ජනවාරි මාසයේ සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතාව ලබා ගැනීම සඳහා දැනට ඩොලර් මිලියන 200ක හිඟයක් පවතින බවත් එම හිඟය පියවා ගැනීමට අදාල තීරණ සහ විසදුම් හෙට පැවැත්වෙන කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණය බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ලංකාසරට පැවසීය.
මාසිකව ඉන්ධන මිල දී ගැනීම සඳහා සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 350ක් අවශ්‍ය වන නමුත් දැනට පවතින සංචිත අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වෙන් කළ හැක්කේ ඩොලර් මිලියන 150කි.
ඉතිරි මුදල් ලබා ගැනීමට මේ අනුව කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
දැනට පවතින තත්ත්වය සහ කළ යුතු දේවල් පිළිබඳව තමන් පූර්ණ විස්තරයක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් තමන් අපේක්ෂා කරන්නේ අර්බුදයක් පවතින මෙවැනි තත්ත්වයකදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ සඳහා ඩොලර් වැය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව රජය ලබා ගත යුතු බවය.
එහිදී අත්‍යවශ්‍ය ඖෂධ, වෛද්‍ය සේවා, පළමු ප්රමුඛතාවටත් දෙවන ප්‍රමුඛතාව ලෙස ඛනිජ තෙල් මිලදී ගැනීම ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙයි.
විදේශ සංචිත අර්බුදයක සිටින මෙරට රන් සංචිතය ද පහළ ගොස් ඇතිබවට පසුගියදා වාර්තා විය.