අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

සයිබර් ප්‍රහාරකයින් තම ප්‍රහාරයෙන් පසු ඇපල් සහ ටෙස්ලා රහසිගත තොරතුරුත් ඩාර්ක් වෙබ් අඩවියකට මුදාහරී...

by editor
ජූනි 23, 2026
in පුවත්
Tata-Electronics
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන – 

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ටාටා ඉලෙක්ට්‍රොනික්ස් (Tata Electronics) සමාගම මෑතකදී බරපතළ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව එම සමාගම නිල වශයෙන් තහවුරු කර තිබේ. සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් පවසන පරිදි ‘වර්ල්ඩ් ලීක්ස්’ (World Leaks) නැමති ප්‍රසිද්ධ රෑන්සම්වෙයාර් (Ransomware) කණ්ඩායමක් විසින්, ටාටා සමාගමේ ප්‍රධානතම ගනුදෙනුකරුවන් වන ‘ඇපල්’ (Apple) සහ ‘ටෙස්ලා’ (Tesla) සමාගම්වලට අයත් අතිශය රහසිගත උපාංග සැලසුම් සහ තාක්ෂණික පිරිවිතර ලේඛන අන්තර්ජාලයේ අඳුරු කලාපය හෙවත් ඩාර්ක් වෙබ් (Dark Web) වෙත මුදාහැරීමෙන් පසු මෙම තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සයිබර් ප්‍රහාරක කණ්ඩායම විසින් ටාටා සමාගමට අයත් ගිගාබයිට් 630කට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් අඩංගු ලිපිගොනු 200,000කට අධික සංඛ්‍යාවක් ඩාර්ක් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බව ආරක්ෂක පර්යේෂකයෝ රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ටාටා සමාගමට අයත් බ්‍රිතාන්‍යයේ ජගුවර් ලෑන්ඩ් රෝවර් (Jaguar Land Rover) සමාගමට ද පසුගිය වසරේ මෙවැනිම සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර, එමගින් සති හයක් පුරා එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සිදුවිය.

මේ නව තත්ත්වය සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගම පවසා ඇත්තේ, මීට සති කිහිපයකට පෙර තම පද්ධති කිහිපයක සිදුවූ සයිබර් ආරක්ෂණ දෝෂයක් හඳුනාගත් බවය. වහාම ක්‍රියාත්මක වන පරිදි තම ආරක්ෂක පියවරයන් දියත් කළ බැවින්, මෙමගින් සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම් සඳහා කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත් ඒවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් ටාටා සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමඟ ප්‍රහාරකයන් විසින් ටාටා සමාගමෙන් කප්පම් මුදලක් (Ransom Demand) ඉල්ලා ඇති බව වාර්තා වේ.  කප්පම් ඉල්ලීම් පිළිබඳව අදහස් දැක්වීම ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ප්‍රතික්ෂේප කර ඇත.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ලීක් වූ ඇපල් සහ ටෙස්ලා රහස් ලේඛන

ටාටා ඉලෙක්ට්‍රොනික් සමාගම යනු චීනයෙන් බැහැරව ඇපල් සමාගමේ ප්‍රධානතම නිෂ්පාදන හවුල්කරුවාය.   ඉන්දියාව ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි   ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රධානතම කොටසක් වන්නේ මේ ඒ්කාබද්ධ ව්‍යාපාර සැලැස්මය.

ඩාර්ක් වෙබ් අඩවියේ ඇති දත්ත පරීක්ෂා කළ ඉන්දීය සයිබර් ආරක්ෂණ පර්යේෂකයෙකු වන රාජ්ශේකර් රාජහිරියා පවසන්නේ, මෙම ලිපිගොනු අතර ඇපල් සමාගමට අයත් “com.apple.factorydata” ලෙස නම් කළ ෆෝල්ඩර සහ උපාංග පිරිවිතර ලේඛන රැසක් ඇති බවයි. ඊට අමතරව ටාටා සමාගමේ සේවකයන්ගේ ඊමේල් පණිවුඩ, වසර කිහිපයක දත්ත වාර්තා සහ විදේශීය ජාතිකයන් ඇතුළු සේවකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර (Passport) පිටපත් ද මෙලෙස කාන්දු වී ඇත. රොයිටර් පුවත් සේවය වෙත වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ  දත්ත පද්ධතිය තුළ “Apple” ලෙස සෙවීමේදී ලිපිගොනු 181ක් ද, “Tesla” ලෙස සෙවීමේදී ඔවුන්ගේ නිෂ්පාදන පිරිවිතරයන් ද හමුවන බවයි.

තමිල්නාඩුවේ හොසූර් (Hosur) හි පිහිටි ටාටා සමාගමේ ප්‍රධාන අයිෆෝන් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට අදාළ ලිපිගොනු 33ක් ද මේ අතර වේ. දැනට ඉන්දියාවේ සමස්ත අයිෆෝන් නිෂ්පාදනයෙන් තුනෙන් එකක් පමණ සිදු කරනු ලබන්නේ ටාටා සමාගම මගිනි. ටාටා සමාගම විසින් පසුගිය සතියේදී තම අයිෆෝන් එකලස් කිරීමේ අංශයේ සේවකයන් කිහිපදෙනෙකුට ද මෙම දත්ත සොරකම පිළිබඳව දැනුම් දී ඇත.

මීට අමතරව, ටෙස්ලා සමාගමේ ජනප්‍රිය Model Y රථයේ නවතම සංස්කරණයකට අදාළ “NV36 Chargeport Controller – North America” ලෙස නම් කළ ෆෝල්ඩරයක් මෙන්ම, ඔවුන්ගේ නවතම Model 3 රථය සඳහා වන රහසිගත ව්‍යාපෘතියක් වූ “Highland” ව්‍යාපෘතියේ සැලසුම් ඇතුළත්, “TRADE SECRET” (ව්‍යාපාරික රහස්) ලෙස සලකුණු කළ 2023 වසරේ ලේඛන ද මෙම ප්‍රහාරකයන් විසින් ප්‍රසිද්ධ කර තිබේ. මෙම ලේඛනවල “ඇපල් සහ ටෙස්ලා සමාගම් සතු අතිශය රහසිගත සහ හිමිකාරීත්වයක් සහිත ව්‍යාපාරික තොරතුරු” බවට පැහැදිලි සටහන් යොදා තිබීම විශේෂත්වයකි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සයිබර් සිදුවීම් පිළිබඳ විමර්ශන ඒකකය (CERT-In) මේ පිළිබඳව මෙතෙක් නිල අදහස් දැක්වීමක් කර නොමැති අතර, මෙම සිදුවීම හරහා ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ව්‍යාපාරික ජාලයන් සයිබර් ප්‍රහාර හමුවේ කෙතරම් අවදානමකට ලක්ව ඇතිද යන්න නැවත වරක් තහවුරු වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Next Post

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.