බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඡන්දයක්  නෑ… තියන්න ඡන්දයක් තිබුණෙ නෑ… “ යළිත් කියන්නට සැරසෙන කතාවක්!

by editor
මාර්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මැතිවරණය කල් දැමීමේ සැලසුමක් සම්බන්ධව සැක පහළ වෙමින් ඇත. ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග ද පැවසුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව යම් දෙගිඩියාවක් පවතින බවය.

ව්‍යවස්ථාව අනුව නම් මැතිවරණයක් පැවැත්වීමට කාල වකවානු නිර්ණය වී තඅබේ. එහෙත් මේ වනවිට ජනාධිපතිවරයා, අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉතාම සූක්ෂම ලෙස මැතිවරණය කල් දැමීම සඳහා වු සැලසුමක් දියත් කර ඇති ආකාරය මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

ඡන්දය පිළිබඳ කරුණු 2ක් ඉදිරිපත් වී තිබිණි .  ඒ ජනාධිපතිවරයා විසින්  පළමුව ජනාධිපතිවරණයකට සූදානම් වෙන ලෙස   කළ දැනුම් දීම.

දෙවැන්නෙන්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීමේ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කර තිබිණි.

  • මැතිවරණ ක්‍රමය වෙනස් කිරිමේ තැත

දෙවැන්න මේ වනවිට ක්‍රියාත්මකය. ඒ අනුව  මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුත් සංශෝධනයක් ගෙන ඒමට අදාල නීතියක් කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.  මෙම කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබි ඇත්තේ  අග්‍රමාත්‍යවරයා   පත්කළ කමිටුවක් විසින් ඉදිරිපත්කළ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකයින් වෙත කෙටුම්පත යොමු කිරීමටය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ  ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව දැන් යෝජනා කරන්නේ සමානුපාත සහ කොට්ඨාස ක්‍රමය මිශ්‍ර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ක් තෝරා ගන්නා ඡන්ද ක්‍රමයක් පිළිබඳවය.

අලුත් යෝජනාව අනුව  මන්ත්‍රීවරුන් ගණන වෙනස් වන්නේ  නැත. මන්ත්‍රීවරුන්  160ක් පත් කරගන්නේ ඡන්ද කොට්ඨාසයේ ඡන්ද දායකයින්ගේ ඡන්දයෙනි. ඉතිරි 65 දෙනා  සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් පළාත් හා ජාතික මට්ටමිනි.  විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ දී කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තෝරා ගැනීම සඳහා දැන් පවතින මැතිවරණ ක්‍රමය අවුලෙන් අවුලක් බවත් අපට සුදුසුම ක්‍රමය සෙනෙට් ක්‍රමයක් බවත්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්යයෙන් මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව ඇත. පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යෑමට  අවශ්‍ය නම් දැන් ජනාධිපතිවරයාට ඒ සඳහා බලය තිබේ. ජනාධිපතිවරයාට ඒ සඳහා අවශ්‍යතාවයක් නැතිනම් මන්ත්‍රීවරුන් 113ක් යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවකාශය ද පවතී.

ඒ සියල්ල අතර මැතිවරණයක් මුවවිටේ තබාගෙන  මැතිවරණ ක්‍රමය කඩිමුඩියේ වෙනස් කිරීමට  දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යෑමට රජය සූදානමිනි.  මේ හදිසි ප්‍රයත්නය මේ වනවිට සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ලක් කර ඇත.

  • නිරීක්ෂකයින් කියන කතාව

පැපරල් සංවිධානය පෙන්වා දෙන්නේ මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ  යෝජනා ඡන්දය කල්දමන උපායක් විය හැකි බවය.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  රෝහණ හෙට්ටිආරච්චි ඊයේ ඒ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.  ඔහු මාධ්‍ය ඉදිරියේ කීවේ මෙවැනි කතාවකි.

“අපි දන්නවා පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලා එහි සීමා නිර්ණය සඳහා එකඟතාවයකට එන්න අපට අවුුරුදු දෙක හමාරක වගේ කාලයක් ගත වුනා. මේ වනවිට වසර පහක් පලාත් සභා අතුරුදහන් වෙලා තියනවා මැතිවරණ සංශෝධනය හරහා.

