චීන පාතාල කටයුතු මෙහෙයවන්නන් සහ කැසිනෝ හිමිකරුවන් සිය ජාවාරම් තායිලන්ත හා මියන්මාර දේශ සීමා ආසන්නයේ සිය් ජාවාරම් කටයුතු සිදුකරන බවට නවතම වාර්තාවකින් අනාවරණය වේ. වාර්තා වන අන්දමට මෙම තත්ත්වයට හේතුවී ඇත්තෙ චීන විසින් තමන්ට අයත් මැකාවෝ ප්‍රදේශය තුල කැසිනෝ ජාවාරම් සීමා කිරීමයි.
ඊට අමතරව, කොරෝනා වෛරසය හේතුවෙන් පනවා තිබූ සංචරණ සීමාවන්ද චීන කැසිනෝ ජාවාරම් කරුවන්ට දැඩි බලපෑමක්ව පැවතිණි. මෙම තත්ත්වයත් සමඟ කැසිනෝ වැනි සූදූ සඳහා සැහැල්ලු නීතී පවතින චීනයට සමීප භූමි ප්‍රදේශයන් වෙත ජාවාරම් කරුවන්ගේ වැඩි අවදානයක් යොමුවී තිබුණු බවටද අනාවරණය වේ. චීනය විසින් මියන්මාරය සමඟ එක තීරයක් එක් මාවතක් වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කළ ආර්ථික කොරිඩෝවේ ප්‍රයෝජන මෙම ජාවාරම්කරුවන් උපයෝගී කරගෙන ඇති බවට නවතම වාර්තා පෙන්වා දෙයි.
එහිදී මියන්මාරයේ සිලිකොන් වැලී ලෙස හැදින්වෙන ෂ්වේ කොක්කෝ වල ක්‍රියාකාරකම් වල ඉහළ යෑමක්ද පෙන්නුම් කරයි. කෙසේවෙතත් එම ක්‍රියාකාරකම් වල ඉහළයාමට මූලිකම හේතුව වී ඇත්තෙ චීන ජාවාරම්කරුවන් සිය ව්‍යාපාර එහිදි සිදු කිරීමයි. ඒ අනුව ෂ්වේ කොක්කෝ ඉතා අඳුරු සහ අපරාධ වලින් බහුල ප්‍රදේශයක් බවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.







