ජාතික පාසල්වල වසර 3ක් සේවය සම්පූර්ණ කළ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට තම දරුවන් එම පාසල්වලටම ඇතුළත් කරගැනීම සඳහා වූ වරප්‍රසාදය කිසිඳු හේතුවක් නොදන්වා 2025 සිට නවතා දමා ඇතැයි කියමින් ජාතික පාසල් ගුරු දරු එකමුතුව නැමැති සංවිධානයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය අසල අද (05) උදෑසන සිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ජාතික පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සමන්විත මෙම පිරිස පවසන්නේ තමන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, අධ්‍යාපන ලේකම් ඇතුළු නිසි බලධාරීන් හමුවී විමසුවද විසඳුමක් ලබා නුදුන් බවය.
සිය ගැටලුවට ලිඛිත විසඳුමක් ඉල්ලා ජාතික පාසල් ගුරු දරු එකමුතුව මෙලෙස විරෝධතාවයේ නිරතව සිටින්නේ තමන්ගේ දරුවන් ද විරෝධතා භූමිය වෙත රැගෙන පැමිණ වීම විශේෂය.
මින් පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වනු ලැබුවේ පාසල් සංවර්ධන නිලධාරීන් විසිනි. ඒ විභාගයකින් තොරව තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස බලකරමිනි. එය අවාසන මොහොතේ දින හතක් පුරා පැවති මාරාන්තික උපවාසයකට පරිවර්තනය වුන අතර ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් සිය විරෝධතාවය අත්හැර දැමුවේය.







