බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තුමනි… ඊයේ රෑ ත්‍රී කුණාමලයේ දී දුටුවේ ජනතා සිහිනයේ මළගම ගැන කියන සොහොන් ලකුණුය!

by editor
නොවැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සමන් මල්ලවආරච්චි –

අප නැගෙනහිර වැල්ල පාගමින් හැදී වැඩුන මිනිස්සුය. ත්‍රී කුණාමලයේ සංස්කෘතික සහ ආගමික විචිත්‍රත්වයේ චමත්කාරය මෙන්ම කාලක්ණ්ණි කටුක අත්දැකීම් ද අප අපේ ජීවිත අත්දැකීම් ලෙස උපයා ගත් මිනිස්සුය.

ජනාධිපතිවරයාට මේ කියන්නට යන්නේ ඊයේ රාත්‍රියේ සිද්ධ වුන කුප්ප තුප්පහි වැඩක් මින් පෙර ත්‍රී කුණාමලයේ දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්වත් සිදු නොකළ බවය. ඔබේ ආණ්ඩුවේ දේශපාලන මන්ද බුද්ධිකයින් සංස්කෘතියක දේශපාලනයක් පිළිබඳව ඔබේ රජය පිළිබඳ අප තැබූ බලාපොරොත්තුවලට ඊයේ රාත්‍රියේ බෝම්බ ගසා විනාශ කළ බවය.

පොලිසිය පවතින්නේ සාධාරණව නීතිය හා සාමය ආරක්ෂා කිරීමට මිස  ඉජු ඉජූ කී පමණින් බුරා පනින සුනඛයින් ලෙස හැසිරෙන්නට නොවේ. අප ඊයේ රාත්‍රියේ දුටුවේ එවැනි කාලකණ්ණි පිරිසකි. ඉතිහාසය සම්බන්ධව අධ්‍යයනක් නොකර, නීත‍්‍යානුකූල භාවය සම්බන්ධව නිශ්චිත කියැවීමකින් තොරව, අතිශය සංවේදී කාරණාවක් සඳහා පොලිස් මැදිහත්වීම සිද්ධ  වන්නේ    සාමය සංහිඳියාව  ඇති කිරීම පිළිබඳ සපථ කළ, ජාතිවාදය ඇති නොකරන බවට සපථ කළ ආණ්ඩුවක ජනාධිපතිවරයෙක් යටතේ වීම වේදනාවකි.

මේ පෙළ ගැසෙන්නේ ඒ බලාපොරොත්තු කඩවීමේ වේදනාව බව ගරු ජනාධිපති තුමනි… ඔබතුමාට ලියා තබමි.

ත්‍රී කුණාමලයේ මෑත කාලීන බෞද්ධ ප්‍රබෝධයට මුල් වූ, මෑත කාලීන මුල්ම දහම්පාසල   ත්‍රී කුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ    විහාරය ය. එම පන්සල් ඉඩම නීත්‍යානුකූල ඔප්පුවක් සහිත පූජාභූමියකි.   ඊයේ (16) රාත්‍රියේ පන්සලේ කම්බි වැට කපා පන්සල් භූමියට ඇතුළු වූ පොලිසිය එහි වැඩ වාසය කළ හිමිවරුන්ගේ සහ ප්‍රදේශවාසී බෞද්ධයින්ගේ විරෝධය නොතකා  ඉදිකිරීමට සූදානම් කර තිබූ ස්ථාන විනාශ කර පන්සල් ඉඩමේ තැන්පත් කර තිබූ  බුදු පිළිමය පැහැරගෙන ගියේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඉතිහාසය

1951 සිට මෙම ආරාමය මෙම භූමියේ පැවතිනි. එය ආරම්භ කරන්නේ බලපිටියේ ශාන්ත නායක හාමුරුවන්වහන්සේ විසිනි. මේ භූමියේ උන්වහන්සේ එකල ප්‍රදේශයේ පැවති විශාලම දහම්පාසල නිර්මාණය කළ අතර ඊට වෙන්ත ආගම්වලින් කිසිම විරෝධයක් මතුවන්නේ නැත. මා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ වර්ෂ 1983 දී ය. එවක ප්‍රදේශයේ සිංහල මාධ්‍ය්‍ය සිසුන් වෙත  පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූයේ මේ පන්සලේ  ධර්මශාලා ගොඩනැගිල්ලේය. මමත් එම පුද්ගලික පන්තිවලට සිසුවෙක් ලෙස එක් වූයෙමි.

