බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්ද එකතු කරගන්න ආගම දේශපාලන වේදිකාවට ගේන්න එපා… ආගම්වලට කරන ඊට වඩා නිගරුවක් නෑ… අනුර දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් ඉල්ලයි!

by editor
සැප්තැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හොඳට හෝ නරකට දේශපාලන වේදිකා මත ආගම් ගැන සාකච්ඡා කිරීම කිසිසේත් නොකළ යුතු බවත්, ආගම්වලට නිසි ගෞරවය ලැබෙන්නේ ආගම් දේශපාලනයට පටලවා නොගන්නා ප්‍රමාණයට බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

එබැවින් තමන් වෙත ආගම් පටලවාගෙන කරන චෝදනාවලට පිළිතුරු දෙනවා මිස කිසිම ආගමක් දේශපාලන වේදිකාව මතට ගෙනැවිත් අනෙකාට පහර දීම සඳහා හෝ ඡන්ද එකතු කරගැනීම සඳහා යොදා නොගන්නා බවත් එය ජාතික ජන බලවේගය සිය භාවිතයෙන් ඔප්පු කර ඇති බවත් අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.

ඊයේ මහනුවර පැවති ජන රැළිය අමතමින් අනුර කුමාර දිසානාය මෙසේ ද පැවසුවේය.

අද දේශපාලන පොරපිටිය වේගයෙන් තීව්‍ර වෙමින් තිබෙනවා. දිනපතා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිර වෙමින් තිබෙනවා. ඊට ප්‍රතිපක්ෂව පාලක කණ්ඩායම් අපිට විරුද්ධව අවලාද, අසත්‍ය තොරතුරු හා විකෘති කරන ලද තොරතුරු වපුරමින් ඉන්නවා. ඉන් කියවෙන්නේ සජිත්ගේ කඳවුර, රනිල්ගේ කඳවුර විශාල ලෙස කලබලයට පත්වී ඇති බවයි. වියවුලට පත්වී තිබෙනවා. ඔවුන්ගේ එකම මෙවලම බවට පත්වී තිබෙන්නේ අසත්‍ය තොරතුරු නැවත නැවත කියන එකයි.

දැන් නැවත බුදු දහම පිළිබඳව කතාවක් ඇදලා අරගෙන අවලාද නගමින් ඉන්නවා. අපි ඉතා පැහැදිලිවම බුදු දහම මේ දක්වා ඉෂ්ට කරන ලද කාර්යභාරය පිළිබඳවත්, අපේ ශිෂ්ටාචාරය ගොඩනැගීමේදී එය මූලික පදනම දැමූ බවත් ඉතා නිරවුල්ව හා පැහැදිලිව විශ්වාසය කරන ව්‍යාපාරයක්. නමුත් අද මොකද අපේ විරුද්ධ පාර්ශ්ව කරන්නේ. හාමුදුරුවන් වහන්සේලා කණ්ඩායමක් එකතුකරගෙන අපිට විරුද්ධව අසත්‍ය තොරතුරු සහ අවලාද පතුරු වන්නට පටන්ගෙන තිබෙනවා.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මම හිතන්නේ හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ ආගම් පිළිබඳව සාකච්ඡාවට ගත යුතු නැහැ. නමුත් මේ පාලක කණ්ඩායම්වල ප්‍රයත්නය වී තිබෙන්නේ නැවත නැවත වේදිකාවට ආගම් පිළිබඳ ප්‍රශ්නය ඇදගෙන එන එක. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක් අපි බුදුදහම හෝ ක්‍රිස්තියානි දහම හෝ ඉස්ලාම් දහම හෝ හින්දු දහම හෝ මේ කිසිවක් අපේ වේදිකාවේ ඡන්ද එකතු කර ගැනීම සඳහා හෝ අනෙකාට විවේචන එල්ල කිරීම සඳහා හෝ කතාබහට ලක් කරන්නේ නැහැ. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ ඒවා දේශපාලන වේදිකාවට නොගෙන ඉන්න ප්‍රමාණයටයි; දේශපාලනය හා පටලවා නොගන්නා ප්‍රමාණයටයි. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ දේශපාලන වේදිකාවේ එය සටන් පාඨයක් ලෙස අලෙවි නොකරන තාක්කල්. නමුත් අද බෞද්ධාගමටත් සෙසු ආගම්වලටත් කරන්න පුළුවන් නිගරුව තමයි දේශපාලන වේදිකාවල නැවත පටන් අරන් තිබෙන මේ දහම පිළිබඳ කතිකාව. අපි භාවිතයෙනුත්, අධ්‍යයනයෙනුත් ආගම් පිළිබඳව අපේ ස්ථාවරයන් අපි ඉතා හොඳින් පැහැදිලි කර තිබෙනවා.

