බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිගේ අණටත් ඉහළින් යන කෙහෙළිය සහ නිලධාරීන්ගේ ඖෂධ මගඩිය ගැන වෛද්‍ය සංගම් හතරකින් චෝදනා පත්‍රයක් !

by editor
ජනවාරි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා විසින් දෙන ලද උපදෙස් සහ මඟ පෙන්වීම්ද බැහැර කරමින් පවතින ඖෂධ හිඟය හමුවේ ඖෂධ මෙරටට ගෙන්වීමේ පටිපාටියෙන් ද බැහැරව මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් තොර ඖෂධ වර්ග ගණනාවක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් වහා අවධානය යොමු කරන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍ය සංගම් හතරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටී.

ඔවුන් චෝදනා කරන්නේ ඉන්දීය සමාගම් දෙකකින් මෙරට ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය දරන උත්සාහය හේතුවෙන් රටේ සෞඛ්‍ය සහ රෝගීන්ගේ ජීවිතවලට ඉතා අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

ශ්‍රි ලංකා කායික වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ශ්‍රි ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ ශ්‍රි ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර එයින් ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ කැබිනට් රැස්වීමකදී ජනාධිපතිවරයා විසින් පවතින ඖෂධ හිඟය මග හැරීමට ලබා දී ඇති උපදෙස්වලට පටහැණිව අමාත්‍යංශය මේ වනවිට කටයුතු කරමින් සිටින බවය.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා ඉන්දීය ණය තීරුව තුළ දැනට ඉතිරි ව ඇති අරමුදල් භාවිත කර ඉන්දීය ඖෂධ සමාගම්වලින් ඖෂධ ගෙන්වීමට අදාළ උපදෙස් ලබා දී තිබේ. එම රැස්වීමේදී මුදල් අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ මෙම ඖෂධ ගෙන්වීමේදී ඒවායේ මිල මෙන්ම ගුණත්මකභාවයද සැලකිල්ලට ගත යුතු සේම ඖෂධ ගෙන්වීමේදී සෙසු පෞද්ගලික සමාගම් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටීන් එලෙසින්ම ක්‍රියාත්මක කළ යුතු බවය.

එසේ උපදෙස් ලැබී තිබියදීත් සහ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඉන්දීය ඖෂධ නිෂ්පාදන තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයත් එහි වෛද්‍ය සැපයුම් ඒකකය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාත් විසින් ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් මෙරට ලියාපදිංචි කිරීමකින් තොරව ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් අවසරය ඉල්ලා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවට මෙම වෛද්‍ය සංගම් චෝදනා කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙලෙස ලියාපදිංචි කිරීමකින් තොරව ගෙන්වීම සඳහා ඉල්ලීම් කර ඇති ඖෂධ අතර එන්නත් මඟින් ලබා දෙන ප්‍රතිජීවක ගෙන්වීමට උත්සාහ කරන්නේ කිහිප අවස්ථාවකදී ගුණාත්මක තත්ත්වය බිඳ වැටී ඇති බව තහවුරු වූ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් බවද එම විශේඥවරු පෙන්වා දෙති.

ජනාධිපතිවරයා විසින් දෙන ලද නියෝගයන්ද ඉක්මවමින් මෙලෙස සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරීම සම්බන්ධයෙන්වූ චෝදනා සම්බන්ධවද මෙම ලිපිය ඊළඟ කැබිනට් අමාත්‍ය රැස්වීමේදී අමත්‍ය මණ්ඩලය වෙත යොමු කරවන ලෙසත් මේ පිළිබඳව අමාත්‍යවරයාගෙන් කරුණු විමසන ලෙසත් මෙම වෛද්‍යවරු තවදුරටත් ඉල්ලා සිටිති.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නම් කරනු ලැබ ඇති මෙම ඉන්දීය සමාගම් දෙකකින් එකක් පසුගියදා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඉන්දීය සංචාරයකට අනුග්‍රහය දැක්වූ බව සඳහන් වන අතර එම චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා පවසා සිටියේ තම පෞද්ගලික මුදලින් මෙම ඖෂධ සමාගම් නිරීක්ෂණයට ගිය බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාස 10ක සිය සිඟිති දියණියක අපයෝජනය කළ නරුමයෙක් අත්අඩංගුවට…

Next Post

මැතිවරණය කල් දැමීමට සියල්ල සූදානම්… තීන්දුව 12දාට පෙර… රජයේ ආරංචිමාර්ග කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.