ලලිත් චාමින්ද –
මාස දහයක් වයස බිළිදියක් අපයෝජනය කිරිම සම්බන්දයෙන් එම බිළිදියගේ පියා ඊයේ (28) අත්අඩංගුවට ගත්බැව් පෝද්දල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, කළේගාන, නාගරුක්කාරාම මාවතේ පදිංචි 38 හැවිරිදිවියේ පසුවන අයෙකි.
මොහු පින්තාරුකරුවකු වන අතර අධික ලෙස බිමත්ව පැමිණි සැකකරු බිළිදිය නිවසේ පිටුපසට රැගෙන ගොස් අපයෝජනය කොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකාර පුද්ගලයාගේ බිරිය මොහුත් සමග දෙවැනි වරට විවාහ වි ඇත. ඇයට පළමු විවාහයේ අවුරුදු 18ක දරුවෙකු සිටින බවද පොලිසිය පවසයි. මාස දහයේ බිළිඳිය සැකකාර පුද්ගලයාගේය. මොහු බිරිය සමග නිරන්තරයෙන් ගැටුම් ඇතිකර ගන්නා බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් පසු බිළිඳිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. බිළිදිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයට යොමුකිරිමෙන් පසු අපයෝජනයකට ලක්ව ඇති බව තහවුරුවි ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
පොද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.