කොළඹ ගාලු මුවදොර පිටියේ අරගල භූමියේ පැවති විශේෂ රාමසාන් සැමරුම් උත්සවයට අද මහා සංඝයා ද වැඩම කර තිබිනි.
රාමසාන් උත්සවය සංවිධානය කළ මුස්ලිම්වරු චාරිත්‍රානුකූල ඊද් ආහාර අනුභව සඳහා සංඝයා වහනසේටත් කතොලික පූජකවරුන්ටත් කළ ආරාධනාව පිළිගෙන උන්වහන්සේලා එතැනට පැමිණ සිටියහ.
රාමඤ්ඥ මහා නිකායේ දක්ෂණ ලංකාවේ මහා නායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමි ප්‍රමුඛ මහා සංඝයා එම ඇරයුම පිළිගෙන පැමිණ තිබුණේ ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ සංකේතවත් කරන ප්‍රකාශනය ලෝකයට ගෙන යෑම සඳහාය.
සාමකාමී උද්ඝෝෂණවල නිරත වූ මහජනතාව ගාලු රෝව පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිටදී බුරියානි සමඟ සැවන් බෙදා ගනිමින් උත්සවයට එක්වන අයුරු ද දක්නට ලැබිණි.
The Eid festival was marked today with special celebrations held at the #OccupyGalleFace public protest site at the Galle Face Green in Colombo. pic.twitter.com/DoLUGwJflP
— NewsWire 🇱🇰 (@NewsWireLK) May 3, 2022