රාජ්‍ය ඇමතිවරු සිවු දෙනෙක් වහාම ක්‍රියාත්මකවන පරිදි සිය ධූරවලින් ඉවත් කර තිබේ.
වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මෙසේ එම ධූරවලින් පහ කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත් කිරීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.







