බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…

පොලිසියෙ පැමිණිල්ල සටහන් කරවන්නත් ලොකු උත්සාහයක් දරන්න වුනා... අරගලකරුවෝ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර කියති...

by editor
මැයි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ  පෞද්ගලික ලේකම්  සුගීෂ්වර බණ්ඩාර    කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල ඊයේ සවස (28දා) සිදු වූ නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ සජීවී සමාජ මාධ්‍ය වාර්තාකරණයක නියැළී සිටි සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී නිරාෂාන් විතානගේ  ගේ ජංගම දුරකථනය මැර බලය යොදා  පැහැරගත් බව සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම පැහැරගැනීම හා තර්ජනය කිරීම ශ්‍රී ලංකා පොලීසියේ සිය ගණනක් වූ නිලධාරීන් ඉදිරිපිට සිදු වූ බවත්, පොලීසියේ සහ තවත් සිවිල් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් ශාරීරිකව ග්‍රහණයට නතු කරගත්  නීතිවේදී නිරෝෂාන් විතානගේ ගේ දුරකථනය  ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර නමැත්තා පැහැරගත් බවත්   එම සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය

ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර විසින් අප සාමාජිකයෙකුගේ දුරකථනය පැහැරගැනීම හා තර්ජනය කිරීමේ සිදුවීම පිළිබඳවයි.

කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල ඊයේ සවස (28දා) සිදු වූ නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ සජීවී සමාජ මාධ්‍ය වාර්තාකරණයක නියැළී සිටියදී සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී නිරාෂාන් විතානගේ සහෝදරයාගේ ජංගම දුරකථනය පැහැරගැනීමකට ලක්ව ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ පිළිබඳ ඊයේ (28) රාත්‍රියේම කොළඹ කොටුව පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කරන ලදී. එහිදී යම්කිසිවෙකුගේ බලපෑමක් මත කොටුව පොලීසියේ නිලධාරීන් මෙම පැමිණිල්ල භාරගැනීමට අදිමදි කළද, පසුව අප සංවිධානයේ සාමාජිකයන්, ගෝල්ෆේස් අරගලයේ සාමාජිකයන් සහ මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීම මත ඔවුහු මෙම පැමිණිල්ල සටහන් කරගත්හ.

මෙම පැහැරගැනීම හා තර්ජනය කිරීම ශ්‍රී ලංකා පොලීසියේ සිය ගණනක් වූ නිලධාරීන් ඉදිරිපිට, පොලීසියේ සහ තවත් සිවිල් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් ශාරීරිකව ග්‍රහණයට නතු කරගනිමින් , පසුව තවත් සිවිල් පුද්ගලයෙකු වන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර නමැත්තා විසින් සිදුකරන ලද බව අපි දැඩිව අවධාරණය කරමු.
මෙම ‘සුගීෂ්වර මංකොල්ලය’ සැලසුම්සහගතව හා ජනාධිපතිවරයාගේ අනුදැනුම මත, ආණ්ඩුවේ මැර කන්ඩායම් විසින් සිදුකරන ලද්දක් බව ජනාධිපති පෞද්ගලික ලේකම්වරයාගේ මැදිහත්වීම අනුව අපගේ නිරීක්ෂණයයි.

ජන පීඩක ආණ්ඩුවට එරෙහිව රටේ දුක්විඳින ජනතාව පණ පෙවූ ගෝල්ෆේස් අරගලයේ කොටස්කරුවන් ලෙස ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් ඔස්සේ එම අරගලයට සම්බන්ධ වන මෙවන් මොහොතක රාජපක්ෂලා විසින් දශක ගණනක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද මජර දේශපාලන සංස්කෘතිය ජනාධිපතිවරයා විසින්ද තම පෞද්ගලික ලේකම්වරයා හරහා නැවතත් ක්‍රියාත්මක කිරීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

රටේ තරුණයන් ප්‍රජාතන්ත්‍රවාදීව යුක්තිය ඉල්ලමින් මහමඟ අරගල කරද්දී ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මෙවන් සාහසික, අනීතික සහ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නම්, ඊට එරෙහිව සමස්ත රටවැසියන් එක්ව මුහුණදිය යුතු වේ. අප උක්ත සිදුවීම හුදෙකලා සිදුවීමක් ලෙස නොව මැයි 09 වැනිදා ප්‍රහාරයේ ‘ජනාධිපතිවරයාගේ පරිච්ඡේදය’ එළිදැක්වීමක් ලෙස පෙන්වාදීමට කැමැත්තෙමු.

විශේෂයෙන් රාජ්‍ය බුද්ධි අංශ යොදාගනිමින් අප සංවිධානය ඉලක්ක කරගනිමින් දිගින් දිගටම සිදුකරන මේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අනීතික පාතාල මෙහෙයුම් වහා නවතා දමා තම දඩබල්ලන් කූඩුගත කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටද අපි කැමැත්තෙමු.

තවද අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා රට අස්ථාවර, බංකොළොත් රාජ්‍යයක් කළ ගෝඨාභය රාජපක්ෂ පාලනයට ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙනගැනීමටද කාලය එළඹ ඇත. මහජන මුදලින් නඩත්තු ලබාගෙන මහජන හඬට සවන් නොදෙමින් සුඛෝපභෝගී බංකරයකට වී ඇමති පට්ටම් බෙදමින් සිටින ජනාධිපතිවරයා, තම පෞද්ගලික ලේකම්වරයා හරහා මැර මෙහෙයුම් දියත් කරමින් ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජන මතයට පටහැනි තීරණ ගනිමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න රටේ ජනතාවට ගැටලුවකි.

රටේ ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක නියැළෙන අප සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කරගනිමින් රාජපක්ෂ ආණ්ඩුව සිදුකළ පළමු අනීතික ප්‍රහාරය මෙය නොවන නිසා අපගේ සාමාජිකයන්ගේ මූලික සහ සිවිල් පුරවැසි අයිතීන් කඩවුවහොත් එහි පූර්ණ වගකීම ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් භාරගත යුතු බවද අපි අවධාරණය කරමු. මෙම සිදුවීමට අදාළව නීතිය ක්‍රියාත්මක වීම සහ යුක්තිය ඉටුවිමේ ක්‍රියාවලිය පිළිබඳ අපි දැඩි විමසිල්ලෙන් පසුවන බව දැන්වීමටද කැමැත්තෙමු.

තවද ප්‍රජාතන්ත්‍රවාදය අත්හැර ඉන් ඔබ්බට ගොස් සිදුකරන මෙවන් මිලිටරි මැර මෙහෙයුම් නවතා, රටේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට කන් දී, ස්ථාවර පාලනයක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම සලසමින් වහා ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන ලෙසද අපි ජනාධිපතිවරයාට බලකර සිටිමු.

සාමකාමී ජන අරගලයට ජය වේවා.!!!

සර්වපාක්ෂික අරගලකරුවෝ

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…

Next Post

අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.