තිස්ස අත්තනායක කිවුවා අපි නුවර පෙරහැර නතර කරනවා කියලා. මතක තබා ගන්න තිස්ස අත්තනායක 2015දී කූට ලේඛන හදලා, මාස හත අටක් හිරේ ලැග්ග කෙනෙක්. අනිවාර්යයෙන් අපි දානවා නඩු. ඔයා අධිකරණයේදී හමුවෙන්න ඕනෑ. ඒ වගේ දේවල් දේශපාලන වේදිකාවට ගේන එක වැරදියි. ඒ වගේම චරිත හේරත් කුරුණෑගලදී කිවුවා අපි ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවා කියලා. මොකක්ද මේ කරමින් ඉන්නේ. කිසිදු දේශපාලන විවේචනයක් තර්කානුකූලව ගේන්න නොමැති වූ විට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට තිබෙන එකම දේ තමයි අවලාද, අසත්‍ය තොරතුරු පතුරුවාලීම.

දැන් ගෙනැවිත් තිබෙන අලුත්ම සාකච්ඡාව මොකක්ද? ඡන්ද ව්‍යාපරය පටන් ගන්න කොට ඒ ගොල්ලෝ අපි ගැන කිවුවේ අපිට තියෙන්නේ 3%යි. කතාව පටන් ගත්තේ එතැනින්. කොහොමද 3%, 50% වෙන්නේ කියලා. ඒක මහා හාස්කමක්නෙ. වෙන්න බැරි වැඩක්නේ කියලා. දැන් ඒ ගොල්ලෝ දන්නවා හාස්කම වෙලා ඉවරයි කියලා. දැන් කියනවා දිනුවොත් මෙහෙම වෙයි කියලා. තව අය කියනවා දිනුවොත් මාස 06ක්වත් ඉන්නේ නැති වෙයි කියලා. ඒ ගොල්ලන්ට 21 වැනිදා වෙනකල් දිනුවොත් කිය කියා ඉන්න පුළුවන්. 22න් පස්සේ අපි දිනුවා. එච්චරයි.

දැන් ඊළඟට සමාජ ඇතුලේ බියක් හදන්න උත්සාහ ගන්නවා. අපි දිනුවහම 22දා කලබල ඇතිවෙයිලු. ගැටුම් ඇතිවෙයිලු. අපි එහෙම කුමන්ත්‍රණයක ඉන්නවාලු.

