බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන සයිනොෆාම් එන්නතට සිදුවූයේ කුමක් ද?

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු හෙළි කරන “සයිනොපාම් කුපාඩිකමේ“ මුල මැද අග  

by editor
මැයි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එන්නත් හිඟයකින් පෙනෙන අප රටේ, Sinopharm එන්නත මේ අවස්ථාවේ ලබාදීමට විවිධ බලපෑම් කරමින් අවහිර කරන්නේ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වන මා බව වෙබ් අඩවි දෙකක ඊයේ සහ පෙරේදා සඳහන් කළ තිබුණි. lankacnews නැමැති මුල් වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ මේ පිළිබඳව සටහනක් ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය සිසිර සිරිබද්ධන   ඔහුගේ මුහුණ පොතේ දමා ඇති බවයි. මෙම සාවද්‍ය, නොමඟ යවනසුළු පුවත්වලට පිළිතුරු වශයෙන් කරුණු පැහැදිලි කිරීමට මේ ලිපිය ලියමි.

එන්නතක් ලියාපදිංචි කරන ක්‍රමවේදය –

එන්නත් ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලීමක් ලැබුණ විට අනුගමනය කළ ක්‍රමවේදය වූයේ විද්වත් උපදේශක මණ්ඩලයක් හරහා එන්නතට අදාළ ඉදිරිපත් කර ඇති තොරතුරු සොයා බලා එම විද්වත් මණ්ඩලයේ නිර්දේශයට අනුව අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමයි. (බෝවන රෝග පිළිබඳව අපගේ දැනුම අනුව මාත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත් 2017 සිටම මෙම උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළෙමු.)

මේ සඳහා වූ ස්වාධීන උපදේශක මණ්ඩලය  මෙහිදී කරන්නේ ඒ එන්නතේ අතුරු ආබාධ සහ ප්‍රයෝජන ගැන, (risk-benefit) තුළනාත්මකව කරුණු පරික්ෂා කරයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ සඳහා සෑමවිටම අත්‍යඅවශ්‍ය අංගයක් වන්නේ තුන්වැනි අදියරේ සායනික පරීක්ෂණවල සියලු දත්තයි. එවැනි දත්ත නොමැතිව එන්නතක් අනුමත කරනවා නම් එය අනුමත කළ හැකි අනිකුත් ක්‍රමයක් ඇත. ඒ  ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එම සංවිධානය විසින් “දැඩි නියාමන අධිකාරියක්” ලෙස නම් කරන ලද රටක අනුමත වී තිබීමයි.

දැනට අනුමත එන්නත් –

දැනට කොරොනා සඳහා ලංකාවේ අනුමත කර ඇත්තේ Covishield සහ sputnik නැමති එන්නත් දෙක පමණි. මෙම එන්නත් දෙකම සඳහා තුන්වැනි අදියරේ සියලුම දත්ත එන්නත් නිපදවන්නන් විසින් ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව Covishield එන්නත සඳහා දැඩි නියාමන අධිකාරියක් සේ සලකන ‍බ්‍රිතාන්‍යය විසින් astra zeneca එන්නතට දී තිබූ අනුමැතියද ඉවහල් විය. අනුමත කරන ලද දෙවැනි එන්නතවන ස්පුට්නික් එන්නත තුන්වැනි අදියරේ සියලු දත්ත අපට ලබා දීමට කටයුතු කළේය. ඊට අමතරව එම දත්ත  පිළිගත් වෛද්‍ය සඟරාවක පළ කර තිබිණි. කරුණු තවත් පැහැදිලි කර ගැනීම අවශ්‍ය  අවස්ථාවලදී දෙවතාවක්ම zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී ගැටලු සියල්ලට පිළිතුරු ලබාදීමට රුසියානු sputnik එන්නත් නිශ්පාදකයෝ කටයුතු කළහ. *අප මෙම එන්නත් දෙකම අනුමත කලේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමට කලිනි. ඒ මේ රටේ එන්නත් කරන වැඩසටහනට උදව් කරන්නට තිබුණු උනන්දුව නිසාය.

සයිනොපාම් කොවිඩ් එන්නත

චීන Sinopharm එන්නත්කරුවන්ගේ සැක සහිත හැසිරීම

ඉල්ලුම්පත්‍රයක් ලැබුණු විට Sinopharm එන්නත, අනුමත කිරීමට අපි උත්සාහ ගත්තේ පෙබරවාරි මාසයේ ස්පුට්නික් එන්නතටත් කලිනි. එන්නත ගැන සමාලෝචනය කිරීම සඳහා රටක් ලෙස  නැවත නැවත ඉල්ලා සිටියත් තුන් වෙනි අදියරයේ දත්ත සියල්ල ඔවුන් අපට ලබා දුන්නේ නැත. මතු වූ ගැටලු  සාකච්ඡා කිරීම සඳහා  online zoom රැස්වීමකට ආරාධනා කළ ද ඔවුන් පැමිණියේ නැත. එම දත්ත ඉල්ලූ විට ඔවුන් එය බැහැර කර අපට   කියා සිටියේ මෙම එන්නත රටවල් ගණනාවක් පාවිච්චි කරන බව පමණි.

