කිර්ති ප්‍රනාන්දු –
අප රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට හැකි ආකාරයට සකස් වී තිබීම කණගාටුදායක බවත් , එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද ( 04) පාස්කු වින්දිතයන් සමග කළ රෝම සංචාරයෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපලින් යළි දිවයිනට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය අමතමිනි.
උන්වහන්සේ එහිදී වැඩිදුරටත් කීවේ පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉටු කර දෙන මෙන් ශුද්ධෝත්තම පාප් වහන්සේ මේ රටේ පාලකයින් ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ ඉල්ලීම සම්බන්ධව ඔවුන් හැසිරෙන්නෙ කෙසේ දැයි බලා සිටින බවත්ය.







