බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දෙට වැය කරන්න ‘නියමිත මුදලක්’ එයි

by Lanka Sara Editor
දෙසැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණයකට අදාළ වියදම් සම්බන්ධව “බලයලත් මුදලක්” තීරණය කිරිම යෝග්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ඊයේ (08) යෝජනා කළේය.

මැතිවරණ වියදම් පාලනය පිළිබඳ සකසා ඇති පනත් කෙටුම්පතට එම තොරතුරු ඇතුළත් කර තිබේ.

දේශපාලන පක්ෂ සහ ඒ ඒ අපේක්ෂකයන්ට මැතිවරණයකදී වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය කවරේද යන්නද යෝජිත බලයලත් මුදල තුළට අන්තර්ගත කෙරේ.

මැතිවරණ කොමිසම විසින්, අදාළ දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා කර එම බලයලත් මුදල තීරණය කෙරෙන බවද හෙතෙම කාරක සභාවේදී කීවේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

එලෙස තීරණය කරන බලයලත් මුදල මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් වේ.

එම බලයලත් මුදල ඉක්මවා වියදම් කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයන්ට එරෙහිව දඬුවම් නියම කළ යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක් වූ කාරක සභාවේ සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ තොරතුරු තාක්ෂණය සමඟ සිදු කෙරෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු නියාමනය සඳහාද නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.

ඊට නෛතික ප්‍රවේශයක් අවශ්‍ය වේ. එය සාධාරණ හා නිදහස් මැතිවරණයකට ප්‍රමුඛ සාධකයක් වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

මැතිවරණ කාල සීමා තුළ දී සිදු කෙරෙන අල්ලස් ලබා දීම් පාලනය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කාරක සභාවේදී පැවසීය.

මැතිවරණ කාල සීමාව තුළදී සිදුවන ආපදා අවස්ථාවලදී පීඩාවට පත් පාර්ශ්වයන්ට සහන ලබාදීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් පැවතිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මෙහිදී කීවේය.

එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, සීමා නිර්ණය කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ආපදා අවස්ථාවලදී මැතිවරණ ප්‍රචාරණයක් සිදු නොවන අයුරින් සහන සැලසීම කිසිඳු ගැටලුවක් නොමැති බවයි.

කොට්ඨාස ක්‍රමයේදී මැතිවරණ වියදම් පාලනය පහසු බව කාරක සභාවේදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී කොට්ඨාසවලින් පත්වන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සියයට 60 ක් විය යුතු බවත්, සමානුපාතිකව තෝරා ගනු ලබන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සියයට 40 ක් විය යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී කීවේය.

මැතිවරණයක් පැවැත්වීමට විශාල කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මැතිවරණ කාල සීමාව අඩු කිරීම ප්‍රායෝගික අවශ්‍යතාවක් බවයි.

එමෙන්ම මීළඟ කාරක සභා රැස්වීම ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙහිදී පැවසුවාය.

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතාද මෙම කාරක සභාවට සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් මිලියන 49.7 ක ගනුදෙනුව බේරගන්න චීන පොහොර සමාගම රටට නඩු දමයි….

Next Post

කොව්ඩ් යළි හිස එසවුවහොත් වැඩ කරන හැටි සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි…. 

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.