පැහැරගෙන ගොස් සිය බොරැල්ල කනත්ත සුසාන භූමිය තුළ ගෙල සිරකර සිය වාහනය තුළ බැඳ දමා සිටියදී හමුවූ ජනශක්ති ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ශාෆ්ටර් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇත.
ජනශක්ති ව්‍යාපාරයේ වැඩි කොටසක් හිමි මෙරට ප්‍රකට වයපාරිකයකු සහ ක්‍රිකට් පරිපාලකයකු වූ චන්ද්‍රා ෂාෆ්ටර් ගේ පුත්‍රයකු වන දිනේශ් ෂාෆ්ටර් ඊයේ (15) දහවල් කුරුඳුවත්ත මල්පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් පිටත්ව ගොස් ඇත්තේ ඔහුට රුපියල් බිලියන 1.43ක මූල්‍ය වංචාවක් සිදුකළ ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙක් හමුවීමට යන බව සිය සිය බිරියට පවසමින් බව වාර්තා වේ.
මෙම තැනැත්තා සිදුකළ මූල්‍ය වංචා පිළිබඳ දිනේෂ් ෂාෆ්ටර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක් ගොනුකර තිබිණි. මේ වංචාව සම්බන්ධයෙන් චුදිත පුද්ගලයා පසුගිය වසරේ පෙබරවාරි මස 11 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
කෙසේ වෙතත් දිනේශ් ෂාෆ්ටර් පිටත් වී ගොස් මද වේලාවකින් ඔහුගේ බිරිය ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබේ. එහෙත් ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිතව වී තිබී ඇත.
දුරකථනය හරහා ලැබී ඇති සංඥා අනුව ඔහුගේ දුරකථනය බොරැල්ල සුසාන භූමිය අසල තිබෙන බවට බිරිඳ අනාවරණය කරගෙන තිබේ.
ඒ පිළිබඳව සැක සිතූ සභාපතිවරයාගේ බිරිඳ, සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එම නිලධාරියාව එවා ඇත.
පොලිසිය පවසන්නේ මෙම විධායක නිලධාරියා පැමිණ කළ සොයා බැලීමේදී, සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා ඇති අයුරු දැක ඇති බවය. එමෙන්ම මෙම මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බවද පොලීසිය කියයි.
විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ ද සහාය ඇතිව බැඳ දමා සිටි සභාපතිවරයාගේ අත් දෙකේ රැහැන් කපා ගෙලට දමා තිබූ වයර් ඉවත්කර ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ අතර එහිදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මිය ගොස් ඇත.










