සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තුමා… වැඩ මෙහෙමනම් අනුර ගෝ ගම හදන්නේ මොණරාගල… සෙවනගල උක් ගොවීහු පාරට බැස කියති!

by editor
ජූලි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • ඇමතියා  ටොම් පචයෙක්.  ඔයා මේ වෙනකොටම ෆේල් වෙලා ඉවරයි.තවදුරටත් මේක කරගෙන යන්න බැරි නම් වහාම ඔයා ඉල්ලලා අස්වෙන්න… ගොවීහු හඳුන්නෙත්තිට කියති

  • ඉතිහාසයේ ප්‍රථම වරට ආණ්ඩුවක් ගොවියට රුපියල් ලක්ෂ 200ක් ණයයි. ගොවියට කෙළවලා කවදාවත් අණ්ඩුවක් වැඩි කල් දිව්වේ නෑ… නාමල් කරුණාරත්න දවස් 25ක් මිනී පෙට්ටියක් තියාගෙන අපිත් එක්ක උද්ඝෝෂණය කළේ මේ ටික කරන්න… ගොවීහු අසති…

  • අම්මණ්ඩිලා දෙන්නෙක් පත් කරලා තියනවා කම්හලට… මෙලෝ හසරක් දන්නේ නෑ වෙළෙඳාම ගැන… ඒ වට්ටි අම්මලා යවපල්ලා පොලේ කීර විකුණන්න… සෙවනගල ගොවීහු මාළිමා ආණ්ඩුව කුජීත කරති…

තම උක් අස්වැන්න සෙවනගල සීනි ආයතනයට නිසි පරිදි ලබා නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සෙවනගල උක් ගොවීන් ඊයේ ( 26 )   පෙරවරුවේ සෙවනගල දණ්ඩුම මංසන්දියේදී විරෝධතාවයක නිරත වීය.

සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ උක්ගොවි සුභ සාධක සංගමය,ට්‍රැක්ටර් රියදුරු සංගමය, සෙවනගල උක්ගොවි  බලමණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් විසින්  මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර මේ සදහා  උක් ගොවීන් හා ට්‍රැක්ටර් රථ රියදුරන් හා උක්කර්මාන්තයෙන් ජිවත්වන දහසකට වැඩි පිරිසක් එක්ව සිටියහ.

උක් ගොවීන්ගේ අස්වැන්න නිසියාකාරව සෙවනගල සීනි ආයතනයට ලබා නොගැනීම, ප්‍රවාහන වියදම් වෙනුවෙන් ලබා දිය යුතු රුපියල් මිලියන හතක මුදල මෙතෙක් ලබා නොදීම හා සෙවනගල සීනි ආයතනය බංකොලොත් නොකර එය ගමේ උක් ගොවියාට ආරක්ෂා කරදීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පැවැත්විණි.

විරෝධතාකරුවන් සෙවනගල දණ්ඩුම මංසන්දිය අසලදී විරෝධතාවය ආරම්භ කර පසුව පා ගමනින් සෙවනගල සීනි ආයතනය දක්වා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් එය නැවැත්විමට පියවර ගත් අතර පසුව විරෝධතා කරුවන් වාහනවල නැගී උක්පැක්ටේරිය හංදිය දක්වා   ගොස් එතැන් සිට පා ගමනින් සෙවනගල සීනි ආයතනය දක්වා පැමිණ විරෝධතාවයේ නිරත වූහ.

සිය ගැටළු ඉදිරිපත් කිරිමට විරෝධතාකරුවන් සෙවනගල සීනි ආයතනයට පැමිණි නමුත් කිසිදු බලධාරියෙක් එහි නොසිටීම නිසා එහි දැඩි උණුසුම් තත්වයක්ද ඇති විය. විරෝධතාකරුවන් සීනි ආයතනයට පැමිණෙන විට එම ආයතනය සදහා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ඒකාබද්ධ ගොවි බලමණ්ඩලයේ සභාපති රුවන් සංජීව, සෙවනගල ට්‍රැක්ටර් රථ රියදුරු සංගමයේ සභාපති එස්.පී.නලින්ද කුමාර, ගොවිසෙත ඒකාබද්ධ බලමණ්ඩලයේ භාණ්ඩාගාරික පී.ඒ.ප්‍රියන්ත සුරාජ්…

මෙහිදී විරෝධතාවයට එක්ව සිටි සෙවනගල ඒකාබද්ධ ගොවි බලමණ්ඩලයේ සභාපති රුවන් සංජීව කුමාර මෙලෙස පැවසීය.

