බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති අනුරට යුරෝපා සංගමයේ සුබ පැතුම්!

by editor
සැප්තැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යුරෝපා සංගමය නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක් කර ඇත.

සැප්තැම්බර් 21 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී ඉහළ ඡන්ද ප්‍රතිශතයක් හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඔවුන්ගේ කැපවීම යළිත් වරක් පෙන්නුම් කළ බව යුරෝපා සංගමය ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් නිව්ස් ෆස්ට් වාර්තා කරයි.

“මැතිවරණය සාමකාමී ආකාරයකින් සහ තරඟකාරී දේශපාලන පරිසරයක් තුළ පැවැත්වුනා. ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ ආරාධනය පරිදි, යුරොපා සංගමය විසින් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් යෙදවූයේ මැතිවරණ ක්‍රමයේ සියලු අංශ පිළිබඳ ස්වාධීන, අපක්ෂපාතී සහ තාක්ෂණික තක්සේරුවක් සිදු කිරීමට යි. මෙම ක්‍රියාවලිය යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ යුරෝපා සංගමයේ සමීප සහයෝගීතාව තවදුරටත් පිළිබිඹු කරනවා..

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩල සිය මූලික වාර්තාවේ පෙන්වා දුන්නේ මෙහිදි මූලික නිදහසට පුළුල් ලෙස ගරු කළ බවත්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීනව සහ අධිෂ්ඨානශීලීව එම ක්‍රියාවලිය මෙහෙයවූ බවත්, මැතිවරණයේ සෑම ප්‍රධාන අදියරකදීම විනිවිදභාවය සහතික කරන බවත්…. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩල විසින් ප්‍රගතිය අවශ්‍ය ක්ෂේත්‍ර හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්, දේශපාලන මූල්‍යකරණයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ පොදු සහ දේශපාලන ජීවිතය තුළ කාන්තා සහභාගීත්වය වැඩි දියුණු කිරීම ඉන් අංශ දෙකක් .

එමෙන්ම යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩල විසින් අනාගත මැතිවරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ඇතුළුව සවිස්තරාත්මක අවසන් වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ඇති” යුරෝපා සංගමයේ ප්‍රකාශකයා ප්‍රකාශ කර තිබිණි.

“ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ වැදගත් සහ වටිනා හවුල්කරුවෙක්. අප යහ පාලනය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ අපගේ සහයෝගීතාව, වෙළඳ සහ ආයෝජන හවුල්කරුවන් ලෙස අපගේ සබඳතාව සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත සංක්‍රාන්තිය ප්‍රවර්ධනය කිරීමට අපගේ ඒකාබද්ධ වැඩකටයුතු ගොඩනගා තිබෙනවා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සඳහා අපගේ හවුල් කැපවීම ප්‍රධාන කරගෙන ජනාධිපති දිසානායක සමඟ වැඩ කිරීමට අප බලාපොරොත්තු වෙනවා… ඒ වගේම රටේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීම, කල්පවත්නා සංහිඳියාව සහ සියලු දෙනා ඇතුළත් සෞභාග්‍යය සහ වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සඳහා ද යුරෝපා සංගමයේ සහයෝගය අඛණ්ඩව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වවිද්‍යාල සිසුන්ගේ ජිවිතයට කෘතීම බුද්ධියේ බලපෑම

Next Post

කතරගම අලුත් බාර් එක නියෝජ්‍ය කතා නායකගේ… කතරගම හිමිවරු කියති… මට බාර් දැම්මෙ නෑ… නියෝජ්‍ය කතානායක කියයි! බාර් එක වහන තුරු හිමිවරු දහම් පාසල් වසති!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.