අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන සහ සුඛෝපභෝගී භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත අද (03) වාර්තා කර තිබේ.
ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති භාණ්ඩ අතර ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ, විදුලි උපකරණ කිහිපයක්, සුවඳ විලවුන් සහ ඒ හා සමාන භාණ්ඩ ඇතුළත් බව එම පුවතෙහි සඳහන් වේ.
රට තුළ පහත වැටෙමින් ඇති විදේශ සංචිත ශක්තිමත් කිරීම මෙන්ම දේශීය වෙළෙඳපොළ තුළ දේශීය ව්‍යාපාරිකයින්ට අවස්ථාවක් ලබා දීම පිළිබඳව රජය බරපතල ලෙස සලකා බලමින් සිටින බැවින් මෙම පියවර ගැනීමට අවධානය යොමුවී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
විදේශීය සංචිත ශක්තිමත් වූ පසු මෙම පියවර ලිහිල් කරන බව එහි සඳහන් ය.