Sinopharm එන්නත    පාවිච්චි කරන සියලුම රටවල් එම එන්නත ප්‍රදානයක් ලෙස ලැබුණු රටවල්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ  අනුමැතිය සඳහා Sinopharm   එන්නත අයදුම් කර තිබුණේ මාස කීපයකට කලින්.  ලෝක සෞඛ්‍ය සංවිධානයය මූලදී  ඊට අනුමැතිය   දෙනවා කිව්වේ මාර්තු මුලය.  පසුව එය අප්‍රේල් අග බව කියැවිනි.  එහෙත් තවමත් Sinopharm සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත.

මේ තත්වය තුළ එන්නතේ වාසි සහ අවාසි ගැන තුළනාත්මකව පරික්ෂා කර රටට වගකියන වාර්තාවක් දීමට අපට නොහැකි විය. එබැවින්  එම දත්ත ලැබෙනතුරු එන්නත අනුමත කිරිම නිර්දේශ කළ නොහැකි බව දන්වා 08 දෙනෙකුගෙන් යුතු ස්වාධීන උපදේශක මණ්ඩලය ඒකමතිකව ඖෂධ අධිකාරියට නිල වාර්තාවක් මගින් දැනුම් දුන්නේය. ඒ මාර්තු මස 17 වන දිනය.

මෙය අවධාරණය කරළ යතුව ඇත. එන්නත   අනුමත නොකළේ  මා පමණක් බව පැවසීම සම්පූර්ණ අසත්‍යයකි. උපදේශක මණ්ඩලයේ මා සමග මහාචාර්ය නීලිකා මලවිගේ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය චන්න රණසිංහ, මහාචාර්ය පත්මේශ්වරන්, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සහ කාන්ති නානායක්කාර යන අය වූහ. මේ ප්‍රකාශයට පත් වූයේ මෙම විද්වත් කමිටුවේ සෑම සමාජිකයෙකුගේම  ඒකමතික තීරණය ය.

විද්වත් උපදේශක මණ්ඩලය කුමන අදහසක් දැරුවත් එම උපදෙස් සලකා බැලීමට හෝ ඉවත දමා එන්නතක් අනුමත කිරීමට පූර්ණ බලතල   ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට තිබේ. මාත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත් ඒ වන විට ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස ද කටයුතු කළෙමු.

ඖෂධ නියාමන අධිකාරියේ සාකච්ඡාව –

මාර්තු මස 19 වැනිදා මහාචාර්ය සිසිර සිරිබද්ධනගේ සභාපතිත්වයෙන් ඖෂධ නියාමන අධිකාරිය රැස්වූ විට Sinopharm එන්නත පිළිබඳ සාකච්ඡාවට ගැනුණි. එහි සාමාජිකයන් 13 දෙනාගෙන්  මා සහ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ,   විද්වත් උපදේශක මණ්ඩලය මගින්  මෙම එන්නත නිර්දේශ කළ නොහැකි බව දන්නවා ඇති අයුරු  පෙන්වා දුන්නෙමු.

අප දෙදෙනා එම එන්නත සඳහා අනුමැතියට එකඟ නොවන්නේ ඒ පදනම මතය. ඒ වනවිට එතැන රැස් වී සිටි ඖෂධ නියාමන අධිකාරියේ 13දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයේ එවකට වැඩබලන සභාපති සිසිර සිරිබද්දන ඇතුළු  06 දෙනෙකුම   ඊට සතියකට පෙර රජය විසින්  අලුතෙන්  පත් කළ අය ය. ඉන් 03 දෙනෙක්  නිල බලයෙන් අධිකාරියේ සමාජිකයන්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසය.

සයිනොපාම් එන්නත ගෙන්වනු ලැබුවේ ලංකාවේ වෙසෙන චීන ජාතිකයන්ට ලබා දීම සඳහාය

මේ අවස්ථාවේ දී ඡන්දයක් ගෙන වැඩිදෙනාගේ කැමැත්ත අනුව එය අනුමත කළ හැකි බව වැඩබලන සභාපති ලෙස එවකට කටයුතු කළ මහාචාර්ය සිරිබද්දනට ඒ අවස්ථාවේ මම පෙන්වා දුන්නෙමි. එහෙත් වැඩබලන සභාපතිවරයා    හැම විටම උත්සාහ කළේ එහි වගකීම ඔහු නොගෙන සියළු දෙනාම කැමති නම් පමණක් එන්නතට අවසර දීමය. ඒ අනුව අවසානයේ එන්නත ලංකාවට ගෙනාවේ ලියාපදිංචියකින් තොරවය. එම එන්නත ලංකාවේ වෙසෙන චීන ජාතිකයන්ට පමණක් ලබා දීමේ තීන්දුව මතය.

