බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිගේ පැතුම ගැන ඉන්දියන් සංචාරයෙන් පසු සබ්‍රි කියයි!

by editor
ජූලි 22, 2023
in පුවත්
Ali-Sabry
Share on FacebookShare on Twitter

නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පැවසීය.

අද ලෝකයේ කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර, ලොව දියුණු සෑම රටක්ම එම ප්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළින් බව පෙන්වා දුන් අමාත්‍යවරයා දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු – ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බවද සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි  මේ බව සදහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ “ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” පිළිබඳ දැනුවත් කිරීමට අද (22) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

කිසිසේත් රටට තර්ජනයක් වන දේ කිරීමට ජනාධිපතිවරයා හෝ රජය කටයුතු නොකරන බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා මනා අවබෝධයෙන් සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාවට නැංවීම රජයේ අරමුණ බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විදේශ කටයුතු  අමාත්‍ය අලි සබ්‍රි  මෙසේ කීවේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ශ්‍රී ලංකාවේ සමීප සහ දිගුකාලීන මිත්‍ර රාජ්‍ය වන ඉන්දියාව සමඟ අවබෝධාත්මක සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම රටවල් දෙකට මෙන්ම කලාපයටම ඉතා යහපත් තත්ත්වයක් වන බව අප විශ්වාස කරනවා. ඉදිරි දශක දෙක, තුනේදී ලෝකයේ සිදුවන ආර්ථික වර්ධනයෙන් 2/3ක් පමණ  සිදු වන්නේ ආසියානු පැසිෆික් කලාපය තුළ බව අද සියලුදෙනා පිළිගන්නා කරුණක්. ඒ වගේම එහි නායකත්වය ගනු ලබන්නේ ඉන්දියාව සහ චීනය යන්න විවාදයකින් තොරව ජාත්‍යන්තරයම පිළිගන්නා සත්‍යයක් බවට පත්ව තිබෙනවා.

ඒ නිසා ඉන්දියානු සාගර කලාපය තුළ තිබෙන මෙම විශාල සංවර්ධන අවකාශයෙන් අප ප්‍රයෝජන ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මයි. යුරෝපා හවුල දෙස බැලූ විට එමගින් සම්පුර්ණ යුරෝපා කලාපයම දියුණු වුණා. මැදපෙරදිග රටවල් ගත්විටත් තත්ත්වය එසේමයි. චීනය වගේම ඇමරිකානු කලාපයත් සංවර්ධනය අත්පත් කරගනු ලැබුවේ ඒ අයුරින්. අපත් බලාපොරොත්තු වන්නේ මෙම සංවර්ධන අවකාශයන් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යාමටයි.

ජනාධිපති කළ වැදගත් සාකච්ඡා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වුණා. එම කාලය තුළ එතුමා වැදගත් සාකච්ඡා කිහිපයකට එක් වුණා.  ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා සමඟද සාකච්ඡා පැවැත්වුවා. ඉන් පසුව ජනාධිපතිතුමා  ශ්‍රී ලංකා දූත පිරිස සමඟ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා.

පසුගිය කාලය තුළ අප මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව අපට විශාල වශයෙන් සහාය වුණා. මුල්‍ය සහන ලබාදීම තුළින් මෙන්ම විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදි ඉන්දියාව නායකත්වය ගෙන ක්‍රියා කළා. අප මෙම ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් කරගතයුතුව තිබෙනවා. ඒ සඳහා ද ඉන්දියාවේ සහය අපට අඛණ්ඩව හිමිවන අතර මෙම සියලු කටයුතු වෙනුවෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ස්තූති කිරීමට ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළා.

ආර්ථික සමාජ සබඳතා

එසේම අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරෙන මෙම අවස්ථාවේ දී තවදුරටත් අපගේ ආර්ථික, සාමාජයීය හා දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට නම් ආයෝජන අවශ්‍යයි. ඒ වගේම එම ආයෝජන තුළින් වෙළෙඳපොළ සොයාගත යුතුව තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළහොත් විශාල වාසියක් රටවල් දෙකටම ලබාගත හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.  එහිදී රජයන් අතර පමණක් නොව පෞද්ගලික අංශ අතරත් එකඟතා අති කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම විමසා බැලීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති මෙම සාකච්ඡාවේදී සිදු කෙරුණා.

ඉන්දීයානු රුපියල ලංකාවේ භාවිතයට

ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ලෙස ඉන්දියන් රුපියල භාවිතා කිරීමට ඇති හැකියාව මෙහිදී සලකා බැලුණු අතර ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට පහසුවක් සැලසීම එහි අරමුණයි. සිංගප්පුරුව සමඟ ද ඉන්දියාව මේ ආකාරයට කටයුතු කර තිබෙන අතර ඉන් දෙරටම විශාල ප්‍රතිලාභ අත්කරගෙන තිබෙනවා.

ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ  සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබද අප පුළුල් ලෙස සාකච්ඡා කළා. මේ වන විටත් ඉන්දියාව සහ පලාලි ගුවන් තොටුපොළ අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේ දී මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ කටයුතු කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවදුරටත් අභ්‍යන්තර ගුවන් සේවා සබඳතා ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අප විමසා බැලුවා.