නැහැ. අපේ රටේ දේශපාලනයේ වෙනසක් ඕනෑ. හැමදේකම වෙනස්කමක් අවශ්‍යයි. අපේ රටේ මෙතෙක් කල් දේශපාලනයේ තිබුණේ මොකක්ද? ජයග්‍රහණය කළාම පරාජිතයට පහර දෙනවා. පරාජිතයාට වෙඩි තියනවා. පරාජිතයව හිංසාවලට ලක්කරන ඉතිහාසයක්. ඒක ඇති තරම අපි අත්විඳ තිබෙනවා. අපේ රටට වෙනස් වෙන්න ඕන කියන්නේ මොනවාද? මේ දේවල්වල ඉඳන් වෙනසක් වෙන්න ඕනෑ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන්නම් අනෙකාට රිදවන්නේ නැතිව, ජයග්‍රහණය සමරන්නෙ කොහොමද, කියලා. ඔබට කුඩා හෝ ප්‍රමාණයකින් බියක් සැකක් ඇතිවී තිබෙනවා නම්, අපි සහතිකයක් දෙනවා. ඔබට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, අපිට ඡන්ද නොදුන් අයට පවා නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. හැමදෙනාම අපි ආරක්ෂා කරනවා, අපි ආරම්භයේදීම අලුත් දේශපාලන සංස්කෘතියක් මේරට තුළ නිර්මාණය කරනවා. ඉන්පසු පියවරෙන් පියවර මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට අපි අවතීර්ණ වෙනවා.

මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තිබුණේ ජනාධිපති ධුරය වෙනස් කිරීම පමණක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව පිරිසිදු තැනක් කරන්න ඕනෑ කියලා, ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටියා. ජනතාවට දීපු බෙහෙත්වලින් හොරා කාපු අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. හිරකරුවන්ට වෙඩි තබන්න උත්සාහ දරපු රත්වත්තෙලා වගේ අය මේකෙ ඉන්නවා. මිරිස් කුඩු ගෙනාපු අය ඉන්නවා. පිහි ගෙනාපු අය ඉන්නවා. පාර්ලිමේන්තුවේ මැද, පුටුවලින් සටන් කරලා ගහගත්ත අය ඉන්නවා. මහින්දානන්දලා වගේ වංචනිකයන්, දූෂිතයන් ඉන්නවා. රෝහිතලා වගේ කප්පම්කරුවෝ ඉන්නවා. ප්‍රසන්නලා වගේ කප්පම්කරුවෝ ඉන්නවා. ඒ නිසා මේ රට ගොඩනගන්න,මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕනෑ. ජනාධිපතිවරණය දිනුව ගමන් අපිට ඒක තාවකාලිකව කරන්න පුළුවන්. මහා මැතිවරණය දිනවලා ඒක සම්පූර්ණයෙන් කරන්න ඔයගොල්ලෝ අපිට සහාය දෙන්න.

ආදර්ශමත් දේශපාලන භාවිතයක් අපේ රටේ ජනතාවට අවශ්‍යයි. දැනට තිබෙනවා වගේ කැත, පිළිකුල් සහගත දේශපාලනය මේ රටෙන් තුරන්කර දැමීම ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා. ආර්ථිකය පියවරෙන් පියවර වර්ධනය කරන්න ඕනෑ. සෑම දෙනාම නීතිය ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙන්න ඕනෑ. හැමදෙනාම නීතිය ඉදිරියේ සමාන වන රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අපි හදනවා. ඒ වගේම අපිට අහිමි වී තිබෙන ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා අපි ගොඩනඟා ගන්න ඕනෑ. අපිට අවස්ථා ගණනාවකදීම චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මුණගැසීමේ අවස්ථා ලැබුණා. අපි ඔවුන් සමග, අපේ විදෙස් ප්‍රතිපත්තිය ගැන, විදෙස් සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව, ක්‍රියාත්මක කරන ආකාරය දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ලෝකයේ හුදකලා වුණු රාජ්‍යයක් ලෙස අපිට ඉදිරියට යන්න බැහැ.