Sinopharm  අලුත් උපදේශ මණ්ඩලය

Sinopharm එන්නත අනුමත නොකළ එවකට සිටි උපදේශක මණ්ඩලය   මාර්තු මස 17 වැනිදායින් පසුව එන්නත පිළිබඳ කටයුතුවලට සම්බන්ධකර නොගැනීමට  තීරණය කළ වැඩබලන සභාපතිවරයා ඒ සඳහා  සඳහා අලුතින්,  ඔහු විසින් තෝරාගත් උපදේශක මණ්ඩලයක් පත් කර ගත්තේය.   එම උපදෙස් මණ්ඩලයේ මා සිටියේ නැත.  එහෙත් සභාපතිවරයා විසින් අලුතින් පත් කරගන්නා ලද එම උපදේශක මණ්ඩලය ද Sinopharm එන්නත අනුමත කළේ නැත.

මේ සියල්ල පෙළ ගැසෙද්දී  අප්‍රේල් පලවෙනිදා මා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ද ඉවත් කරනු ලැබුවේය.

මාත් සම්බන්ධව සිටි   එන්නත් පිළිබඳවූ උපදේශක කමිටුව වෙනුවට වෙනත් කමිටුවක් පත් වන්නේ  මාර්තු මස 17 වැනිදා ය. දැන් මාස එක හමරාකට පෙරය. මෙම එන්නතට අනුමැතිය ලබා ගැනීම මේ තරම් අත්‍යවශ්‍ය කාරණාවක් නම්   සභාපතිවරයාගේ ඉල්ලීම මත ඖෂධ නියාමන අධිකාරියේ  අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 13 දෙනාගෙන් 10 දෙනෙකුම  නතු කරවාගෙන  ඊට අනුමැතිය දෙන්නට ලෙහෙසියෙන්ම හැකි වී තිබිණි.  නමුත් ඖෂධ නියාමන අධිකාරිය එය කළේ නැත.

පැහැදිලිව දන්නා කාරණාව නම් මෙම එන්නත අනුමත කරගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒකමතික අනුමැතියක් අවශ්‍ය නොවන බවය. අවශ්‍ය නම්  එය අද වුවත් කළ හැකිව තිබේ. ඇති ගැටලුව අවශ්‍ය නම් Sinopharm එන්නත  එසේ අනුතමතකර නොගෙන  එය මා පිටින් යැවීමට උත්සාහ කිරීමය.  ඒ සම්බන්ධව මට ඇත්තේ අප්‍රසාදයක් හා දැඩි පිළිකුලකි.  මා කිසිදු දේශපාලන පක්ෂයකට විශේෂ පක්ෂපාතී අයෙක් නොවේ.    මා කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට මෙම එන්නතට අනුමැතිය දීමට එරෙහිව බලපෑම් කර නැත. එය අතිශයින්ම අවධාරණය කළ යුතුව තිබේ. මා කිසිම ආකාරයකින් නඩු දමන බවට කිසිදිනක තර්ජනය කර නැත.

චීනය ඉතා හොඳ එන්නත් අතීතයේ නිපදවා තිබේ. දැනට ලංකාවේ භාවිතා වන japanese encephalitis සඳහා භාවිත කරන එන්නත ඊට   උදාහරණයකි. චීනය වෛද්‍ය විද්‍යාවත් තාක්ෂණයත් අතින් ඉතා ඉහළ තැනක සිටී. එවැනි රටක්   හදන එන්නත්වලට විරුද්ධ වීමට  හේතුවක් ද මට නැත. Sinopharm එන්නත පිළිබඳව මා කතා කළේ තර්කානුකූල යථාර්ථයකි.   එසේ තිබිය දී මෙම අවිචාරවත් කතා පළ කරන වෙබ් අඩවි   කටයුතු කර ඇති වගකීම් රහිත පිළිවෙත පිළිබඳ   කණගාටුවෙමි.

ලංකාවේ  පුරවැසියන්ට Sinopharm එන්නත ලබා දෙන්නේ එයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඝලැබුණායින්  පසුව බව ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති   පැවසූ බව ඊයේ (03) ඩේලිමිරර් පත්තරයේ දුටිමි. එය රජයේ සහ මා සමාජිකයෙකු නොවන වත්මන් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රතිපත්තිය බව ද ඒ අනුව පෙන්වා දෙමි.

වෛද්‍ය ලක්කූමාර් ප්‍රනාන්දු

ජේෂ්ඨ ළමා රෝග විශේෂඥ

සභාපති-විශේෂඥ වෛද්‍ය සංගමය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනාරක්ෂිත වගා ළිඳකට වන අලි දෙදෙනෙක් වැටෙයි…

Next Post

ගෙවුණු අලුත් අවුරුදු මාසයේ රිය අනතුරු 1959ක්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.