සංචාරක ක්ෂේත්‍රය

සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව හා එහිදි සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළා. දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වැඩිදියුණු කර ගැනිමේදී සංචාරක යාත්‍රා (Cruise Tourism) ප්‍රවර්ධනය කිරීමේ හැකියාව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නා. එය ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙන ක්ෂේත්‍රයක් වන අතර ඒ තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ විශාල ප්‍රබෝධයක් ඇති වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

අද දකුණු ඉන්දියානු කලාපය සීග්‍ර සංවර්ධනයකට ලක්ව තිබෙනවා. තමිල්නාඩු, ආන්ද්‍රා, තෙලගනා යන මෙම ප්‍රදේශවල සිදුව ඇති ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රි ලංකාවට ලබා ගැනීම සඳහා වරායන් අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ වැදගත්කම දෙරටේම නායකයන් හඳුනාගෙන තිබෙනවා. වරායන් අතර මෙම සබඳතා ඇති කරගන්නේ කෙසේද පිළිබඳ විද්වතුන් එක්ව සාකච්ඡා කළයුතුයි. ඒ පිළිබඳ සාකච්ඡා කර කරුණු අධ්‍යයනය කරමින් තීරණයකට පැමිණීම පිළිබඳ මෙහිදි නායකයන් අතර එකගතාවක් ඇති කරගත්තා.

එම කරුණු පිළිබඳ සියලු පාර්ශ්ව සමග  දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශ්වයම  සාකච්ඡා කළා.

බලශක්තිය සහ කෘෂිකර්මය

ඒ වගේම 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන් පසුව එම ක්ෂේත්‍රයේ අපනයන සඳහා අපට වෙළෙඳපොළක් තිබිය යුතුයි. ඒ තුළින් විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. අපේ සුර්ය  බලය, සුළං බලය අපනයනය සඳහා අවශ්‍ය පරිසරය සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අපට විශාල අවශ්‍යතාවක් තිබෙනවා. අප ඒ පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

ඒ වගේම  එහිදි සාමුහිකව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමකට ද එළැඹුණා. ඒ වගේම නව තාක්ෂණය භාවිතා කරමින් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා යන අංශයන්හි සහයෝගීතාවට තිබෙන අවස්ථා සොයා බැලීම පිළිබඳව ද අප සාකච්ඡා කළා.

මෙරට කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණික දැනුම ලබාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. සත්ව පාලනය, කිරි නිෂ්පාදනය ඇතුළු මෙම ක්ෂේත්‍ර සදහා තාක්ෂණික දැනුම ලබාගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අප මෙහිදී අත්සන් තැබුවා.

තාක්ෂණය සහ අධ්‍යාපනය

ඩිජිටල්කරණයේ දී ඉන්දියාව මේ  වන විට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ඉන්දියාවේ තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව ද අප සොයා බැලුවා.

එමෙන්ම ඉන්දියාවේ විශ්වවිද්‍යාල සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර සහයෝගිතාව ඉහළ නංවා ගැනීම මෙන්ම ඉන්දියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලංකාවේ ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බැලීමට ද කටයුතු කළා.

ඉන්දීය සම්භවයක් ඇති උඩරට ජීවත්වන වතුකර දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ දන් වසර 200ක් පමණ ගතව තිබෙනවා. ඔවුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව එකඟතාව පළ කළ අතර ඒ සඳහා ඉන්දිය රුපියල් මිලියන 750ක මුදලක් ආයෝජනය කිරීමට ඉන්දිය රජය කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ වගේම නුවරඑළිය ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ හැකියාව සහ ඒ පිළිබඳ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධව ද  මෙහිදී සාකච්ඡා කළා.

සාගරය

එසේම ධීවර ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන්  විශේෂ අවධානයක් යොමු වුණා. උතුරේ බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් මසුන් ඇල්ලීම නැවැත්වීමේ හැකියාව පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කළා.

ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉන්දියානු සීමාව පසුකරගෙන  ඉන් ඔබ්බට යාමට අවස්ථා ලබාදෙන ලෙස ද අප ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළා. දෙපාර්ශ්වය එකතු වී දිගින් දිගටම සාකච්ඡා කිරීම මඟින් මෙම ගැටලු විසදා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරාත්තු වෙනවා.

සම්පුර්ණ ඉන්දියානු සාගර කලාපය ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද සහ එහිදී සාමුහිකව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව,  අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේ කිරීමට ඇති කැපවීම සමඟ දෙපාර්ශ්වයම මෙහිදී එකඟත්වයෙන් යුතුව සාකච්ඡා කළා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෘහ සේවය මගේ පුද්ගලික ජීවිතය… ඒත් මම අන්තර්ජාතික පදක්කමක සිහිනය අත්හැරලා නෑ… සචිනි ලෝකයට කියයි!

Next Post

අතේ පත්තුවුන අධිවේගයේ කෝටි 27ක හොරකම් කතාව ගෙතූ නිලධාරීන් බන්දුල ඇමතිව අන්නලා!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.