පැවති හැම ආණ්ඩුවකටම වඩා ලෝකයේ පිළිගැනීමට ලක්වෙන, කීර්තිමත් ආණ්ඩුවක් අපි මේ රට තුළ ගොඩනගනවා. නව ශ්‍රී ලංකාවක් අපි ලෝකය ඉදිරියේ ගොඩනගනවා. අපේ පාසල් දරුවන් සඳහා නිල ඇඳුම්වලට අවශ්‍ය රෙදි ගෙන්වන්නේත් විදෙස්වලින්. ඒකෙනුත් කොමිස් ගහනවා. ඉතිං රටක් බාල්දු නොවී තියේවිද? පොල්තෙල් ගෙන්වන්නේත් පිටරටින්. කොළඹ වරායේ පොල්තෙල් ගබඩාකරන ටැංකි පවා හදලා තිබෙනවා. මේ රටේ බීසීසී වගේ සමාගම් පොල්තෙල් නිෂ්පාදනය කරලා පිටරටත් පැටෙව්වා. එදා පොල්තෙල් පිටරට යවන්න පාවිච්චි කරපු ටැංකිවල අද පිටරටින් පොල්තෙල් ගෙනැත් ගබඩා කරනවා. පොල්තෙල් ගේන තරමට මේ රටේ ජාවාරම්කාර දේශපාලුවන්ට ලාබයි. බද්ද පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා පොල්තෙල්වලිනුත් කොමිස් ගහනවා. මෙහෙ හැදුවොත් ජනතාවට හොඳයි. රටට හොඳයි. හැබැයි ඇමතියට පාඩුයි. පාසල් නිල ඇඳුම් මෙහෙ නිෂ්පාදනය කළොත් ඇමතිට පාඩුයි. චීනයෙන් ගේන කොට ඇමතිට ලාභයි.

ටයිල් ගේන එක නතර කළහම මම දන්න ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 1000ක් යොදවලා ටයිල් කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා. සමහර දේශීය කර්මාන්ත ශාලා කෝටි සිය ගණන් වියදම් කරලා අලුත් වැඩියා කළා. අලුතින් නිෂ්පාදනය පටන් ගන්න. ඊට පස්සේ සීමාවකින් තොරව නැවත පිටරටින් ටයිල් ගේනන පටන් ගත්තා. අර කර්මාන්ත ශාලා වැහුණා. දේශීය කර්මාන්තකරුවෝ ඇදගෙන වැටුණා. ඇමතිලාට ඕන ‘බයිං ඇන්ඩ් සෙලිං’ ආර්ථිකයක්. එතකොට තමයි කොමිස්වලින් ඒ ගොල්ලන්ගේ මඩි තරවෙන්නේ. නිෂ්පාදනය ඒ අයට වැඩක් නැහැ. අපේ රටේ සමහර තරුණ ව්‍යාපාරිකයෝ අපේ රටට අවශ්‍ය සමහර බෙහෙත් වර්ග, සෞඛ්‍ය මෙවලම් නිෂ්පාදනය කරනවා. ඒවා අප්‍රිකානු රටවලටත් දැනට යවනවා. දැන් මොකද වෙලා තිබෙන්නේ. කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගන්නවා බාල බෙහෙත් රටට ගෙන්වන්න. ඇයි ඇමතිලාට ලාභයි. කෙහෙලිය රඹුක්වැල්ල හිරේ යන්නේ ලාභය නිසා. ලාභ වැඩිවෙලා.

ලෝකයේ දියුණු වුණු හැම රටක්ම එහෙම වුණේ හදන දේවල් ගැන කල්පනා කරලා. අපේ රටේ පාලකයෝ ඒකේ අනෙක් පැත්ත. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ රටේ මහා කර්මාන්ත පුනර්ජීවනයක්, මනා අධ්‍යාපන පිබිදීමක්, මහා ගොවිබිම් අස්වැද්දීමක්, නිෂ්පාදන ආර්ථිකයේ දේශපාලන සංස්කෘතියේ, සමාජයේ නව පිබිදීමක්, නවෝදයක් ඇති කරනවා. අන්න ඒ විදිහට තමයි ජාතික ජන බලවේගයේ පාලනයක් මේ රට ගොඩනගන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට එන්න අපට ඇති විභවය අයි.සී.සී.ය තක්සේරු කරයි….

Next Post

එදිනෙදා ජීවිතයට AI නැතිවම බැරි ඇයි? – ( AI තාක්ෂණය ගැන ලියැවෙන නවතම ලිපි පෙළ -01)

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.