දිනසේන රතුගමගේ –
යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයේ සමූහ මිනී වලෙන් ඊයේ ( 7 ) සවස් වන විට මිනිස් ඇට සැකිලි 19 ක් සොයා ගෙන තිබේ.

එම මිනිස් ඇට සැකිලි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සකස් කෙරෙන තුරු සමූහ මිනී වලේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර යළිත් මේ මස 26 වෙනිදා සිට කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මුලින්ම චෙම්මනි ප්‍රදේශයේදී සමූහමිනී වළක් 1996 වසරේදී සොයා ගත් අතර එහි කැණීම් කටයුවලදී මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලද අතර එම සමූහ මිනී වළ සම්බන්ධයෙන් නඩුවක්ද ගොණු වී තිබුණි.
පසුව යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදුකළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් 2025 පෙබරවාරි මස 20 වන දා හමුවී තිබිණි.
පසුව එම ස්ථානයේ කැණීම් කටයුතු අධිකරණ නියෝග මත ආරම්භ වූ අතර මිනිස් ඇට සැකිලි 19 ක් හමු වී ඇත්තේ එම කැණීම් වලදීය.







