියාවලියේ දී කෘෂිකර්මාන්තයේ කඩිනම් පරිවර්තනයක අවශ්‍යතාවයත් පැහැදිළි කළේය.

වී වගාව සහ අනෙකුත් කෘෂිකාර්මික භෝග මෙන්ම කිරි නිෂ්පාදනය සහ සත්ව පාලනය ඇතුළු කෘෂිකර්මයේ විවිධ අංශ නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී  විශේෂ අවධානයක් යොමුවිය.

වගා කටයුතු සඳහා අලුතින් ඉඩම් අක්කර 500,000ක් නිදහස් කිරීම මෙන්ම නවීන කෘෂි තාක්ෂණික ක්‍රම සඳහා මෙරට ගොවි ජනතාව යොමු කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම කෘෂි පර්වර්තන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශය මෙන්ම විදේශ ආයෝජනවල සහය ලබා ගැනීමේ හැකියාව පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින් සමඟ සාකච්ඡා කළ අතර  රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතිකිරීම සහ සහයෝගීතාවකට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය ආයතන තුළ සිදු කළ යුතු කඩිනම් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද අවධානයට යොමු  කළේය.

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම මෙන්ම අපනයන අවස්ථා සොයා බැලීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ අවශ්‍ය නොවන රාජ්‍ය ආයතන අහෝසි කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධව සාකච්ඡා විය.

විශේෂයෙන්ම දේශගුණික විපර්යාස තත්ත්වයන් තුළ ජලය කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් දියුණු ක්‍රමෝපායන් මෙරට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

එමෙන්ම, මෙරට ගොවි ජනතාවගේ ඉඩම් හිමිකම පිළිබඳ පවතින ගැටළුකාරී තත්ත්වයන් කඩිනමින් විසඳීම, කෘෂිකර්ම නවීකරණය සඳහා අවශ්‍ය නවීන යාන්ත්‍රෝපකරණ වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාවන් සලසා දීම මෙන්ම සුහුරු කෘෂිකාර්මික මුලපිරීම් හරහා කෘෂිකර්මාන්තයේ නිරත වීමට කැමැත්තෙන් පසුවන තරුණ පරපුර ඒ සඳහා දිරිගැන්වීම වැනි අභියෝගවලට විසඳුම් සෙවීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ වැඩි අවධානයක් යොමු විය.

මෙම සමස්ත සැලසුමට අදාළ යෝජනාවලිය සති දෙකක් තුළ සකස්කර  ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කර කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බවද පැවසීය.

එමෙන්ම මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා, ඊට පෙර මීට අදාළ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු මඟින්ද සමාලෝචනයක් සිදුකිරීම සඳහා අවස්ථාව සලසා දෙන බව ද සඳහන් කළේය. මෙම වැඩසටහනෙහි සමස්ත ඉලක්කය වන්නේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ කෘෂිකර්මාන්තය පුළුල් ලෙස මෙරට ආර්ථිකයට ඒකාබද්ධ කිරීම තුළින් ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සහ ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම බවද අවධාරණය කෙරිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු සමයේ රිය අනතුරු අවම කරගැනීමට විශේෂ මෙහෙයුමක්!

Next Post

සිරිසේනට පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් කරන්නත් බැරිලු…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.