සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති රනිල්ට තුන් කල් පෙනෙන බව මිහින්තලේ හාමුරුවන් කියයි!

මත්ද්‍රව්‍ය භාවිතා කරන අය නීතිය අතට ගද්දි ඔබතුමා වෙස්වලාගත් ආශිර්වාදයක් වගේ ආවා...

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයෙකු ලෙස මේ රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති  පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

“දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය” යන වදන සනාථ කරමින් වික්‍රමසිංහ මහතා අද මේ රටේ භාරකාරත්වයට පත්ව, වෙස් වළාගත් ආශිර්වාදයක් සේ   රට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බව උන්වහන්සේ  සඳහන් කළහ.

අද (21) පෙරවරුවේ මිහින්තලා පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති   පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් බැහැ දැක සුව දුක් විමසූ අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර .“මිහින්තලා සංදේශය” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී අනුශාසනා කළ ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියො මෙසේ කීහ.

“දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතුය” කියලා තිබෙනවා හුණුවටයේ කතාවේ. එදා බොහෝ මාධ්‍ය, දේශපාලනඥයන්  ඔබතුමාගේ චරිතය ඝාතනය කළා. දකුණට ගිහිල්ලා කියනවා ත්‍රස්තවාදිය කියලා, එහෙම කිව්වේ රට පාලනය කරපු පාලකයෝ. ඒ වගේම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ගණනාවකුත් තිබුණා. “රනිල්ට බැ” කියලා කියපු ඒ මතවාදය “රනිල්ට ජනාධිපති පදවිය ලබාදිය යුතුයි” කියලා කියමින්ම එදා අපේ මංගල සමරවීර මහත්තයා නිවැරදි කර ගත්තා. අනිත් කෙනා ශ්‍රීපති සූරියආරච්චි මහත්තයා. ඒ වගේ තවත් බොහෝ අය ඉන්නවා. “

“අවසානයේ අපි දන්නවා යුද්ධ දෙක තුනක් තිබුණා. 1989, එල්.ටී.ටී.ඊ ය එක පැත්තකින්. ජනතා විමුක්ති පෙරමුණ තව පැත්තකින්. ට්‍රාන්ස්පෝමර්, කර්මාන්තශාලා සියල්ල ගිනි තියනවා. අනිත් පැත්තතෙන් බෝම්බ පුපුරනවා. හැබැයි ඒ කාල වකවානුවෙත් මෙච්චර පීඩනයකට, මෙච්චර අසීරු තත්ත්වයකට රට වැටිලා තිබ්බේ නැහැ. “

“අද එක පැත්තකින් කොරෝනා වසංගතය,  අතිත්  පැත්තෙන් දේශපාලන අස්ථාවරත්වය. වර්ගවාදය, ඒ වගේම ආගම්වාදය, ජාතිවාදය මේ සියල්ල තිබෙනවා. අපි දන්නවා රටක් තිබුණට රටේ නීතියක් නැති වුණා අවසානයේ. පොලීසියේ වාහන පරීක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කළ අය. නීතිය අතට ගත්තා. පොලිසියට ගහන්න ගත්තා. අවි ආයුධ සොරාගත්තා. විවිධ දේවල් කළා.“

අවසානයේ දී වෙස් වළාගත් ආශිර්වාදයක් වගේ ඔබතුමා මේ රටට හොදක් කරන්න ඉදිරියට ආවා. ඔබතුමාගේ නිවස පවා රාජකීය විද්‍යාලයට ලියලා තිබෙනවා. ලෝකෙවත්, ලංකාවේවත් වෙන බිම් අගලක් ඔබතුමාට නැ. ඒ තිබුණ ඒවත් විශ්ව විද්‍යාලවලට, ඒ ආයතනවලට පූජා කරලා තිබෙන්නේ. එහෙම පරාර්ථකාමී චරිතයක් තමයි අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

එතුමා කියන දේවල් මිනිස්සු හෑල්ලුවට ගත්තා පසුගිය කාලවල. විහිළුවට ලක් කළා. නමුත් අවසානයේ මේ බැරූරැම් අවස්ථාවේ කෝච්චියට බෙල්ලා තිබ්බා වගේ වැඩක් එතුමාට කරන්න වුණේ. අගමැතිකම ගත්තා, ජනාධිපතිකම භාරගත්තා. අනිත් සියලුදෙනාටත් ජනාධිපති ධූරය භාරගන්න එන්න කිව්වා. නමුත් කවුරුත් භාරගත්තේ නැහැ.

මොනව කිව්වත් අවසානයේ රජකම ලැබෙන්නත් පින තියෙන්න ඕන. මේ ලංකාවේ භාරකරත්වය දරන්න, මේ උතුම් පූජනීය වස්තු දරන්න, විවිධ ආගම්, විවිධ ජාතීන් මේ සියල්ලේ භාරකරත්වය දරන්න ලැබීම  වාසනාවක්.

ඒ වගේම ඔබතුමා රාජ්‍ය නායකත්වයට පත්වෙන්න පෙර සිටම කුඩා අවධියේ සිට මේ මිහින්තලා ආලෝක පූජාවට සහභාගී වෙනවා. ඒ වගේම අගමැතිවරයෙක් විදියට අවස්ථා  ගණනාවකදී මෙම ස්ථානයට පැමිණිලා ආලෝක පූජාවට සම්බන්ධ වු කෙනෙක් තමයි ඔබතුමා. රජකම අරගෙනත් ඔබතුමා ඒක අමතක කළේ නැහැ”

හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්තානය තලේබාන්වරුන්ට අතට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් වියානා හී විරෝධතා මාලාවක්

Next Post

ආණ්ඩුවට පිනට කන්න දෙන්න බෑ… වැඩ කරන්න බැරි සියලුම රාජ්‍ය සේවකයින් ඉවත් වී යා යුතුයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.