අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේදී, පාර්ලිමේන්තුව තුළ ඡන්දය ලබාදෙන ස්ථානයට ජංගම දුරකථනය රැගෙන යාමෙන් හා ඡන්ද භාවිතා කිරීමෙන් පසු ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීමෙන් වලකින ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
ජංගම දුරකථනයක් රැගෙන ගොස් ඡන්ද පත්‍රිකාව ඡායාරූපයට නැගීම ව්‍යවස්ථාවේ 63 වගන්තිය ප්‍රකාරව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද සඳහන් කළ කතානායකවරයා ජංගම දුරකථන වැරදීමකින් හෝ එම ස්ථානයට රැගෙන ගියහොත් බාරදීම සඳහා නිළධාරීන් දෙදෙනෙකු පත් කර ඇති බව ද දැනුම් දුන්නේය.
මීට සුළු මොහොතකට පෙර 8 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු සැසිය ආරම්භ කළ අතර ව්‍යවස්ථාවේ සඳහන් ජනාධිපතිවරයා පත් කර ගැනීමේ අණ පනත්වලට අනුකූලව ඡන්ද විමසීම අවසන් වන තෙක් සංයමයෙන් හැසිරෙන ලෙස ද මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.