මේ ආයතනය මේ වන විට මාස ගණනාවක් තිස්සේ රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් ගොවියට ලබා දීමට තියෙනවා. අද දෙනවා හෙට දෙනවා කිය කියා බලධාරීන් හැමදාම ගොවියා රැවැට්ටුවා. ඉවසලා බැරිම තැන තමයි මේ පාරට බැස්සේ. මේ ගොවියෝ දහදුක් විඳලා උක් වගා කරලා කපලා පැකටේරියට ගෙනාවම ඒක බාරගන්න කෙනෙක් නෑ. දවසක් උක් බාර ගත්තොත් දවස් දෙකක් තුනක් යනකම් ආයේ උක් ගස් බාරගන්නේ නෑ. මේ ආණුඩුව දැන් හදන්නේ මේ සෙවනගල සීනි ආයතනයේ අර්බුදයක් හදලා මේක විකුණුලා දමන්න යැයි” පැවසිය.

සෙවනගල ට්‍රැක්ටර් රථ රියදුරු සංගමයේ සභාපති එස්.පී.නලින්ද කුමාර කීවේ මෙවැන්නකි.

විෂය භාර ඇමති   පසුගිය දවසේ පාර්ලිමේන්තුවේ කිව්වා රියදුරු සංගමයට අදාල සියළුම මුදල් දමලා ඉවරයි කියලා. ඇමති තුමා පාර්ලිමේන්තුවෙදි  සල්ලි දැම්මා කිව්වට අපේ ගිණුම්වලට නම් මේ වෙනකම් ශත පනහක මුදලක් වත් වැටිලා නෑ. ඇමතිතුමාගේ කාගේ හරි ගිණුම් වලට ඒවා වැටිලද නම් දන්නේ නෑ. ඒ නිසා අපි ඇමති තුමාට කියනවා මේක කරන්න තේරෙන්නේ නැත්නම් මේක කරන්න පුළුන් එකෙකුට දීලා පලයව් ගෙදර කියලා. සෙවනගල කියන්නේ ඇමතිගේ හෝ එයාගේ හෙන්චයියන්ගේ බූදලයක් නෙමේ .සෙවනගල උක් පැක්ටේරිය මේ ගමේ මිනිස්සුන්ගේ ජීවනාලිය. අපි ජීවත් වුනේ මේකෙන්. ඇමති හරකෙක් වුනාට අපි හරක් නෙමේ” යැයි පැවසිය.

ගොවිසෙත ඒකාබද්ධ බලමණ්ඩලයේ භාණ්ඩාගාරික පී.ඒ.ප්‍රියන්ත සුරාජ් මෙසේ කීවේය.

“ඇමතිතුමා ඔයා මේ වෙනකොටම ෆේල් වෙලා ඉවරයි.තවදුරටත් මේක කරගෙන යන්න බැරි නම් වහාම ඔයා ඉල්ලලා අස්වෙන්න. හදුන්නෙත්ති ඇමති තුමා මේ ගොවින්ට එක රැස්වීමක් තියලා මේ තියෙන අඩුපාඩු ගැටළු මොනවද කියලා හොයලා බලලා තියෙනවද මේ වෙනකම්. මාස අටක් වෙනවා පත් වෙලා. මෙහෙට ආවේ එකම එක දවසයි. ඒකත් විනාඩි පහයි. ඇමති මිසින්. එහෙම ඇමතිවරු අපිට පොල්පිති වලින් කපා ගන්න පුළුවන්.

ඉතිහාසේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් ගොවීන්ට රුපියල් ලක්ෂ 200කට  වැඩි මුදලක් ණයයි. ආණ්ඩුව ලැජ්ජවෙන්න ඕනි. ඇමති අපි දැක්කා මාධ්‍යට කියනවා එයා අමාත්‍යංශය ගන්නකොට ස්ප්‍රිතු ලිටර් මිලියන 05ක් තිබ්බලු. සීනි ටොන් තිස්තුන්දාහක් තිබ්බලු. ඇමතිට කියනවා අපි මේ වගේ වටිනාකම ගණන් හදලා බලන්න කියලා.

