ලලිත් චාමින්ද –
-
බෙහෙත් සහ ශල්‍ය උපකරණ උග්‍ර හිඟයක් පවතින මේ අවස්ථාවේ ප්‍රතිකාර පහසුකම්වල ප්‍රමුඛතාවය ගෙවන වාට්ටුවෙ රෝගියාට ද සාමාන්‍ය වාට්ටුවේ රෝගියාට ද ?…. වෛද්‍යවරු ප්‍රශ්න කරති.
ජනතා බදු මුදලින් නඩත්තු වන රජයේ රෝහල්වල ඖෂධ හා උපකරණ දැවැන්ත හිඟයක් තිබියදි රජයේ රෝහල් පද්ධතිය තුළ පුද්ගලික ගෙවන වාට්ටු ආරම්භ කිරීමට රජය තින්දු කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බැව් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක ලේකම් වෛද්‍ය නිශාන්ත සමරවිර පවසයි.

ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සඳහන් කළේය. වෛද්‍ය නිශාන්ත සමරවිර මෙසේද කිවේය.
“මැයි මස 08වැනිදා අමාත්‍ය මණ්ඩලය තිරණයක් ගන්නවා පුද්ගලිකව ගෙවන වාට්ටු රෝහල් පද්ධතිය තුළ ඇති කරන්න. මෙක ඉතා අමානුෂික ක්‍රියාවලියක්. රෝහල් පද්ධතිය තුළ පුද්ගලික ගෙවන වාට්ටු ඇතිකිරීම කියන්නේ ජනතා බදු මුදලින් නඩත්තුවන රජයේ රෝහල්වලින් සෞඛ්‍ය පහසුකම් සපයා ගැනිමට රෝගින්ට මුදල් ගෙවන්න කියන එක.”
“මේක මහජනතාවක් ඉදිරියේ රජයක් විසින් ගනු ලැබු ඉතා අමානුෂික තිරණයක්. ආර්ථික අර්බුදය හමුවේ ඉතා දුක්ඛිත තත්වයට පත්වෙලා ඉන්න ජනතාව පැදුරෙන් ද එළියට ඇදලා දමන තිරණයක් තමයි මේ අරගෙන තියෙන්නේ.”
“ආණ්ඩුවට බලකලා කියනවා මේ තීන්දුව හකුලා ගන්න කියලා. මේ වගේ ගෙවන වාට්ටු හරහා සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න බැහැ. අත්‍යවශ්‍ය ඖෂධවල දැවැන්ත හිඟයක් තවමත් රෝහල් තුළ තියෙනවා. ඉන්සියුලින්වල හිගයක් මුළු රෝහල් පද්ධතිය තුළ තියෙනවා.”
“පුද්ගලික රෝහල් පද්ධතියක් දැනට රටේ තියෙනවා. පුද්ගලික රෝහල් මදි කියා මේ රටේ මහජනතාව කිවේ නැහැ. රෝහල් පද්ධතිය තුළ ගෙවන වාට්ටුවක් ඇති කළහොත් සියලු පහසුකම් ගන්න බැහැ වාට්ටුව ඇතුළේ. ශල්‍ය කර්මයක් සඳහා රෝගියකු ඇතුළත් වුවහොත් ශල්‍යාගාර පහසුකම් දෙන්නේ ගෙවන වාට්ටුවේ ඉන්න රෝගියාටද සාමාන්‍ය වාට්ටුවේ ඉන්න රෝගියාටද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා.”
“සි.ටි.ස්කැන් එකක්.එම් ආර් අයි. පරික්ෂණයක් කරන්න උනොත් එම පරික්ෂණ කරන්නේ ගෙවන වාට්ටුවේ ඉන්න රෝගියාටද සාමාන්‍ය වාට්ටුවේ ඉන්න රෝගියාටද, කියා ගැටලුවක් ඇති වෙනවා.” වෛද්‍ය නිශාන්ත සමරවිර වැඩිදුරටත් සඳහන් කළේය.