ඉන්දීය හමුදා ආක්‍රමණයෙන් පසු  පන්සලේ කටයුතු විධිමත්ව පවත්වාගැනීමට බාධා ඇති වුනේය. ඒ තත්ත්වය තුළ  මෙම විහාරස්ථානය හා දහම් පාසල 1996 දී ත්‍රිකුණාමලය පෙඩ්රික් බලකොටුව අසල බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථාන භූමියට ගෙනයන ලදි.

වර්ෂ 2001 වන විට දරුවන් 200 කට අධිකව අධ්‍යාපනය ලැබූ ත්‍රිකුණාමලයේ කීර්තිමත්ම දහම් පාසලක් වූ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල ( 53/15/දහ/ලි/6345) 2004 සුනාමි ව්‍යවසනයෙන් පසු වැසී ගියේය. එසේ සිදුවන්නේ සුනාමියෙන් පන්සලේ  ධර්ම ශාලා ගොඩනැගිල්ල විනාශ වී යෑමය. එහෙත් ප්‍රතිමාවහන්සේට කිසිම ගැටලුවක් ඇති නොවුණි. වෙරළ සංවර්ධන කටයුතුවලදී පවා එම සංවර්ධනයන් සිදුවන්නේ අනෝන්‍ය අවබෝධයෙනි. ඊට උදාහරණත් තිබේ.

වරෙක ත්‍රී කුණාමලය නගර සභාව මුල් වී වෙරළ අලංකරණ වැඩසටහනක් යටතේ වෙරළේ ෆයිනස් වගාවක් දියත් කළේය. එවකට  නගරාධිපති සූර්යමූර්තිය. ඔහු මේ පන්සල් භූමියේ වගාව සිදුකිරීමට හිමිවරුන්ගෙන් විමසූ විට උන්වහන්සේලා ඊට කැමති වන්නේ නැත. අනතුරුව අදාල වගාවන් පන්සල් භූමිය තුළ සිදුකරන්නේ පන්සලේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙම වගාව පන්සල් භූමියෙන් ඉවත් කළ හැකි බවට නගරාධිපතිවරයා විසින් ලබා දෙන ලිඛිත පොරොන්දුවක් සමගය.

පන්සල ලියාපදිංචි කිරිමේ සහතිකය සහ දහම් පාසල ලියාපදිංචි කළ සහතිකය…

ගැටලුවට මුල

සංචාරක ආකර්ශනය වැඩිවත්ම පන්සල් ඉඩමේ බදු පදනම මත අවන්හලක් පවත්වා ගැනීම සඳහා පන්සලේ නායක හාමුදුරුවන් අවසර ලබා දී තිබුනේය. එම ව්‍යපාරය කළේ එකසත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියකගේ පුතෙකි.  මේ ඉදිකිරීමට එරෙහිව බරපතල විරෝධතා කලක සිට මතු වුනේය.  මේ රජය පැමිණි පසු  එම ඉදිකිරීම අනවසර ඉදිකිරීමක් ලෙස සලකා ඉවත් කරන ලෙසත් පන්සලේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය නම් ඒ වෙනුවෙන් එම භූමිය භාවිත කරන ලෙසත් එකඟතාවයක් ඇති වූ බව දනිමි.

ඒ කරුණු මත පදනම්ව ධානපතීන්ගේ සහායෝගය සහිත නීත්‍යානුකූල පන්සල් ඉඩමේ, එවකට පැවති ධර්ම ශාලාව වෙනුවට නව ධර්ම ශාලාවක් ඉදිකිරීමට කටයුතු  ආරම්භ කළේය. එම ධර්ම ශාලාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණේ දහම් පාසල ය.

ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දී ආරම්භ වූ ප්‍රථම දහම් පාසල වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ බෝධිවර්ධන   දහම් පාසල නැවත ආරම්භ කිරීම සඳහා මිහිඳුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම 2025.11.16 වන ඉරු දින පෙරවරු 09.09 ට යෙදුණු සුභ මොහොතින් ත්‍රිකුණාමල   මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදුකරන ලදි.

දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් ගල තැබූ අවස්ථාව…

යුධ ගැටුම් හා විවිධ ගැටලු හේතුවෙන් සම්බුද්ධ ජයන්ති විහාරය හා දහම් පාසල නැවත ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණු අතර ඊයේ ( 16) ආරම්භ වූයේ එම සද් ක්‍රියාවය.

