කීර්ති ප්‍රනාන්දු –
චීන දුම්රිය ඇන්ජින් සවි කළ දුම්රිය ධාවනයෙන් අද (31) සිට ඉවත් වීමට දුම්රිය රියදුරන් කටයතු කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පවසයි.
ධාවනය කළ හැකි ආකාරයට දුම්රිය නඩත්තු නොකිරීම නිසා තමන් මේ තීරණය ගත් බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන මේ පිළිවෙත විශාල ව්‍යසනයක් රටට අත් කරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ සම්බන්ධව දුම්රිය බලධාරීන්ට අවස්ථා ගණනාවක දී කරුණු දැක්වුවත් ඔවුන් ඊට නිසි ප්‍රතිචාරයක් නොදෙන බැවින් තමන් මේ තීන්දුව ගත් බවත් ඊට දුම්රිය නියාමකයන්ගේ ද සහය හිමි වන බවත් ලේකම්වරයා කියයි.