මැතිවරණ ක්‍රමයට අදාල  නීතිය සම්මත වෙනවා. නමුත් සීමා නිර්නය සඳහා දේශපාලන පක්ෂවලට එකඟතාවයකට පැමිණීමට හැකි වුනේ නෑ. එවැනි වපසරියක පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරලා යම් විදිහක නීතිය සම්මත වෙලා සීමා නිර්ණය අවසන් කරගන්නට බැරිවුනොත් අනිවාර්යයෙන් මැතිවරණය කල් යනවා. ස්වභාවිකව පාර්ලිමේන්තු මැතිවරනය කල් යෑමක් මිය යෑමක් ලෙස මේක සිද්ධ වෙන්න පුලුවන්.

මැතිවරණ අධ්‍යයනය ආයතනයේ විධාය අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසන්නේ මැතිවරණයක් මුවවිටේ තබාගෙන අපේ පාලයකන්ට මැතිවරණ  ක්‍රියාවලිය සංශෝධනයට ලක් විය යුතු බව කීම තුළ දැවැන්ත කුමන්ත්‍රණයක් පවතින බවය.

“වර්මාන ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා  කරුණාකර මේ නියමිත ආකාරයට 2024 ජනාධිපතිවරණය සහ 2025 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. කැබිනට්ටුවේ මේ තීරණය පිළිබඳව අප විමතියට පත් වෙනවා. ඊට හේතුව තමයි විධායක ජනාධිපතිවරයා තමන්ගේ බලය අභ්‍යාස කිරිම සඳහා අතකොලුවක් සේ යොදාගෙන කටයුතු කරමින් සිටින්නේ කැබිනට්ටුව වීම.”

ආණ්ඩුව මැතිවරණය නොතැබීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේය.

“පාර්ලිමේන්තු මැතිවරණවලට අදාල මැතිවරණ ක්‍රමය ව්‍යවස්ථාවෙ ලියලා තියෙන්නෙ. ඒ නිසා ඒක වෙනස් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. ඒක කරන්න යද්දි පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් ගන්න ඕන. ජනමත විචාරණයක් තියන්න ඕන. ඒවා දීර්ඝ කාලින වැඩ.

ඒ විතරක් නෙමෙයි. චන්ද ක්‍රමය වෙනස් කරනවා නම් ඒකට අදාල රෙගුලාසි චන්ද ගණන් කරන ක්‍රම, චන්ද දායකයන් විසිරිලා තියන විදිහ.. ඒවා සියල්ලට අදාල දැවැන්ත වෙනස්කම් කරන්න ඕන. අලුතින් සිමා නිර්ණය කළ යුතුව තියනවා.

මේ ගුණ්ඩුවක් දාලා මැතිවරණ නොතියා ඉන්න ද හදන්නෙ. මේ කැබිනට් තිරණයේ අවසන් අරමුණ අපි හිතන්නේ මැතිවරණ නොපැවැත්වීමකට මේ යන්න හදන්නේ. ආණ්ඩුව කුමන්ත්‍රණයක නියැලිලා ඉන්නවා. මැතිවරණ නොපවත්වා කල් දැමිමේ කුමන්ත්‍රණයක්. “

අප ලබා ඇති අත්දැකීම් අනුව නම් මෙය සිදුවිය හැකි දෙයකි. මෙතෙක් ඉතිහාසයේ සිදුනොවුන බල හුවමාරුවක් සඳහා සමාජ මනෝ භාවය හැඩ ගැසෙමින් ඇති ආකාරය පෙනේ.  එම වෙනසට ඉඩ නොදීම සඳහා කරන කෙටි කාලීන මැඩපැවැත්වීම් දැවැන්ත ව්‍යසනයක් නිර්මාණය කරනු ඇති බව ද ඉතිහාසය අපට කියා දී තිබෙන බව සිහි කළ යුතුය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාසා තීරයේ ජනතාව සාගින්නෙන් මියයන්න ආසන්නයි!

Next Post

ඉන්දීය ධීවර කොල්ලකරුවන්ට එරෙහිව උතුරේ ධීවරයෝ නිරාහාර උපවාසයක් අරඹති… 

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.