ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 දා සිය ධුරයෙන් ඉවත් වන බව තමාට දැනුම් දී ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
අද ‘(09) දිනයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී ගත් තින්දුව ජනාධිපතිවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව ඔහු මේ බව ප්රකාශ කළ බව ද කතානායකවරයා කියයි.
අද පැවති තත්ත්වය මත කතානායකවරයා විසින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවූ අතර එහිදී ගත් තීරණයක් වූයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවය.
මේ බව ලිඛිතව ජනාධිපතිවරයා වෙත දැන්වීම කතානායකවරයා විසින් අද සවස සිදුකළේය.
ජනාධිපතිවරයාගේ අස්වීමෙන් පසු මාසයකට නොවැඩි කාලයක් සඳහා තාවකාලික ජනාධිපති ධුරය කතානායකවරයා විසින් දැරීම පිලිබඳව ද මෙම රැස්වීමේ දී තීරණය විය.
කතානායකවරයා කළ නිවේදනය පහත දැක්වේ.







