රුසියානු ආක්‍රමණයෙන් මව් බිම බේරා ගැනීම සඳහා කළ යුද්ධයේ දී යුක්රේන හමුදා භටයින් 1,300 ක් මේ වන විට ජීවිතය පූජා කර ඇතැයි යුක්රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේය.
සිකුරාදා වන විට රුසියානු හමුදා භටයින් 500-600 ත් අතර සංඛ්‍යාවක් යුක්රේන හමුදාවන්ට යටත් වී ඇති බවත් ඔහු පැවසුවේය.
රුසියානු සොල්දාදුවන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇති නමුත් වාර්තා වන කිසවෙකුගේ කිසිදු මරණයක් සම්බන්ධව තමන් සතුටු නොවන බව යුක්රේන ජනාධිපතිවරයා පැවසීය.
” ඇස්තමේන්තුගත ආකාරයට ඔවුන්ට ජීවිත 12,000ක් අහිමි වී තිබෙනවා. එය මට සතුටක් ගෙන දෙන්නේ නෑ… මම ලෝකය දකින ආකාරය මෙය නොවේ,” ඔහු පැවසීය.
කෙසේ වෙතත් සෙලෙන්ස්කිගේ ප්‍රකාශය තහවුරු කරගැනීමට බීබීසීයට නොහැකි වූ බව ඔවුන් වාර්තා කර ඇත.
බීබීසී