සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ව්‍යවස්ථාට පටහැනියි… විපක්ෂයෙන් විරෝධයක් !

by editor
අගෝස්තු 7, 2025
in පුවත්
pension-pracidents-sri-lanka
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරිමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට විපක්ෂයෙන් තර්ක කිරීමත් සමග ඒ පිළිබඳ යම් සංවාද ශීලී තත්ත්වයක් අද පාර්ලිමේන්තුවේ දී ඇති වුනේය.

මුලින්ම මෙම විරෝධය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල වගන්ති උපුටා දක්වමින් මතු කරනු ලැබුවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසිනි. ඔහු මෙසේ පැවසුවේය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරිමේ 1986 අංක 4 දරණ පනත ඉවත් කිරිම සඳහා වූ කෙටුම්පත ඉදිරිපත් කරන්න හදනවා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78.1 කරුණාකරලා බලන්න කියලා කතානායක තුමාට යෝජනා කරනවා. සෑම පනත් කෙටුම්පතක්ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට යටත් පිරිසෙයින් දවස් 07කට පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුතුය.

දවස් හතකට පෙර… 52.5 ස්ථාවර නියොග යටතේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ වූ දින සිට දින 07ක කාලයක් ඉකුත් වීමෙන් අනතුරුව කවර හෝ වේලාවක ඉහත 2 ඡේදයේ දක්වා ඇති යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබිය යුත්තේය.

එතකොට ගරු කතා නායක තුමනි මේකෙන් බොහොම පැහැදිලියි. 31 වැනිදා මේක ගැසට් පත්‍රයට ඇතුළත් කරන්නේ. නමුත් සාමාන්‍යයෙන් 31 වැනිදා අපි ගණන් ගන්නේ නෑ. ඇත්ත වශයෙන් 01 වැනිදා ඉඳලා සිට 07 වැනිදා දක්වා අද තමයි 07 වැනි දවස. දවස ඉකු වෙලා නෑ. මේකෙ බොහොම පැහැදිලිව තියනවා ගැස්ට පත්‍රයේ පළ වී දින 07ක් ඉකුත් වීමෙන් පසු… කියලා. අද රෑ 12ට තමයි දින 07 ඉකුත් වෙන්නේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මේ දින 07 සම්පූර්ණ වෙන්නේ. හෙට තමයි දින 07. මේක මම ඉල්ලීමක් කරනවා මේක පාර්ලිමේන්තුව රැස්වන වෙනත් දිනයක ගේන්න කියලා. අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් අපි මේ ප්‍රසීඩියර් එක කඩනවා නම් ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. වැරදි විදිහට මේක පාර්ලිමේන්තුවට ගෙනාපු නිසා චැලේන්ජ් කරනකොටත් ප්‍රශ්නයක් වේවි. තව දවසක් එළියට ගියා කියලා ප්‍රශ්නයක් නෑ. මේක ගේන එකට අපේ විරෝධතාවයක් නෑ. කරන එක හරියට කරන්න.
මේක මූලික අයිතිවාසිකම් ප්‍රශ්නයක් තියනවා. 31 මේක ඉදිරිපත් කළාට 31 පළමු වෙනිදා තමයි පළමු දිනය ලෙස පත් වෙන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 78.1 වගනන්තියත්, ස්ථාවර නියෝග 52.5 වගන්තියත් අවබෝධ කරගෙන වැඩ කරමු, මේක දවසක් ඉස්සරහට ගියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ…

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අවස්ථාවේ දී අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පනත ඉදිරිපත් කිරීම සම්බන්ධව කරුණු පැහැදිලිකිරීමක් කරමින් මෙසේ කීවේය.

කතානායක – මේක බිස්සන් කමිටි එකෙත් කතා වුනා නේද?

ඇමති හර්ෂණ – ” ස්තුතියි ගරු මන්ත්‍රී තුමනි. මම හිතන්නේ 78.1 කියවන්නේ නැතිවම මෙතෙන්ට ආවා නෙමෙයි. ඒකෙ තියන දින 07 ගැන මට අවබෝධයක් තියනවා. මේක ගැසට් පත්‍රයේ පල වෙන්නේ 31 වැනිදා. ප්‍රින්ට් කරන්නේ 30 වැනිදා. පළ වෙන්නේ 30 මධ්‍යම රාත්‍රී 12න් පස්සේ. ඒ කියන්නේ 31 උදේ.

ඊලඟට ඔබතුමා තර්කනයක් ගෙනාවා 31 ගණන් ගන්නෙ නෑ කියලා. ඇයි ඒ. ඒකට හේතුවක් නෑ. ගණන් කරන්න වෙන්නේ ගරු මන්ත්‍රී තුමනි 31 ඉඳලා තමයි. 31 ඉඳලා ගණන් කළාම දවස් 07 සම්පූර්ණ වෙනවා 06 වැනිදාට. ඒ නිසා මේක හරි පටිපාටිය අනුව ගෙනත් තියෙන්නෙ. ඒ කරුණ නිසා මේක විරෝධතාවයට පදනමක් නෑ. මේක අද ඉදිරිපත් කිරීමට නෛතික බාධාවක් නෑ…

ඇමතිවරයාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව සභානායකවරයාත් අද දිනයේ මේ පනත රැගෙන ඒමට ඇති නෛතික පදනම පෙන්වා දුන්නේය. ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද ආණ්ඩුවේ ස්ථාවරයට එරෙහිව කරුණු දැක්වූහ.

කෙසේ වෙතත් අවසානයේ දී ආණ්ඩුව ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව පොලිස්පති තෝරාගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව අද රැස් වෙයි!

Next Post

5 දෙනෙකුට වෙඩි තැබූ සහස්පුර අපරාධය… 02කට අසාධ්‍යයයි….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.