සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති සමාව ලබා නිදහස්වුන නඩු 20කට අධිචෝදනා ඇති වරදකරු ගේ අපරාධ ඉතිහාසය…

by editor
ජූනි 7, 2025
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

බීබීසී –

රුපියල් ලක්ෂ හතලිහක් (රු. 4,000,000) වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකාරවරයාට ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ.

මේ සිද්ධිය ඊයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ අජිත් පී පෙරේරා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමත් සමග සමාජය තුළ විශාල කථිකාවක් මේ පිළිබඳව ඇති වන්නේ මාලිමා ආණ්ඩුවේ සුජාත භාවය පිළිබඳව ද ප්‍රශ්න කරමිනි.

උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම්ට තමන් විසින් දණ්ඩනයට පත් කළ වරදකරුවෙකුට සම්බන්ධ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුවෙන් ඔහුව නිදහස් කරන්නට සිද්ධ වන්නේ එම වරදකරු මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බව අධිකරණ නිලධාරීන් කරුණු දැක්වීමත් සමගය.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කළේ, විත්තිකරු ඔහුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස ය.

  • විත්තිකරු වරදකරු කළ තීන්දුව

මෙම නඩුව මීට පෙර පසුගිය මැයි මස 2 වන දා අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් තීන්දු කළා ය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ඒ අනුව, මුදලින් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළා ය.

ඊට අමතරව විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළා ය.

තව ද විත්තිකරු විසින් වින්දිත පාර්ශවය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ විස්සක (20) වන්දි මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එකී දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණ.

එසේ නියම කළ දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීම සඳහා එම නඩුව ජූනි 05 වන දා යළි කැඳවීමට ද එදින නියෝග කළා ය.

  • චෝදනාව කුමක් ද?

2014 වසරේ පෙබරවාරි මස 17 දින සිට 2014 වසරේ ජූනි මස 9 වන දින අතර කාලය තුළ විත්තිකරු කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ලාභ ලබා ගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න යන අය විසින් විත්තිකරු වෙත භාර දෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ හතලිහක් සාපරාධ විශ්වාසය කඩ කරමින් වංචා කර සාවද්‍ය පරිහරණය සිදු කරන ලැදයි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

එකී අධිචෝදනාවට විත්තිකරු වරදකරු කෙරිණි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය වංචාව සම්බධන්යෙන් විමර්ශන මෙහෙයවා තිබිණි.

විත්තිකරු අදාළ මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයා ලෙස ක්‍රියාකරමින් මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී කියැවිණි.

  • නඩු 20කට අධික සංඛ්‍යාවක විත්තිකරු

එලෙස ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් පවතින අතර අනුරාධපුර මහාධිකරණයේ ද තවත් නඩු කිහිපයක් පවතින බව අප වාර්තාකරු පවසයි.

ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්ට අදාළ ඒවා වීම විශේෂත්වයකි.

එම නඩුවල පැමිණිලිකරුවන් වන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකි.

ඔහු මූල්‍ය වංචා සිද්ධියකට මීට පෙර ද අධිකරණයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබූ අයෙකි.

මේ අතර, මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා අද (ජූනි 06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය.

නඩු 20කට අධික සංඛ්‍යාවකට විත්තිකරු වී සිටින පුද්ගලයෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක සමාව දුන්නේ කෙසේ දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේ ය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඇමතූ අවස්ථාවේදී ඔහු පැවසුවේ, අදාළ සිද්ධිය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව ය.

  • බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, වෙසක් පොහොය දිනය වෙනුවෙන් පොදු සමාව පිරිනැමීම යටතේ අදාළ පුද්ගලයා නිදහස් කළ බව ය.

එම නිවේදනය පහත දැක්වේ. (ව්‍යාකරණ දෝෂ සහ අක්ෂර දෝෂ නිවැරදි කර ඇත)

“අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්.එම්. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගරගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝණය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මගින් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර ඇත.

2025.05.12 වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025.05.05 දින වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත්ව ය.

ඒ අනුව, මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් වී ඇත. මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කළ බවට ලද නියෝගය අනුව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදා හැරිණි.

මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරිපූරක වෛද්‍ය වෘත්තිය සංගම් 4ක් වර්ජනය නිමා කරති… වෛද්‍ය රසායනාගාර සේවකයින් තවමත් වර්ජනයේ!

Next Post

වෙසක් පොහොය දින නිදහස් කිරීමට ජනාධිපතිවරයා අත්සන් කළ සිරකරු ලයිස්තුවේ අනුරාධපුරයේ මූල්‍ය අපරාධකරු නෑ… බන්ධනාගාර නිලධාරීන් ගැසූ කුපාඩි ගේම ගැන විමර්ශනයක් ඇරඹෙයි…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.