අද සෙවනග තියෙන්නේ සිනි ටොන් 1750යි. අපි අහනවා කෝ මේකේ තිබිච්ච සීනි. මුන් මේකේ තිබ්බ සිනි ටික විකුණලා උන්ගේ පඩි ගෙවාගෙන සුර සැප විදලා. පසුගිය ආණ්ඩු පාඩු ලබල හරි ලාබ ලබල හරි මේ ගොවියට ගෙවිය යුතු මුදල් ගෙව්වා. බෝනස් ටික දුන්නා. පාරවල් ටික හදලා දුන්නා. හැබැයි මේ ඇමතියා මේ ආයතනය හදන්නෙත් නෑ. ගොවියගේ උක් ටික ගන්නෙත් නෑ. ගොවිට එන්න තියෙන සල්ලි දෙන්නෙත් නෑ. ඒ වුනාට නිශ්පානය කරපු සීනි, ස්ප්‍රිතු ආදිය විකුණලා ලැබුණ සල්ලි ටික උන් බෙදාගෙන නම් තියෙනවා. මුන්ට ඕනේ කොහොමත් මේක වහන්න. මේක විකුණන්න. ඒක මේ ආණ්ඩුව දැන් ටික ටික කරගෙන එනවා. ඇමති කියන්නේ ටොම් පච විතරයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ සෙවනගල සීනි ආයතනයට අත තියන්න නම් එන්න එපා කියලා.” යැයි පැවසිය.

නාමල් කරුණාරත්ටත් අතීතය මතක් කළ ගොවියෙක්…

නාමල් කරුණාරත්නලා ඇවිල්ලා මේ දණ්ඩුම හන්දියේම මිනී පෙට්ටියක් තියාගෙන එවකට පැවති රජයට විරෝධය පාමින් අපිත් එක්ක දවස් 45ක් උපවාස කලා උක් ටොන් එකකට රුපියල් 15000ක්  ගෙවන්න ඕනි කියලා. උපවාස කරලා ලැබුනේ රුපියල් 10,000යි. දැන් මේ අය කෙකරගානවා ඒකත් කපන්න. අපි කියනවා වරෙල්ලකෝ ගෙවන දහදාහ කපලා බලන්න කියලා.

“අනුර කුමාර ජනාධිපති තුමාටත් අපි කියනවා “අනුර ගෝ ගම“ කොළඹින් නෙමේ මොණරාගලින් කියලා මතක තියාගන්න කියලා. ගොවිට වින කරපු, ගොවියට රිද්දපු කිසිම ආණ්ඩුවකට වැඩිකල් යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා ගොවියට නම් පුතෝ අතතියන්න හිතන්න එපා.

“අද මේ ආයතනයට ගෑනු  දෙන්නෙක් පත් කරලා තියෙනවා. උන්ට තේරෙන්නේ නෑ වෙළදාම මොකද්ද කියලා. ඔය මේ ආයතනයට පත් කරලා එවලා තියෙන වට්ටි අම්මලා දෙන්නා  යවපල්ලා පොලේ කීර විකුණන්න.”

විරෝධතා කරුවන් සිනි ආයතනය ඉදිරිපිට පැය කිහිපයක් විරෝධතාවයේ නිරතව සිටියත් කිසිදු බලධාරියෙක් එහි නොපැමිණීම නිසා විරෝධතා කරුවෝ යළි මේ මස 30 වන දින මොණරාගල සම්බන්ධීකරණ කමිටුව අසලට යාමට සැළසුම් කර ගැනීමෙන් පසු විසිර ගියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයගේ අත්තනෝමතික හැසිරීම නිසා වෛද්‍යවරුන් දස දහසකගේ ස්ථාන මාරු ඇනහිටලා… GMOA පවසයි…

Next Post

චෙම්මනි සමූහ මිනී වලෙන් ගොඩ ගත් ඇට සැකිළි සංඛ්‍යාව 101 දක්වා ඉහළට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.