දිනසේන රතුගමගේ –
යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සමූහ මිනී වළේ කැණීම් කටයුතු වලින් 26 දා මිනිස් අස්ථි කොටස් 11 ක් හමු වීමත් සමගම එම සමුහ මිනී වළෙන් හමු වූ මිනිස් ඇටසැකිළි සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර 26 දා එම සමූහ මිනී වලෙන් මිනී පෙට්ටියක්ද හමු වී ඇත.
මේ ස්ථානය සුසාන භූමිය නිසා එම සුසාන භූමි සීමාවෙන් ඔබ්බෙහි වළ දමන ලද මෘත දේහයක මිනී පෙට්ටියක් විය හැකි බවට කැණීම් නිලධාරීන් විශ්වාසය පළ කොට සිටියි.
අධිකරණ නියෝගයක් මත හා කැණීම් කටයුතු පහසු වීම පිණිස මේ වන විට චෙම්මනි සමූහ මිනීවළ අංක 1 හා 2 වශයෙන් කොටස් දෙකකට බෙදා තිබේ.
යාපනය මහෙස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජාගේ අධීක්ෂණය මත චෙම්මනි සමූහ මිනී වලේ කැණීම් කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතී.







