මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.
එම්.එච්.එම්. අෂ්රෆ්ගේ 24 වන ගුණ සමරුව නිමිති කර ගනිමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම් හරිස් ගේ සහ මුස්ලිම් ප්‍රජාවගේ ඉල්ලීමට අනුව එම්.එච්.එම්. අෂ්රෆ් ගේ උපන් ගම වන කල්මුණේ ප්‍රදේශයේ මෙම අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක් වෙන් කිරීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා අදාළ ඉදිකිරීම් කඩිනමින්ආරම්භ කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.







