සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර සමාගම නඩු දැම්මොත් නිලධාරීන් වෙනුවෙන් නොමිලේ පෙනීඉන්න නීතිවේදින් සූදානම්!

by Lanka Sara Editor
නොවැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයෙන් මෙරටට නැව්ගත කරන ලද ව්‍යාධිජනක අඩංගු කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තම සමාගමට සිදු වූ අපකීර්තියට සහ හානියට ඩොලර් මිලියන අටක 8 ක වන්දියක් ඉල්ලා කටුනායක ජාතික පැළෑටි නිරෝධායන සේවයේ අධ්‍යක්ෂවරයා වෙත එවා ඇති එන්තරවාසිය සම්බන්ධයෙන් එම චීන පොහොර සමාගම නඩු මගකට අවතීර්ණ වුවහොත් තම රාජකාරිය නිසි ලෙස ඉටු කළ නිරෝධායන සේවයේ අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන් වෙනුවෙන් තමා අධිකරණයේදී නොමිලේ පෙනීසිටින බවත් ඔවුන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය ලබාදීමට තමන් තීරණය කර ඇති බවත් ජේෂ්ඨ පාරිසරික නීතිවේදි ආචාර ජගත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ලංකාසර වෙත අදහස් දක්වමින් ආචාර්ය ගුණවර්ධන මහතා සඳහන් කළේ රටට ඇතුළු විය හැකි අහිතකර ව්‍යාධිජනක පාලනය කිරීම සම්බන්ධයෙන් මෙරට පවතින නීති රීතිවලට අනුකූලව ක්‍රියාත්මක වන ජාතික පැළෑටි නිරෝධායන සේවය හීන පොහොර තොගය සම්බන්ධයෙන් තම රාජකාරිය නිසි ලෙස නීතියානුකූලව ඉටු කර ඇති බවත් ඔවුන් එම නිලධාරීන් අධෛර්යට පත් කිරීම හෝ බිය වැද්දීමේ අරමුණින් මෙවැනි තර්ජනාත්මක පියවර වලට එම සමාගම එළඹ ඇති බවට තමන් විශ්වාස කරන බවත් ආචාර්ය ගුණවර්ධන මෙහි දී සඳහන් කළේය.

ඔහු තවදුරටත් තවදුරටත් කියා සිටියේ “ශාක නිරෝධායන අංශයේ ක්‍රියාත්මක වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ. ඔවුන් වගකියන්නේ මෙරට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට. එම ආයතනය ශාක ආරක්ෂක පනතට අනුකූලව මේ රටට ඇතුළු විය හැකි යම් ව්‍යාධිජනක සම්බන්ධයෙන් විද්‍යාත්මක හා විධිමත් තාක්ෂණික පසුබිමක් මත පර්යේෂණ කිරීමේ වගකීම ඔවුන් දරනවා. එම වගකීම ඔවුන් ඉටු කරන්නේ ඉතාම විද්‍යානුකූල පදනමක් මත. මෙම පොහොර තොගය සම්බන්ධයෙනුත් ඔවුන් තම නිරීක්ෂණ ඒ ආකාරයෙන් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔවුන් කළ ක්‍රියාව නිවැරදියි. නමුත් මෙම පොහොර නිෂ්පාදන සමාගම උත්සාහ කරන්නේ මෙම නිලධාරීන් යම් ආකාරයකට අධෛර්යට පත් කරමින් ඔවුන් බියවැද්දීමට ලක් කරමින් තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගැනීමට බව අපට හිතන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී රට වෙනුවෙන් තමන්ගේ රාජකාරිය අවංකව සෘජුව ඉටු කළ මෙම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම අපි කාගෙත් වගකීමක්. ඒ අනුවයි මම තීරණය කළේ මෙම නිලධාරීන් වෙනුවෙන්‌ එම අධිකරණ ක්‍රියාමාර්ගයට සහාය දෙන්න.”

තවදුරටත් අදහස් දක්වමින් ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ එවැනි අධිකරණ ක්‍රියා මාර්ගයකට චීන කුවින්ඩාඕ සීවින් බයෝටෙක් කියන සමාගම එළඹිය හොත් ඊට සාර්ථකව මුහුණ දීමට මෙම නිලධාඑරීන්ට හැකිවනු ඇති බව ට ඔහු විශ්වාසය පළ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පස්සරින් හමුවූ හිස්කබල පිරිමියකුගේ!

Next Post

පළාත් පාලන මැතිවරණයේ දී දෙමටගොඩ රුවන් පළාත් සභාවටත්  පුතා නගර සභාවටත්  තරග කරන්න ඉඳලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.