බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන අසත්‍ය පුවත් පල කළ කණ්ඩායම්වලට එරෙහිව CID යට පැමිණිල්ලක්!

by editor
මැයි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසියේ දී අලෙවි කළේ රජයේ තක්සේරු වටිනාකමට වැඩියෙන් ඉදිරිපත් වූ ඉහළම මිලට පමණයි… රජය නිවේදනය කරයි…

ජනාධිපති ලේකම් කාර්යාලය හරහා වෙන්දේසි කළ සුඛෝපභෝගී වාහන  නිශ්චිත ක්‍රම පටිපාටිය අනුව,  රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට අලෙවි කිරීමට කටයුත් කර තිබියදීත් සාපරාධී සාවද්‍ය ප්‍රකාශ කරමින් සිටින සමාජ මාධ්‍යකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 

එමෙන්ම වෙන්දේසියට ඉදිරිපත් කළ වාහන 26න් රජයේ තක්සේරු වටිනාකමට අඩුවෙන් මිල ගණන් ඉදිරිපත් වූ වාහන 09ක් අලෙවි කර නොමැති බවත් අලෙවි කළ වාහන 17 රජයේ තක්සේරු වටිනාකමින් වැඩි ඉහළම සන්සුවට ලබා දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සමාජ මාධ්‍ය සහ විවිධ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධව සංසරණයවන අසත්‍ය පුවත් සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය මේ නිවේදනය නිකුත් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ පසුගිය පාලනයන් තුළ මහජන මුදලින් මිලට ගන්නා ලද මෙම සුඛෝපභෝගී වාහන මහජන මුදලින් නඩත්තු කරමින් ඒවා පාවිච්චි කරමින් සහ නාස්ති කරමින් අබලන් තත්ත්වයට පත් කළ දූෂිත කණ්ඩායම් තමන්ගේ වරප්‍රසාද අහිමි වීමත් සමග වියරු වැටී සිටින බව මෙම කලබලයෙන් පැහැදිලි වන බවය. ඔවුන් තමන්ගේ නාලිකා සහ සමාජ මාධ්‍ය කුලී ලියන්නන් යොදා ගනිමින් තමන් අතට පත්වන ඕනෑම දෙයකින් ආණ්ඩුවට පහර දෙන තත්ත්වයට ඇද වැටී සිටින බව පවසන ජනාධිපති මාධ්‍ය අංශය මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය හා සාවද්‍ය සමාජ මාධ්‍ය භාවිතය අතිශය පිළිකුල් සහගත බව කියයි.

මෙම ද්වේශ සහගත ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කරනු ලැබ ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අදාල නිවේදනය පහත දැක්වේ.

ජනාධිපති කාර්යාලය සතු වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය පුවත් වාර්තාකරණය පිළිබඳවයි

ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ
දෙවෙනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් තිබීම නිරීක්ෂණය වී තිබේ.

වත්කම් කළමනාකරණ චක්‍රලේඛ 05/2024 යටත්ව මෙහිදී කටයුතු කර ඇත.

මෙලෙස ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේදී රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇති අතර 2025-04-23 වන දින නියමිත පටිපාටියට අනුව පුවත්පත් නිවේදන මගින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි. ඒ වෙනුවෙන් මුදල් ගෙවා ටෙන්ඩර් අයදුම්පත් ලබාගත් අයදුම්කරුවන් 108 දෙනෙකු ටෙන්ඩර් පත් කැඳවීම අවසන් වූ 2025-05-15 දිනට තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කර තිබූ අතර එදින පෙ.ව 11.00ට ටෙන්ඩර් පත් විවෘත කර ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම සිදු කරන ලද්දේ නියමිත පටිපාටිය අනුවය.

එහිදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයතු කරන ලදී. ඇතැම් වාහන සඳහා රජයේ තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින්, අලෙවි කරන ලද්දේ ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණි. එසේ රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවු වාහන අතරට වාහන 09ක් ඇතුළත්ය.

ඒ අනුව 2025-05-15 වන දින සිදු කෙරුණු ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීමේදී, අලෙවි වූ වාහන පිළිබඳ විස්තරය මෙසේය
එසේ තිබියදී මෙම ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම පිළිබඳව විවිධ අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරිමට යම් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බව පෙනේ.

පසුගිය පාලනයන් තුළ මහජන මුදලින් මිලට ගන්නා ලද මෙම සුඛෝපභෝගී වාහන මහජන මුදලින් නඩත්තු කරමින් ඒවා පාවිච්චි කරමින් සහ නාස්ති කරමින් අබලන් තත්ත්වයට පත් කළ දූෂිත කණ්ඩායම් තමන්ගේ වරප්‍රසාද අහිමි වීමත් සමග වියරු වැටී සිටින බව මෙම කලබලයෙන් පැහැදිලිය. ඔවුහු තමන්ගේ නාලිකා සහ සමාජ මාධ්‍ය කුලී ලියන්නන් යොදා ගනිමින් තමන් අතට පත්වන ඕනෑම දෙයකින් ආණ්ඩුවට පහර දෙන තත්ත්වයට ඇද වැටී සිටිති.

මෙම තත්ත්වය හමුවේ මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය හා සාවද්‍ය සමාජ මාධ්‍ය භාවිතය අතිශය පිළිකුල් සහගත වන අතර මෙම ද්වේශ සහගත ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කරනු ලැබ ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය කළේ වර්ජනය කළත් නොකළත් මාසයක් ඇතුළත ලැබෙන දේකට… නියෝජ්‍ය ඇමති හෙලි කරයි…

Next Post

එකතු වෙන්න ආවා නෙමෙයි… ජනතාවගේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න ආවා… සජබ හා සාකච්ඡාවෙන් පසු පොහොට්ටුවේ මහ ලේකම් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.