වර්තමානයෙහි මෙම විහාරස්ථානයේ විහාරාධිපති කටයුතු කරනු ලබන්නේ  ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංසතිස්ස හිමියන්ය.   උන්වහන්සේලා මෙම ධර්මශාලාවට මුල් ගල තබන්නේ උදෑසනය. සවස් වනවිට පොලිසිය විසිල් ඇඳුමින් පැමිණ ඉහලින් ලැබුණු නියෝගයක් බව පවසා බුදුපිළිමය ඇතුළු ඉදිකිරීම ඉවත් කරගන්නා ලෙස දන්වා තිබිණි.  ඒ පැමිණෙන්නේ පලාතේ සහකාර පොලිස් අධිකාරීවරයා බව කියැවිනි. ඔහු කියන්නේ බුදු පිළිම නිසා ත්‍රීකුණාමලයේ බොහෝ ප්‍රශ්න ඇති වූ බවය. පසු දා පොලිසියට පැමිණ කටඋත්තරයක් දෙන ලෙස හාමුදුරුවරුන්ට නියෝග කරන සිවිල් ඇඳුමින් සැරසුන සහකාර පොලිස් අධිකාරී සිය කණ්ඩායමත් සමග පිටවී යන්නේය.

පසුව ඊයේ (16)  රාත්‍රියේ පොලිසිය බලහත්කාරයෙන් පන්සලේ   වැට  කපා පන්සලට ඇතුළු වී ඉදිකිරීම සූදානම් කර තිබූ ඉදිකිරීම් ද විනාශ කරමින්  බුදුපිළිමය ඉවත් කරගෙන ගියේය. එහිදී ඇති වූ විරෝධතා දැක්වීම මත පොලිස් පහරදීමට ලක් වී බලන්ගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් තිදෙනෙක් රෝහල්ගතව ඇතැයි වාර්තා වේ.

පන්සල් ඉඩමේ නීත්‍යානුකූල ඔප්පුව…

මෙම ඉදිකිරීම ඉවත් කිරීමට බලපෑම් කරන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව බවත් මේ පසුපස ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිටීම අතිශයින්ම ශොක ජනක කරුණක් බවත් මේ පිළිබඳව අදහස් දකවමින් ප්‍රදේශවාසීහු කියති. ඒ කතාව ඇත්තක් බව මම පුද්ගලිකවම දනිමි.

මේ ආණ්ඩුවට කිව යුතු දෙයක් තිබේ. මේ රටේ ඉන්නේ ආගමික සංස්කෘතික වශයෙන් එකමුතු වෙන්නට සූදානම් වනවා සේම තමන්ට සිදුවන නොසලකා හැරීම් සම්බන්ධව අතිශයින් සංවේදීවන කම්පිත මිනිස්සුය. මේ රටේ පාදඩ දේශපාලකයින් සියවසකට ආසන්න කාලයක් තිස්සේ ස්වකීය දේශපාලන ගමන සඳහා ආමන්ත්‍රණය කළේ මේ සංවේදී නිලවලටය. අඩුම තරමින් ඔවුන්ට ඒ සමාජ හැසිරීම පිළිබඳ කියැවීමක් තිබිණි.

රටක සමාජ දේශපාල සංහිඳියාවක් ඇති කිරීම සඳහා ජනතාව ඉදිරියේ පොරොන්දු දී බලයට පැමිණි ආණ්ඩුවකට ඒ කියැවීම අතිශය ගැඹුරු ලෙස පවතිනු ඇතැයි විශ්වාස කළෙමු.  ඒ මේ සමාජයේ නාඩි වැටෙන ත්‍රීව්‍ර භාවෝත්පාදනයන් සිදුවන්නේ එම කලාපයෙන් බැවිනි.

එහෙත් අප දකින්නේ තමන්ගේ මොනවාදෝ විකෘතියක් හිසේ දරාගෙන හැසිරෙන දේශපාලන සොම්බින් විසින් මෙහයවනු ලබන දඩබල්ලන් බඳු පොලිසියකි. උන් කරන ව්‍යසනය මෙය නම් මේ තත්ත්ව නිවැරදි කරගැනීම වෙනුවෙන් අපට තවත් කල්ප කාලයක් වන්දි ගෙවීමට සිදුවනු ඇති බව විශ්වාස කරමි.

මේ වීඩියෝව මැදහත්ව බලන ලෙස ජනාධිපතිවරයා වෙත යෝජනා කරමු. ඉන් අනතුරුව  ජනාධිපති තුමනි… ඔබතුමා කළ යුත්ත තීරණ කරන්න.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිද්දෙණියේ අයිස් සිද්ධිය – සම්පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වලස්මුල්ල අධිකරණය රස පරීක්ෂකට නියෝග කරයි..

Next Post

වර්ජන මැද GMOA සහ ජනපති අතර සාකච්ඡා…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.