බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා කැප කිරීම් නොකෙළොත් රටේ ඉරණම හිතනවාට වඩා ඛේදනීය වෙයි…

නිතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්...

by editor
මැයි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට වැටී ඇති බිහිසුණු අනතුර තවමත් බොහෝ දෙනෙකුට නොතේරෙන බවත් ජනාධිපතිවරයාගේ සිට පහළට සියලුම දේශපාලකයින් මේ මොහොතේ අදාල කැපකිරීම් සිදු නොකළොත් රටට අත්වන ඉරණම අතිශය ඛේදනීය එක්ක වනු ඇති බවත්  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අද නුවර දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වෘත්තීයවේදීන් එකමුතුවක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, වරලත් ගණකාධිකාරීන්ගේ සංමය සමග එක්ව රටේ වෘත්තීයවේදීන්ගේ එකමුතුවක් ලෙස තමන් රට වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා 13කින් යුතු යෝජනාවලිය මල්වතු මහා නායක හිමියන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යය අමතමිනි.

රට බරපතල ආර්ථික අර්බුදයකට පත් වී ඇති අවස්ථාවේ දී දේශපාලන ස්ථාවරත්වයකින්  තොරව ආර්ථික ස්ථාවරය ගොඩනැගිය නොහැකි බවත් මේ  අවස්ථාවේ දි  සියලු දේශපාලන පක්ෂ එකතුවිය යුතුයි කියන  විශ්වාසය මේ රටේ වෘත්තිකයින් ලෙස තමන්ට ඇති බවත්  ඔහු පැවසුවේය.

“ අප යෝජනා කරන කරුණු 13ක යෝජනාවලිය තුළ මේ රටේ දේශපාලනය මෙන්ම ආර්ථිකය ස්ථාවර කරන සැලැස්ම තියනවා.  දැනට වෘත්තීය සංගම් ගණනාවක් අප එකතු කරගෙනන   තියනවා. ඉදිරියට අප ශක්තිමත් බලපෑම් කණ්ඩායමක් ලෙස      ජනතාව වෙනුවන් කැප කිරීමක් කරන්න කියලා  මේ රටේ දේශපාලනයට බල කරන්න කටයුතු කරනවා. මේ වෙලාවෙ දේශපාලකයින් රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස කටයුතු කළ යුතුයි. “

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම,  ජාතික රජයක් පිහිටුවා සියලුම දේශපාලන පක්ෂවලට පිළිගත හැකි අගමැතිවරයෙක් පත් කරගැනීම,  ස්වාධීන ආයතන බලගැන්වීම, වෘත්තිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සභාවක් පිහිටුවා කැබින්ට් මණ්ඩලයට උපදෙස් දෙන අවස්ථාවක් සැකසීම, මාස 06 -15 අතර කාලයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම,  ඇතුළු යෝජනා ඇතුළත් සිය යෝජනාවලියට මල්වතු මහා නායක හිමියන්  ඉතාම ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ  බව නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පැවසීය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් දුන් බිලියනයෙන් යකඩත් ගෙන්වන බව රජය පිළිගනී!

Next Post

ඇරයුම් පිළිගෙන මහා සංඝයා ගාළුමුවදොර රාමසාන් උළෙලට වඩිති… ඊද් ආහාර අනුභවය අතර දානමය පුණ්‍යකර්මයක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.