චීවරධාරියෙක් සමග අනියම් ඇසුරක් පවත්වන කාන්තාවක් සිය බාල වයස්කාර 11 හැවිරිදි දියණිය සමග චීවර ධාරියා සමග ගල්කිස්සේ හෝටලයක ගතකරමින් මත්පැන් පානය කරන අතරතුර සිය 11 හැවිරිදි දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමට එම චීවරධාරියාට ඉඩ දීමේ චෝදනාව මත එම මව සහ චීවරධාරියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
චෝදනා ලද චීවරධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ඊයේ (16) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ මොරටුවේ එගොඩඋයන ප්‍රදේශයේ පන්සලක සිටි ඥානවිමරල නැමැති චීවරධාරියෙකි.
පොලිසිය පැවසුවේ අපයෝජනයට ලක් කළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති බවය.
එගොඩඋයන පොලිස් වසමේ පදිංචි මෙම බාලවයස්කාර දැරිය පෙරේදා (15) රාත්‍රියේ ගල්කිස්ස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයට පැමිණ මෙම අපයෝජන සිද්ධිය ගැන කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කලක් තිස්සේ ප්රදේශයමේ පන්සලක චීවරධාරියෙක් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත.
මීට සති තුනකට පෙර ඉහත කාන්තාව අනියම් සම්බන්ධතාවය පවත්වන චීවරධාරියා සමග ගල්කිස්ස හෝටලයකට ගොස් ඇත්තේ ඇයගේ 11 හැවිරිදි දියණියත් සමග බව කියැවේ.
මව චීවරධාරියා සමග මත් පැන් පානය කළ බවත්, ඇය වෙරි මතින් පසුවද්දී චීවරධාරියා තමන්ට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බවත් දැරිය ප්‍රකාශ කර ඇත.
දැරිය ඇයට සිදුවූ කරදරය සම්බන්ධව මවට කීව ද ඇය එය නොසලකා හැර සිටි බවට දැරියගේ ප්‍රකාශයෙන් හෙළිවන්නේ යැයි විමර්ශන අංශ පවසයි.
එයින් පෙනී යන්නේ දැරියගේ මව දැනුම්වත්ව දැරිය හිමිනම වෙත ලබා දී ඇති බව යැයි පොලිස් විමර්ශන අංශවලට පෙනී ගොස් තිබේ.
දැරිය පියාට මේ ගැන දැනුම් දී ඇත්තේ ඉන් අනතුරුව බවත්, පියා ඇය සමග පැමණ පැමිණිල්ල යොමු කර ඇත්තේ ඉන් පසුව බවත් පොලිසිය කියයි.
දැරිය පොලිසියට ලබා දුන් ප්‍රකාශය අනුව ඇයගේ මවත් සැක පිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය විමර්ශන පවත්වයි
ලංකාදීප –