ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු මැතිවරණ කටයුුත්තකට සහභාගී නොවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
එළඹෙන චන්දයේ දී තමන් කිසිම මැතිවරණ වේදිකාවකට හෝ මැතිවරණය වෙනුවෙන් සැලසුම් කරන වැඩසටහනකට සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රිකාකාරීන්ට අද සවස දැනුම් දී තිබේ.
රනිල් වික්‍රමසිංහ මෙම දැනුම්දීම කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් සමග ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබිණි.
තමන්ට ජනාධිපති ධූරයට පත් කරගනු ලැබුවේ විශාල වගකීමක් හා බලාපොරොත්තු ඇතිව බවත් එහි ප්‍රධානතම අරමුණ වන්නේ ඉදිරි දෙවසර තුළ රට යලි ගොඩනැන්වීමට බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව තමා කැපවී සිටින්නේ රට ගොඩදැමීම සඳහා මිස මැතිවරණ හෝ වෙනත් කටයුතුවලට මුල් තැන දී කටයුතු කිරීමට නොවන බවත් ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු කෘත්‍යාධිකාරි මණ්ලයේ තීන්දු තීරණ මත ඉදිරියට ගෙන යන ලෙස පක්ෂයට දැනුම් දී ඇත.







