බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති මැදුරේ මුදල් ගැන පොලිස් ලොක්කෙකුගේ අනීතික නියෝග බැහැර කළ කොටුව OIC ව දඩයම් කරයි ?

by editor
ජූලි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති මන්දිරයේ තිබි පසුගිය 09 වන දා අරගලකරුවන් විසින් සොයාගෙන ජනාධිපති මන්දිරය භාරව සිටි ආරක්ෂක අංශ ප්‍රධානියා හරහා කොටුව පොලිස් ස්ථානයට භාර දුන් රුපියල් එක් කෝටි  හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධව   විධිමත්ව නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා දඩයම් කිරීමේ පොලිස් මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි දරවු කරයි.

මෙම දඩයම පසුපස බස්නාහිර පළාතේ   ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියෙක් සිටින බවත් ඔහුගේ හිතවත් පොලිස් ඇමතිවරයාගේ බලය සහිතව ඔහු පොලිස්පතිවරයා ද අභිබවා යමින් මේ දඩයම කිරීමට සූදානම්වන බවත් එම ආරංචි මාර්ග පවසයි.

මෙම මුදල සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදුනොවන බවට පොලිස් මූලස්ථානයෙන්ම චෝදනා එල්ලවෙද්දී ඊයේ (29) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ වහාම එම මුදල අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

අදාල මුදල් ප්‍රමාණය පොලිසියට භාර දී සති තුනක් ඉක්ම ගිය පසුත් ඒ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා  නොකිරීම ගැන  මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එහෙත්  මෙම මුදල   භාර ගත් වහාම කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින්  අදාල සියලුම සටහන්, එම මුදල් භාර දුන් තරුණයින් 05 දෙනෙකුගේ සාක්ෂි සහ වීඩියෝ සාක්ෂි සහිතව පොලිස් පොත්වල සටහන් කර තිබිණි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

එසේ තිබිය දී 09 වැනිදා රාත්‍රියේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇමතූ බස්නාහිර පළාතේ ඉහළම පොලිස් ලොක්කෙක් එම මුදල සම්බන්ධ විස්තර  පොත් පත්වල සටහන් කිරීම සම්බන්ධව ඔහුට බැණ වැදී ඇත. අනතුරුව වහාම එම මුදල පොලිසිය භාර ඇමතිවරයාගේ නිවසට ගෙනැවිත් භාර දෙන ලෙස ද නියෝග කර තිබේ.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මෙම අනීතික අණ ද පොත්වත්වල දිනය වෙලාව සමග සටහන් කර තිබිණි. ඒ අතර පොලිස් මූලස්ථානයේ යම් යම් නිලධාරීන් මෙම මුදල් භාර දෙන ලෙස කොටුව ස්ථානාධිපතිවරයාට බලපෑම් කළත් ඔහු එයට එකඟ නොවී උසාවියට කරුණු වාර්තා කිරීමට සූදානමින් සිට ඇත.

පසුගිය 13 වැනිදා මේ සම්බන්ධව උසාවියට කරුණු වාර්තා කිරීමට සිටිය දී 12 වැනිදා පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරීන්  කණ්ඩායමක් මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන බව දන්වා මුදල් සහ සියලු සාක්ෂි සටහන් සහිත ලේඛණ ඔවුන් භාරයට ගෙන තිබිණි.

එහෙත් මෙම සිද්ධියට මැදිහත් වූ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්  නිලධාරියාගේ බලපෑම මත විධිමත් විමර්ශනයක් සිදුනොවුන බවත් සිද්ධිය මේ වනතුරුත් කිසිම උසස් නිලධාරියෙකුගේ අවධානයට යොමු වී නැති බවත් පොලිස් මූලස්ථානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.

මෙම මුදල හා අදාල ලේඛන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් අධිකරණ නියෝගයක් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබෙන්නේ මේ අතරය.

මෙ මුදල සම්බන්ධව  ස්වකීය අනීතික නියෝග පොත්පත්වල සටහන් කිරීම නිසා   උරණ වී සිටින බස්නාහිර පොලිස් ලොක්කා මේ වනවිට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් පලි ගැනීම සඳහා සූදානම් වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඒ අනුව බොහෝ විට නුදුරේදීම කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහි මුල් පියවර ලෙස ස්ථාන මාරුවක් ලැබෙනු ඇතැයි දැනගන්නට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපති අගමැති ආරක්ෂක ලොක්කන් වෙනස් වේ…

Next Post

ගාළුමුවදොරට මළ සිරුරක් ගොඩ ගසයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.