ගාලු මුවදොර වෙරළ තිරයට නාදුනනන මළසිරුරක් (පිරිමි පුද්ගලයකු )ගොඩ ගසා ඇති බව පොලිසිය කියයි.
මේ වන විට කොටුව පොලිස් ස්ථානයේ නිළධාරින් ස්ථානයට පැමිණ තිබේ. මියගොස් ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි. මූලික පරික්ෂණ වලදි තැලුම් පහර දීම් හෝ වෙනයම් තුවාල හඳුනාගෙන නැති බවත් ඝාතනයක් විය නොහැකි බවත් පොලිසිය කියයි.
තරුණයාගේ ජාතික හැදුනුම්පත ඔහුගේ පසුම්බියේ තිබී හමුවී ඇත. බොහෝ විට මෙම තරුණයා වැල්ලවත්ත ආශ්‍රිතව මුහුදට වැටෙන්නට ඇති බවත් එම ප්‍රදේශයෙන් වැටෙන විට රැල්ලට හසුව ගොඩ ගසන්නේ ගාලුමුවදොර අවට මුහුදු තීරයෙන් බවත් විමර්ශන අංශ කියයි.
පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.