බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චූටි මල්ලි සහ දෙවිඳු යාත්‍රාවලින් රට තුළට ගේන්න ගිය කෝටි 450ක මත්ද්‍රව්‍ය තොගයේ කතාව…

by editor
ජනවාරි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු මුහුදේ දී අත් අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙ පැමිණි ධීවර යාත්‍රා දෙකෙහි තිබී   වීදි වටිනාකම රුපියල් කෝටි 450කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 296කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

මුලින්ම වාර්තා වී තිබුණේ මෙම යාත්‍රා දෙකේ මත්ද්‍රව්‍ය කිලො ග්‍රෑම් 270ක් ප්‍රවාහනය කරන බවය.  මෙම මත්ද්‍රව්‍ය තොගය  සහිත දෙවිඳු සහ චූටි මල්ලී නැමැති බහුදින ධිවර යාත්‍රා දෙක සම්බන්ධව පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත නාවික හමුදාව විසින් මෙහෙයුම දියත් කරන්නේ පසුගිය 23 දා ය.

දෙවිඳු ධීවර යාත්‍රාවේ සැකකරුවන් 05 දෙනෙක් සහ චූටි මල්ලී ධීවර යාත්‍රාවේ සැකකරුවන් 06 දෙනෙක් දකුණු මුහුදේ ජාත්‍යාන්තර මුහුදු සීමාවට ආසන්නයේ දී  නාවික හමුදා අත් අඩංගුවට පත් වූයේය. මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව නිශ්චය කරගැනීමෙන් අනතුරුව සැකකරුවන් සහ යාත්‍රා දෙක අද (25) පෙරවරුවේ දික්ඕවිට වරායට රැගෙන විත් තිබිණි.

වරායට රැගෙන පැමිණි පසු සිදුකළ නිශ්චිත විමර්ශනයේ දී     එම යාත්‍රාවල හෙරොයින් කිලෝ ග්‍රෑම් 184ක් සහ අයිස් කිලෝ ග්‍රෑම් 112කට අධික ප්‍රමාණයක් පැවති බව තහවුරු විය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත් අඩංගුවට පත් වූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 11 දෙනා කොළඹ අලුත්කඩේ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඒ සමගම  මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ප්‍රධාන ජාවාරම්කරු පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ලබා ගැනීමට නියමිත දින 07ක රැඳවුම් නියෝග යටතේ සැකකරුවන් ප්‍රශ්න කිරීමෙන් පසු, මෙම ජාලයට මුදල් ආයෝජනය කළ සහ මෙරට බෙදාහැරීම් භාරව සිටින “ප්‍රධාන ජාවාරම්කරුගේ” නිශ්චිත අනන්‍යතාවය හෙළිදරව් කර ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

පොලිස් බුද්ධි අංශ පවසන පරිදි මෙම ජාවාරමේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් කිහිපයක් දැනටමත් ලැබී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැටලීම් සිදු කිරීමට නියමිතය.

මෑතකදී අත්අඩංගුවට ගත් බොහෝ මත්ද්‍රව්‍ය තොග ඉරාන හෝ පකිස්ථාන මුහුදු සීමාව හරහා ජාත්‍යන්තර මුහුදේදී හුවමාරු වී මෙරටට පැමිණෙන බව නාවික හමුදා දත්ත පෙන්වා දෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් චන්ද්‍රිකා දුරකථන සහ GPS තාක්ෂණය භාවිත කරමින් මුහුද මැදදී මෙම හුවමාරු සිදුකරන බැවින්, නාවික හමුදාව සිය නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇත.

සාමාන්‍ය ධීවර කටයුතු මුවාවෙන් සිදුවන මෙම ජාවාරම් හේතුවෙන් අවංකව රැකියාවේ නියුතු ධීවරයන් ද දැඩි පරීක්ෂාවන්ට ලක්වීමේ ප්‍රවණතාවක් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු පළාත්සභා පාසල්වල වසර හතකට වැඩිකාලයක් සේවයේ නියුතුව සිටි විදුහල්පතිවරුන්ට ස්ථාන මාරු…

Next Post

හෙට සිට රජයේ වෛද්‍යවරුන් යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක: ආකාර පහකින් විරෝධය දැක්වීමට තීරණය කෙරේ

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.